
කලින් ලියා තිබුණු පොස්ට් එකටම අලුත් දෙයක් එකතු කළා.මේ වීඩියෝ එකත් බලලම ලිපිය කියවන්න.
ජපන් නිල් චිත්‍රපට කර්මාන්තය මෙතරම් දියුණුවක් ලැබීමට හේතුවක් ලෙස නිල් චිත්‍රපට නළුවෙක් වන මමින් ප්‍රකාශ කරන්නේ ජපානය තුල නවකයින් යොදාගැනීම බහුල වීමයි.එය ඇමෙරිකන් චිත්‍රපටවලට විරුද්ධව යමින් අමුතු රැල්ලක් මැවු බවත් හෙතම ප්‍රකාශ කරයි. ඔහු වැඩි දුරටත් කියා සිටින්නේ ජපානය වඩා යථාර්ථවාදීව හා කතන්දර ස්ව්රුපයෙන් චිත්‍රපට නිපදවීම නිසා බෙහෙවින් ජනප්‍රිය වූ බවයි.අන් රටවල් මෙන් නොව ජපානයේ නිල් චිත්‍රපට තුල නළු නිළියන්ගේ ලින්ගේන්ද්රයන් නොපෙන්ව සිටිය යුතු බවට නීතිද පවතී.
කෙසේවෙතත් ජපානයේ සමලිංගික චිත්‍රපට කර්මාන්තය ඇරබුනේ 1950 දශකවලය.පසු කාලීනව එයද ඉතා ජනප්‍රිය මාතෘකා විය.මේ වන විට ජපානයේ නිල් නළුවන් 70ක පමණ වීමද විශේෂත්වයකි.නළුවෙකුට ගෙවන්නේ යෙන් 1000.00ක වැනි මුදලක් බවද සදහන්ය.මේ අනුව පෙනී යන්නේ නිල් නිළියන්ගේ සහභාගිත්වය වැඩි බවයි. සමහරු පවසන අන්දමට බොහෝ ජපන් කාන්තාවන්ට ජනප්‍රිය වීමේ හෝ සමාජයේ යම් කීර්තියක් දින ගැනීමේ මානසික ආශාවකින් පෙලෙන බවයි.එම නිසා ඔවුන් මේ සදහා වැඩි වශයෙන් යොමු වීම දක්නට ලැබේ.එසේම බොහෝ දෙනා උපාධි හිමි අය වීමද විශේෂත්වයකි.කෙසේ වෙතත් මුදල් ඉපයීම ඔවුන්ගේ ප්‍රධාන අභිමතාර්ථය වේ.
වසරකට බොහෝ කාන්තාවන් මෙම කර්මාන්තය සඳහා යොමු වේ.වාර්තාවලට අනුව එය වසරකට 6000ක් පමණ බව පෙන්වා දී ඇත.මෙම කාන්තාවන් තම වෘතියෙන් විශ්‍රාම ගිය පසු සිදු කරන්නේ කුමක්ද?
සමහරුන් ජපානයේ ඉහල රැකියා කරන පිරිමින් සමග විවාහ වේ.ඔවුන් දරුවන් සමග කෙළිදෙලෙන් කාලය ගත කරයි.නිල් චිත්‍රපට කර්මාන්තය තුලදී ඉතා ඉහල මුදලක් ඔවුන් උපාය තිබීම නිසා ආර්ථිකමය වශයෙන් කිසදු ගැටළුවකුත් නැත.සමහර නිල් නිලියන් එම කර්මාන්තයේම නිල් නළුවන් සමග විවාහ වී සාර්ථක ජිවිත ගත කරයි.එහෙත් සෑම නිලියක්ටම ඒ තත්වය උරුම නොවේ.
සමහර අවිවාහක නිලියන් විවාහයකදී ප්‍රතික්ෂේප වේ.ඔවුන්ට වෙනත් රැකියාවක් හිමි නොවේ.ඔවුන්ට සිදුවන්නේ සොප් ලෑන්ඩ් එකේම තවත් ගණිකාවක් වීම හෝ සත්කාරිනියක් ලෙස සේවය කිරීම පමණි.
ජපානයේ නිල් චිත්‍රපට කර්මාන්තයේ වත්කම ඩොලර් බිලියන 25කට වැඩ වැඩිය. ලාභය හමුවේ ජපානයේ නිල් චිත්‍රපට නිෂ්පාදකයින් එකතුවී සිය රසිකයන්ට කෘතගුණ සැලකීම පිණිස වර්ෂයකට වතාවක් japan adult expo නම් ප්‍රදර්ශනයක් පවත්වයි.එහිදී රසිකයන්ට තමන්ගේ ප්‍රියතම නළුවට හෝ නිලියට ලං වී කතා බහ කිරීමටද අවස්ථාව සැලසේ,මෙහිදී විවිධ සමාගම් විසින් සිය නිෂ්පාදන වන චිත්‍රපට අඩංගු සංයුක්ත තැටි, ටි ශේර්ට්ස්,ඡයරුප වැනි දෑ තම කුටිය තුල විකුණනු ලැබේ.තවත් සමහර සමාගම් නිල් චිත්‍රපට නිලියන් ගෙන්වා රසිකයන් හා සම්බන්ධ කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරයි.මෙහිදී යෙන් 1000ක් වැනි මුදලකට ඉතා සිත් ගන්නා ලෙස තම ප්‍රියතම නිලියන් හා සම්බන්ධ වීමට රසිකයන්ට අවස්ථාව ලැබේ.නිරුපිකාවන් විසින් රසිකයන්ගේ කනට පිබිම, නළල සිප ගැනීම ආදිය ය සිදු කරයි.
ජපානය තුල සාමාන්‍යයෙන් මසකට චිත්‍රපට 4500ත් 5000ත් අතර ප්‍රමාණයක් නිපදවයි.වසරකට ඇමෙරිකන් ඩොලර් බිලියන 5.3 ක් පමණ උපයයි.චීනය,තායිවානය හා කොරියාව වැනි රටවල් ප්‍රධාන ගැනුම් කරුවන් වේ.
ජපානය හා ඇමෙරිකාව වැනි රටවලට මෙම කර්මාන්තය තුලින් විශාල ලාභ ඉපයිය හැකි වුවත් ලංකාව වැනි රටකට මෙය ඔරොත්තු නොදේ යයි මම විශ්වාස කරමි.ලංකාවත් ජපානය වගේම බෞද්ධ පදනමක් සහිත රටක් වුවත් කර්මාන්තය නොගැලපේයයි මම සිතමි.
වර්තමානයේ මුහුණ දෙන කොවිඩ් 19 වසංගතය හමුවේ ජපානයේ එක් අසභ්‍ය චිත්‍රපට කර්මාන්ත කරුවෙක් විසින් තම රට වැසියාට නොමිලේ චිත්‍රපට 200ක් නැරබීමට අවස්ථාව සලසා දී තිබේ.එයට හේතුව ජනතාව නිවෙස් තුලම තබා ගැනීමේ අරමුනින් බවත් අධික ඉල්ලුමත් නිසා බවත් ඔහු පවසා තිබේ.
Thanks
ReplyDelete