Pages

Monday, September 20, 2021

ලංකාවේ දැනුම බෙදන්නෝ හා දැනුම ලබන්නෝ


 අපි අද දැනුම් ආර්ථිකයක් ගැන කතා කරමු. දැනුමින් පිරිපුන් සමාජයක් බිහිකිරීමට අප සැම එක්විය යුතු යැයි අද ප්‍රවණතාවයක් ද පවති. ඇයි අපි ඉගෙන ගන්නේ? දැනුම යනු කුමක් ද? දැනුමෙන් පරිපූර්ණ විය හැකි ද?

දැනුම යනු සාපේක්ෂ දෙයකි. එය තව කෙනෙක් විසින් තව දෙයක් විසින් හෝ ස්වාභාවික හේතුවක් නිසා නිපදවන හෝ නිපදවනු ලබන දෙයකි. ස්වභාවික සංසිද්ධීන් පිළිබද කරුණු කාරණා දැන ගැනීම දැනුම වැඩි කරන්නෙකි. කෙනෙක් විසින් නිෂ්පාදනය කරන ලද මතයක් හෝ භෞතික වස්තුවක් පිළිබද දැන ගැනීම දැනුම ලබා ගැනීමකි. ශ්‍රී ලංකාවේ පාසැල් අධ්‍යාපන ක්‍රමය තුල ඇත්තේ දැනුම වඩාගැනීමයි.

පාසලේ සාමාන්‍ය පෙළට උගත් දෑ උසස් පෙළින් පසුව අපි හැමෝටම වාගේ අමතක වී යන්නෙමු. සාමාන්‍ය පෙළෙට සිංහල භාශාවේ වාක්‍ය රීති ඇතුළු ව්‍යාකරණ ඉගෙනගත්තත් වාණිජ හෝ විද්‍යා වැනි විෂය ධාරාවන් හදාරන සිසුන්ට ඒවා ඒ කාලයේදීම අමතකය. සමහර අයට ඒවා උසස් පෙළින් පසුව අමක වී යති. එසේ වන්නේ පාසැල්වල පවතින උග්‍ර එහෙත් අපි නොදකින දැක්කත් නොදැක්කා සේ ඉන්න ශාස්ත්‍රීය අර්බුධය හේතු කොට ගෙනය. අධ්‍යාපනය ලැබීම හා දැනුම ලැබීම අතර මහා ලොකු වෙනසක් නැත. අධ්‍යාපනය විධිමත් ආයතන පද්ධියක් තුල පොත්පත් හා ගුරුවරුන් මගින් යම් නීති රීති, රෙගුලාසි හා විෂය නිර්දේශයක් යටතේ ශිෂ්‍යයෙකුගේ වයස් මට්ටම් අනූව වෙනස්වන රටාවකි. දැනුම ලබා ගැනීමට ඊට වඩා පුළුල් දායකත්වයක් ලබා ගත හැකිය.

Monday, September 6, 2021

සංවර්ධිත රටක් වූ ශ්‍රී ලංකාව හා ගොබ්බ ලාංකිකයෝ


ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ කුඩා රාජ්‍යකි. කුඩා වුවත්, අතීතයේ සිට අපේ රට ලෝකයේ නම තැබූ රාජ්‍යයකි. අපේ ඓතිහාසික රජවරු මේ මව් බිම ආර්ථික වශයෙනුත් සමාජීය වශයෙනුත් සමෘද්ධිමත් කළෝ ය. සෑම රජෙක්ම එසේ නොකළත් බහුතරය එසේ ය. එවැනි රාජ්‍යයකට වර්ථමානයේ අත් වී ඇති ඉරණම කුමක්ද යන්න සාමාන්‍යයයෙන් සරලව සිතා තේරුම් ගත හැකි කරුණක් ලෙස මම නොදකිමි. අපේ රටේ ඉතිහාසය ගැනත්, යුරෝපීය අධිරාජ්‍යවාදී පාලන කාලය ගැනත්, මෑත කාලීන දේශපාලන ඉතිහාසය ගැනත්, ලෝක දේශපාලන ඉතිහාසය ගැනත් යම් හෝ අවබෝධයක් ඇත්තෙකුට මේ සිදුවන්නේ කුමක්දැයි නිසි ලෙස වටහා ගැනීමට වැඩි හැකියාවක් ඇතැයි පැවසිය හැකිය.

Monday, August 30, 2021

සිංගප්පූරු ජාතිකයින් මානසික පීඩාවෙන් පෙළෙන්නේ ඇයි?

සිංගප්පූරූව යනු අග්නිදිග ආසියාතික රටකි. මුළු භූමි ප්‍රදේශය වර්ග කි.මී 728.6 කි. ශ්‍රී ලංකාව සිංගප්පූරුව මෙන් 90 ගුණයක් විශාලය. ලක්ෂ 60කට ආසන්න ජන කායක් මේ කුඩා රාජ්‍යෙය් ජීවත් වෙති. දළ ජාතික නිෂ්පාදිතය 2020 වසරේදි ඇමෙරිකන් ඩොලර් බිලියන 379කි. මෙරට එම අගය බිලියන 88කි. ස්වභාවික සම්පත් අවම රාජ්‍යයන් අතරින් ප්‍රදාන තැනක් සිංගප්පූරුවට හිමි වේ. මාළු සම්පත එහි ප්‍රධාන ස්වභාවික සම්පත ලෙස හැදින්වූවාට වරදක් නැත. මේ වෑයම සිංගප්පූරුව හා ලංකාව සසදා සාමාන්‍ය ලිපියක් ලියනාකාරයට සිංගප්පූරුව ගැන ලිවීමට නොවේ. මෙවැනි ආර්ථික වශයෙන් දීප්තිමත්ව බැබලෙන අග්නිදිග ආසියානු ඉතා කුඩා රාජ්‍යක වෙසෙන ජනයා ජීවත් වන්නේ මානසික පීඩාවෙනි. ඒ ඇයි දැයි සොයා බැලූ මට දැන ගන්නට ලැබුණු කරණු මා විසින් මෙසේ පෙළ ගස්වනු ලබන්නෙමි.
 

Tuesday, August 24, 2021

චීනය වූහාන්වල ස්වාධීන පරීක්ෂණයක් සදහා කිසිදු රටකට ඉඩ ලබා නොදෙන්නේ ඇයි?

චීනයේ හුබෙයි පළාතෙන් ව්‍යාප්තිය ඇරඹි කොවිඩ් 19 වසංගතය මේ වන විට වසර දෙකකට ආසන්න කාලයක් පුරා මුළු ලොවම අඩපණ කරමින් සිටි. කොවිඩ්-19 හදුන්වන්නේ SARS-COV-2(severe acute respiratory syndrome coronavirus 2 ) ලෙසයි. මෙහිදි උත්සහා ගන්නේ වෛරසය පිළිබද කාරණා ඉදිරිපත් කිරීම නොවේ. චීනය ඇයි තවමත් වූවාහන්වල වෛරස ව්‍යාප්තිය පිළිබද විවෘත ස්වාධීන පරීක්ෂණයකට අවස්ථාව සලසා නොදෙන්නේ කියායි.

දිගින් දිගටම එක්සත් ජනපදය චීනයට වාග් ප්‍රහාර දියත් කරන්නේ  කොවිඩ් වසංගතය සම්බන්ධයෙනි. එක්සත් ජනපදය ස්වාධීන පරීක්ෂණයකට ඉඩ සලසා දෙන මෙන් ඉල්ලා සිටියත් චීනය එය දැඩිව ප්‍රතික්ෂේප කළේය. ඉදිරයටත් එය එසේම සිදු වේවි. මේ සිද්ධිය ප්‍රවෘතියක් ආකාරයෙන් අසන ඔබට සිතෙන්නේ නිසැකයෙන්ම චීනය හිතා මතාම වසංගතය පතුරුවා හැර ඇති බවත් එය දේශපාලනික උපාය මාර්ගයක් බවත්ය. කෙසේවෙතත් මා මෙහිදි ඉදිරිපත් කරන කරුණු සැලකිල්ලට ගෙන එය ඔබ විසින්ම තීරණය කල යුත්තකි.
 

Tuesday, July 13, 2021

බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය කිරුල සමන්විත වන්නේ මොනවයින්ද? එක්සත් රාජධානිය හා සම්බන්ධ අරුම පුදුම කාරණා (2 කොටස)

මිට කලින් ලියු එක්සත් රාජධානිය ගැන කියැවෙන අපුරු කාරණා 1 කොටස මෙතනින් කියවන්න.

1.රාත්‍රී 9 පසුව තම බිරින්දෑ වරුන්ට පහරදීම 16වන සියවසේදී නීතියෙන් තහනම් කළා.

2.එක්සත් රාජධානියේ මිනිසුන් 'හාදු දිනය' නමින් දිනයක් සෑම අවුරුද්දකම ජුලි 6නිදා සමරනු ලබනවා.මෙය 2000 මුල්  ආරම්භ වූ දිනයක්.එසේම මෙදින සෑම අයෙකුටම නිවාඩු දිනයක්.නිල නොලත් අන්දමින් ජාත්‍යන්තර හාදු දිනයකුත් පසු කාලීනව සමරනවා.


3.  සපත්තු ලේස් ,ෂම්පෙන්ග්,කුඩ ආදිය සොයා ගනු ලැබුවේ එක්සත් රාජධානිය තුලිනි.


4.තමාගේ සුරතලා සමග තමාට රිසි සේ ඇවිදීමට එක්සත් රාජධානිය තුල අවසර නැහැ.එහේත් අත්‍යවශ්‍ය කාරණයක් වෙතොත් විශේෂ සේවා අංශ මගින් අවසර පතක් ලබාගෙන සුරතලා රැගෙන යාමට හැකිය.


6.ස්ථුලභාවය අතින් එක්සත් රාජධානිය සිටින්නේ ප්‍රධාන ස්ථානයකයි.එක්සත් රාජධානියේ සිටින මුළු වැඩිහිටියන්ගෙන් 25%ක්ම තරබාරු අයයි.

7.අතීතයේ සෑම රාජ්‍යකටම පාහේ රජවරුන් සිටියා.ඒ සම රජෙක්ටම ඔටුන්නක් හිමිව තිබුනා.චීන අධිරාජ්යින්ටත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යන්ටත් ඔටුන්නක් හිමිව තිබුනා.ඔබ දන්නවද බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ඔටුන්න,දියමන්ති 2868 කින්ද , මැණික් 5 කින්ද, මුතු 273 කින්ද,නිල් මැණික් 17කින්ද හා මරකත 11කින්ද සමන්විත බව.

8.එක්සත් රාජධානිය හා සම්බන්ධ තවත් සිත්ගන්නා සුළු  කාරණය  වන්නේ එක්සත් රාජධානියේ කිසිදු ස්ථානයක් මුහුදු මට්ටමේ සිට සැතපුම් 75ක් ඉක්මවා නොයන බවයි.

9.එලිසබත් රැජිනට විදේශ ගමන් බලපත්‍රයක් නොමැති අතර ඇය රටවල් 110කට වැඩ සංචාරය කර තිබෙනවා.

10.එක්සත් රාජධානියේ ප්‍රධාන හා ප්‍රියතම බිම තේ.එම නිසා වසරකට තේ කෝප්ප මිලියන 160කට අධික ප්‍රමාණයක් පරිභෝජනයක් සිදුවන බව සදහන්.

11.ලෝකයේ ප්‍රථම වතාවට  නළ දරු උපත් සදහා මිනිසුන් තිදෙනෙකුට එක්සත් රාජධානිය අවසර ලබා දුන්නඒ 1978 අවුරුද්දේ.

12.එක්සත් රාජධානිය තුල ඇමෙරික එක්සත් ජනපදය තුල නිෂ්පාදිත බිත්තර තහනම් වෙනවා.එයට හේතුව ලෙස සදහන් වෙන්නේ ඇමෙරිකානු බිත්තර සෝදන නිසා.අනිත් පැත්තට ඇමෙරික එක්සත් ජනපදය තුල එක්සත් රාජධානියේ බිත්තර තහනම් වෙන්නේ ඒවා සොදන්නේ නැති නිසා.

13.බුරුවන්ට,පොනියන්ට හා අශ්වයින්ට විදේශ ගමන් බලපත්‍රයක් තිබීම අත්‍යවශ්‍ය සාධකයක් බව සදහන්.

14.එංගලන්තය හා පෘතුගාලය අතර වර්ෂ 1386 ඇති කරගත් සමගි සන්ධානය ලෝකයේ මෙතෙක් පවතී සමගි සංවිධානවලින් දීර්ඝතම සන්ධානයයි.තවමත් මෙය ක්‍රියාත්මකයි.

15.හිරු නොබසින අධිරාජ්‍ය ලෙස විරුධ්ධාවලිය ලත්  බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය 19වන සියවසේ මුල් භාගය වන විට පෘතුවි භූමියෙන් 20%ක් තම අනසකට කරගෙන තිබුනා.

16.එක්සත් රාජධානියේ ජාතික ආහාරය ලෙස චිකන් ටික්කා සැලෙකෙන අතර ඉන්දියානු රස වට්ටෝරු මුල් කරගෙන එක්සත් රාජධානියේම වෙනස් කුළුබඩු යොදා සකස් කරයි.

17.එක්සත් රාජධානියේ ඉංග්‍රීසි කතා කරන මිනිසුන්ට වඩා වැඩි ප්‍රමාණයක් නයිජීරියාවේ ජිවත් වෙනවා.

18.යුනෙස්කෝ හෙවත් UNESCO(එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික,විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය ) විසින් එක්සත් රාජධානියේ ලෝක උරුම ප්‍රදේශ 31ක් නම් කර තිබෙනවා.

19.එක්සත් රාජධානියේ සිටින එකම විෂගෝර  සර්පයා වන්නේ Adder නම් සර්පයයි.



Saturday, July 10, 2021

අවුරුදු 15ක දැරියන් දූෂණය වන්නේ කෙසේද?

මේ දිනවල ජන මාධ්‍ය හරහාත් සමාජ මාධ්‍ය හරහාත් වයස අවුරුදු පහළවක (15) දැරියක්  අන්තර්ජාලය ඔස්සේ ගණිකා සේවයේ යෙදවීමේ පුවතක් සම්බන්ධ තොරතුරු අසන්නට ලැබේ. මෙහි පුදුම එළවන සුලු කරුණ වන්නේ එය නොවේ. එම දැරිය එම ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනාවට ඇගේ මවත් අත් අඩංගුවට ගැනීමයි. කෙසේ හෝ වේවා, ශ්‍රී ලංකාවේ ළමා අපයෝජන හා ස්ත්‍රී දූෂණ වාර්ථාවන පළමු සිද්ධිය ද මෙය නොවේ. අවසාන සිද්ධියද මෙය නොවේ. මේ පිළිබදව විමර්ෂනාත්මක විග්‍රහයක් ඉදිරිපත් කිරීම සමාජ සුබසිද්ධිය උදෙසා වැදගත් බව පෙනී ගිය හෙයින් මෙම ලිපිය සකස් කිරීමට සිතුවෙමි. 


 

Thursday, May 21, 2020

ලෝකයේ අඩුම කාලයකින් අවසන් වූ යුද්ධය ගැන ඔබ දැනුවත්ද? එක්සත් රාජධානිය හා සම්බන්ධ අරුම පුදුම කාරණා (1 කොටස)

මේ ලිපිය මගේ ඉංග්‍රීසි බ්ලොග් අඩවියේ මා විසින්ම  පල කරනු ලැබූ  ලිපියක සිංහල පරිවර්තනයයි.


1.එක්සත් රාජධානිය සමන්විත වන්නේ එංගලන්තය,ස්කොට්ලන්තය,වේල්ස් හා උතුරු අයර්ලන්තය යන රටවල් වලින්.

2.කලක් ශ්‍රේෂ්ට  බ්‍රිතාන්‍ය ලෙස හැදින්වුයේ එංගලන්තය, ස්කොට්ලන්තය හා වේල්ස් කියන රටවල් වල එකතුවට.බ්‍රිතාන්‍ය ලෙස හදුන්වන්නේ වේල්ස් හා එංගලන්තයටයි.

Thursday, April 23, 2020

ජපානයේ නිල් චිත්‍රපට හා ලෝකය (PORN INDUSTRY IN JAPAN AND THE WORLD)

කලින් ලියා තිබුණු පොස්ට් එකටම අලුත් දෙයක් එකතු කළා.මේ වීඩියෝ එකත් බලලම  ලිපිය කියවන්න.


ලොව ලාභදායිම කර්මාන්තයක් වන්නේ නිල්  චිත්‍රපට කර්මාන්තය හෙවත් අසභ්‍ය චිත්‍රපට කර්මාන්තයයි.එහෙත් 2013 අවුරුද්දේ ඇමෙරිකා එක්සත් ජනපදය වීසින් ගෙනා  නීතියක් මගින් සෑම නිල් චිත්‍රපට නළුවෙක්ම උපත් පාලන කොපුවක් හෙවත් කොන්ඩමයක් පැළඳීම අනිවාර්ය කරන ලද්දේ ඒඩ්ස් රෝගීන්ගේ ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් ඉහල නැගීම නිසයි. එවැනි නීති මගින් කර්මාන්තය තුල නිෂ්පාදන පිරිවැය ඉහල ගිය අතර තරමක පසු බැසිමකටද ලක් විය. එහෙත් ඒ අතර ජපානයේ මෙම කර්මාන්තය ඉහල ලාභ උපයමින් වර්ෂයකට එක්සත් ජනපදය නිපදවනවා මෙන්  දෙගුණයක චිත්‍රපට නිපදවමින් සිටි.එසේම ඉහල ලාභද නිෂ්පාදක වරුන් උපයයි.ඒ පමණක් නොව එයට රංගනයෙන් දායකවන නළු නිළියන්ට ඉහල ගෙවීමක්ද සිදු කරයි.එසේම ජපන් වැසියෙක් සාමාන්‍ය අගයක් ලෙස ඇමෙරිකන් ඩොලර් 150-200 අතර ප්‍රමාණයක් අසභ්‍ය චිත්‍රපට මිලදී ගැනීම සදහා වර්ෂයකට වැය කරයි.

Tuesday, April 21, 2020

ආසියාව හා අප්‍රිකාව නව වසංගතවලට බිල්ලක්ද?

කොවිඩ් 19 ගෝලීය වසංගතය හමුවේ මුළු ලෝකයේම අවධානය යොමුව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයට හා  චීනය දෙසටයි.ඇමෙරිකාව චීනයට චෝදනා කරමින් කියා සිටින්නේ කොවිඩ් 19 චීනයේ නිෂ්පාදිතයක් බවයි.එහෙත් චීනය එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.කෙසේවෙතත් පසුගිය දශක දෙක පිලිබඳ සොයා බැලීමේදී පෙනී යන්නේ නව වෛරස වසංගත  ආසියාව හා අප්‍රිකාව මුල් කරගෙන හටගෙන ඇති බවයි.මට මෙහි අමුත්තක් දැනුන නිසා සොයා බැලුවෙමි.



1. සාර්ස් වෛරසය - රට චීනය- 2002-2003
2.මර්ස් වෛරසය මද පෙර දිග -2015 වර්තමානය දක්වා 
3.එබෝලා වෛරසය ගුයිනිවා,කොන්ගෝ - 2014-2016
4.කොවිඩ් 19- චීනය - 2019 සිට වර්තමානය දක්වා 
5.ඌරු උණ - මෙක්සිකෝ -2009-2010 (ඇමෙරිකානු කලාපයට අයත් රටකි)

Friday, June 12, 2015

චාවේස් විසින් ලෝක බලවතුන් කෝප ගැන්වූ අවස්ථා කිහිපයක්

හිටපු වෙනිසුඑලානු ජනාධිපති හියුගෝ චාවේස් විවිධ අවස්ථාවන්හී දී සිත් ඇදගන්නා සුළු හා ඉතා දරුණු වචන සිය මුවගින් පිට කර ඇත.ලතින් ඇමෙරිකාව හා එක්සත් ජනපදය අතර වාචික යුද්ධයක් පැවතුණි.එහිදි ඔහු විසින් සිදුකළ කතා කිහිපයක් පහත දැක්වේ.

2005 ජනාධිපති සමුළුවේදී
(google)
අපේ ජනතාව අගාධයෙන් අගාධයට යද්දි  අපි සමුළුනේ සමුළුවට යනවා.

2006 එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතමින්

පළමුවෙන්ම මං ඉතා ෞරයෙන් ආරාධනා කරනවා මේ අේ තියෙන ොත නොකියවපු අයට එය කියවන්න කියලා.ොත ෝකොදම හා රවාන්විත බුද්ධිමතුන් අතර කෙනෙක් වෙන්නාවූ  noem chomsky විසින් මෑතකදී රචිත Hegemony or Survival: America's Quest for Global Dominance   ග්‍රන්ථයයි.මෙය අපට උදව් වෙනවා 20 වැනි සියේ සිදු වූේ කුමක්ද?දැන් සිදුවෙමින් පවතින්ේ කුමක්ද හා ෝකය හරහා පීදෙමින් තිබෙන්නාවූ ඉහලම තර්ජනය ේරුම්ගැනීමට.

Saturday, January 31, 2015

ආසියාවද ? යුරෝපයද ?



වසර බිලියන ගණනකට පෙර විශ්වය බිහි වුණි.එහි සුවිශේෂි ග්‍රහලොවක් තුල ජීවි විශේෂ හට ගැණුනි.ක්‍රම ක්‍රමයෙන් ඒ ජීවී විශේෂ වර්ධනය විය.මේ ලක්ෂ සංඛ්‍යාත වූ විශේෂ අතුරින් එක් වානර කුලයක් ඉතා වේගයෙන් වෙනස් විය.ඔවුහු කෑම සොය සොයා රංචු පිටින් සැරි සැරූහ.දඩයම් කොට අමු අමුවේ ඒවා ආහාරයට ගත්හ.දෙපයින් සිට ගත්හ.ගින්දර සොයාගත්හ.දඩයම් කොට ඒවා පුළුස්සා කෑහ.විලි වසා ගත්හ.ඇදුම් සොයා ගත්හ.මෙයට යුරෝපයෙන් නව නිර්වචනයක් ඉදිරිපත් විය.ඒ මිනිසා ශිෂ්ට සම්පන්න වීමයි.එහෙත් මිනිසාගේ ශිෂ්ට සම්පන්න බව මිනිසාටම පිළිලයක් වී ඇති බව පෙනේ.මානව විකාශනය සම්බන්ධව අපූරු විග්‍රහයක් බටහිරෙන් ඉදිරිපත් වෙයි.

Monday, May 13, 2013

බොලිවේරියානු විප්ලවය 2

          වැනිසියුලාවේ පැවති දේශපාලනය ඒකාධිපති ස්වරූපයක් උසුලයි. එයට හේතුව වන්නේ සෑම
දේශපාලන පක්ෂයකින්ම  බලයට  පත්වන නායකයින් සියලු දෙනාගේම ප්‍රතිපත්ති වල වෙනසක් නොවීමයි.
එවකට එහි ප්‍රධාන පක්ෂ දෙක වූයේ ඇක්සියන් ඩිමොක්ක්‍රටිකා පක්ෂය හා කෝපෙයි යන පක්ෂ දෙකයි.
එකල මුලු වැනිසියුලාවම දූෂණයෙන් පිරී තිබිනි. ඩිමොක්ක්‍රැටිකා පක්ෂයෙන් 1974 දී කාලෝස් ඇන්ඩ්‍රි‍යෙස්
පියරෙස් බලයට පැමිනියේය. ඔහු වැනිසියුලාවේ  තිබූ විදේශ තෙල් සමාගම් ඡනසතු කලේය. එමගින් ලැබූ
ලාබයෙන් රටේ අනෙකුත් සංවර්ධන කටයුතු සිදුකලේය. එම කාලයේ සියළු  වාමාංශිතයන් මෙන්ම ජනතාවගේ ද උපරිම සහාය රජයට ලැබුනි. රට විශාල සංවර්ධන  ඉලක්කයක් කරා ගමන් කලේය. කෙසේ
වුවත් වර්ෂ 1979 දී පවත්වන ලද ජනාධිපති වරණයෙන්  ඔහු පරාජයට පත්විය. එම නිසා  නැවතත් දූෂණය
රජ කරමින් නැවතත් ආර්ථික පරිහානිය කරා ගමන් කරන ලදි.


Saturday, February 2, 2013

සත්‍ය හා මානව සංහතියේ වගකීම

 උසස්පෙළ විභාගයත් ලියලා අහවර වෙලා ප්‍රතිපලත් නිකුත් උනා.එ්ක නිකුවෙන කම් හරියට වැඩක් කරගන්නත් බැරි උනා.හබයට.දැන් ඒකත් හරී.දැන් අේ මාතෘකාවට එමු.

සත්‍ය යනු කුමක්ද? මෙය සරල,අපි එදිනෙදා භාවිතා කරන වචනයක් උනත් බොහෝ ගැටළු ඇති කරවන සුළුය.විවිධ දාර්ශනිකයන් මේ සම්බන්ධයෙන් විවිධ මත පල කරයි.යමෙක් සත්‍ය ලෙස හදුන්වන්නේ කුමක්ද?

Saturday, January 5, 2013

පැනමාවේ ටෝරිජෝස් හා ඉක්වදෝරයේ රෝල්ඩෝස්

ලිවීමට සිතා සිටියේ වැනිසියුලාවේ හියුගෝ චාවේස් ගැන වුවත් හදිස්සියේම මේ ලිපිය ලියන්න හිතුවා.මේ වන විට පිලිකාවකට ගොදුරුව සිටින චාවේස් සැත්කමින් පසුව ස්වසන ආබාධයකට ලක් වී තිබෙනවා.අපි එතුමාට ඉක්මන් සුව පතමු !

පැනමාවේ ඕමාර් ටෝරිජෝස්(ස්පාඤ්ඤය භාශාවෙන් torijos යන්න ශබ්ද කරන්ෝරිලෙසයි.) සහා ඉක්වදෝරයේ ‍ ජෙයිම්  රෝල්ඩෝස් බොහෝවිට එක හා සමාන ප්‍රතිපත්ති අනුගමනය කර ඇත.විශේෂයෙන්ම දුප්පතුන් පිලිබදව,බහු ජාතික සමාගම් පිලිබදව අනුගමනය කල ප්‍රතිපත්ති සමානය.එසේම දෙදෙනාගේම මරණයද එක හා සමානව සිදුවුනි.

Wednesday, October 24, 2012

චාවේස් හා වැනිසියුලානු විප්ලවය-1

චිලි දේශය ගැන ලිවීමෙන් පසු ලතින් ඇමෙරිකානු කලාපයේම තවත් රාජ්‍යක් වන වැනිසියුලාව ගැනත් ලියන්න සිත් විය.වැනිසියුලාව තුල මේ වන විට සිදු වූ හා සිදු වෙමින් පවත්නා විප්ලවීය ක්‍රියාදාමය ගැන දළ අවබෝධයක් ලබා දීම මේ ලිපි පෙලේ අරමුණ වේ.

චාවේස් හමුදා නිළධාරියෙකි.තනතුර ලෙෆ්ටින්ට් කර්නල්වරයෙකි.ඔහු හමුදා ඇකඩමියට ඇතුලත් වන්නේ වයස අවුරුදු 17 දීය.ඒ වන විට ඔහු දේශපාලනය පිලිබද අල්පමාත්‍ර වූ දෙයක් දැන නොසිටියේය.වැනිසියුලාවේ තිබූ හමුදා පාසල වෙනුවට හමුදා විශ්ව විද්‍යාලයක් ඉදි උනේ මේ කාලයේදීය.එහිදි විෂය නිර්දේශයද වෙනස් විය.ඒ අතරට දේශපාලන විද්‍යාවද ඇතුලත්ව තිබුණි.එයට පේම් බැන්ද චාවේස් ලොව පුරා සිටී විප්ලවවාදීන් වූ මාවෝ, ලෙනින්,කාල් මාක්ස් වැන්නවුන්ගේ ලිපි කියෙව්වේය.බොලිවර්,නැපෝලියන්,ක්ලවුස්විට්ස් වැනි අයගේ යුධෝපායන් පිලිබදවද ඇති කෘතිද කියෙව්වේය.

Thursday, October 11, 2012

චිලී දේශයේ කුමණ්ත්‍රණය-3

දෙවන ලිපිය
සැල්වදෝර් ඇලෙන්ඩේ ජනාධිපතිවරයා ජාතිය අමතා කල සිය අවසන් කතාව

"ඔබ ඇමතීමට සිදුවන අවසාන අවස්ථාව නිසැකයෙන්ම මෙය විය හැකියි.පොටාලේ රේඩියෝ  කුළුණටත් රේඩියෝ මධ්‍යස්ථානයටත් ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කරලා.

මගේ වදන් අපැහැදිලි වී ඇත්තේ දුකට නොවෙයි, මා රැවටීමට ලක් කලා යන කලකිරීමෙන්.චිලි රාජ්‍යය රැකගන්නා බව කියමින් ප්‍රතිඥා දී ඒවා පාවාදුන් අයට දෛවෝපගතව දඩුවම් ලැබේවි.ප්‍රධාන අණදෙන නිලධාරි යැයි තමා විසින්ම හදුන්වාගන්නා අද්මිරාල් මරීනෝටත්,චිලි පොලිස් සේවයේ ජනරාල් ලෙස නම් කරනු ලැබූ මෙන්ඩොසාටත්,මේ සියුළු අයටමත් දඩුවම් ලැබේවි.


Friday, October 5, 2012

චිලි දේශයේ කුමණ්ත්‍රණය-2

පළමු ලිපිය


1973 සැප්තැම්බර් 11 දින අයියෙන්ඩේ වෙනදාටත් කලින් තම ආරක්ෂකයින් සමග ලා මොනෙඩා මාලිගයට ගමන් කරමින් සිටි අතර ඒ අතර තුර ද සන්නද්ද හමුදා ඔහුට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම සදහා ඔහුගේ ගමනට බාධා කලහ.මාලිගයට පැමිණි අයියෙන්ඩේ සන්සුන්ව ප්‍රහාර දියත් කිරීම සම්බන්ධයෙන් තම හමුදා නිලිධාරීන්ට අණ දුන්නේය.ඒ වන විට අයියෙන්ඩේගේ දූවරු දෙදෙනෙක්ද මාලිගයේ සිටියාය.වැඩිමල් දියණිය බියට්‍රිස් අයියෙන්ඩේය.අනිත් දියණිය ඉසබෙලා අයියෙන්ඩේය.බියට්‍රිස් අයියෙන්ඩේ ඒ වන විට ගැබිණි කාන්තාවකි.ඇය   චිලි කුමණ්ත්‍රණයෙන් පසුව කියුබාවට පලා ගොස් එහි ජන රැලියකට සහභාගි විය.එහිදි චිලී කුමණ්ත්‍රණ දිනයේ තමන් ලද අත්දැකීම් මෙසේ විස්තර කරයි.(ඇයගේ සම්පූර්ණ කතාවෙන් කපා කොටා සාරාංගත කොට සකසා ඇත.)

Saturday, September 29, 2012

චිලි දේශයේ කුමණ්ත්‍රණය-1

චිලි රටේ සිදුවු හමුදා කුමණ්ත්‍රණය හා ඉන් පසුව සිදු වී ඇති සිද්දි පළිබදවත් මේ ලිපි පෙළ ලියමි.

වර්ෂ 1973 සැප්තැම්බර් 11 වැනිදා චිලී දේශය අදුරු යුගයකට ඇද දැමූ බිහිසුණු කාලපරිච්ජේදයක ආරම්භක දිනය විය.එදින සිදු වූයේ චිලී ජනපති චිලී හමුදාව විසින් බලයෙන් පහ කිරීමයි.මෙයද එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආශිර්වාදයෙන් සිදුවූ බව නම් නිසැකය.ජනාධිපති සැල්වදෝර් අයියන්ඩේ.ඔහු චිලි දේශයේ ජනවරමකින් ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් වූ නායකයෙකි.ඔගොස්ටෝ පිනෝෂේ විසින් අයියන්ඩේ ගේ රජය පෙරළා දමා ඔහු බලයට පත් විය.කුමණ්ත්‍රණයෙන් පසු රට පාලනය කලේ පිනෝෂේ ඇතුලු හමුදා නායකයන් කිහිපදෙනෙකුගේ එකතුවෙනි.

Monday, September 24, 2012

අහමදිනේජාඩ්


මේ වනවිට ලෝකයේ වඩාත්ම අවදානයට යොමු වී ඇත්තේ මැද පෙරදිග යුධ උණුසුමයි.ඉරානය හා සිරියාව මේ තත්වයට හේතු වී ඇත.ඉරානය මැද පෙරදිග වැදගත් රටකි.විශේෂයෙන්ම බොර තෙල් නිෂ්පාදනය අතින් ලෝකයේ සුවිශේෂි තැනක් ඉරානයට හිමි වේ.වර්ථමාන ඉරාන ජනපති වන්නේ මහමුද් අහමදිනේජාඩ් මහතාය.මේ ඔහු ගැනයි.

Wednesday, September 19, 2012

කොන්ෆියුසියානු දර්ශනය


කොන්ෆියුසියානු දර්ශනයට මූලිකම අනුග්‍රහය ලබා දෙන්නේ කොන්ෆියුසියස් නැමැති දාර්ශනිකයෙකි.ඔහු උපන්නේ වීනයේ ලූ ප්‍රාන්තයේයය.උපතින්ම අන්ත දිළින්දෙක් විය.හැදීවැඩී ගෙන ආ කොන්ෆියුසියස් දක්ශ ගුරුවරයෙකි.ආයතන කිහිපයකද ඔහු රාජකාරි කර ඇත.ඔහු පිළිබදව වැඩි දුර තොරතුරු මෙතනින්   

කොන්ෆියුසියානු දාර්ශනික ගුරුකුලය චීනයේ පැරණිම ගුරුකුල අතර ප්‍රධාන වේ.කොන්ෆියුසියානු දර්ශනය ටාඕ වාදය,බුදු දහම,නීතිවාදය,යැලං වාදය ආදි දර්ශනයන්ගේ සංකලනයක් ලෙස බිහිවිය.