ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ කුඩා රාජ්‍යකි. කුඩා වුවත්, අතීතයේ සිට අපේ රට ලෝකයේ නම තැබූ රාජ්‍යයකි. අපේ ඓතිහාසික රජවරු මේ මව් බිම ආර්ථික වශයෙනුත් සමාජීය වශයෙනුත් සමෘද්ධිමත් කළෝ ය. සෑම රජෙක්ම එසේ නොකළත් බහුතරය එසේ ය. එවැනි රාජ්‍යයකට වර්ථමානයේ අත් වී ඇති ඉරණම කුමක්ද යන්න සාමාන්‍යයයෙන් සරලව සිතා තේරුම් ගත හැකි කරුණක් ලෙස මම නොදකිමි. අපේ රටේ ඉතිහාසය ගැනත්, යුරෝපීය අධිරාජ්‍යවාදී පාලන කාලය ගැනත්, මෑත කාලීන දේශපාලන ඉතිහාසය ගැනත්, ලෝක දේශපාලන ඉතිහාසය ගැනත් යම් හෝ අවබෝධයක් ඇත්තෙකුට මේ සිදුවන්නේ කුමක්දැයි නිසි ලෙස වටහා ගැනීමට වැඩි හැකියාවක් ඇතැයි පැවසිය හැකිය.




.jpg)

