Pages

Showing posts with label ලතින් ඇමෙරිකාව. Show all posts
Showing posts with label ලතින් ඇමෙරිකාව. Show all posts

Tuesday, April 21, 2020

ආසියාව හා අප්‍රිකාව නව වසංගතවලට බිල්ලක්ද?

කොවිඩ් 19 ගෝලීය වසංගතය හමුවේ මුළු ලෝකයේම අවධානය යොමුව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයට හා  චීනය දෙසටයි.ඇමෙරිකාව චීනයට චෝදනා කරමින් කියා සිටින්නේ කොවිඩ් 19 චීනයේ නිෂ්පාදිතයක් බවයි.එහෙත් චීනය එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.කෙසේවෙතත් පසුගිය දශක දෙක පිලිබඳ සොයා බැලීමේදී පෙනී යන්නේ නව වෛරස වසංගත  ආසියාව හා අප්‍රිකාව මුල් කරගෙන හටගෙන ඇති බවයි.මට මෙහි අමුත්තක් දැනුන නිසා සොයා බැලුවෙමි.



1. සාර්ස් වෛරසය - රට චීනය- 2002-2003
2.මර්ස් වෛරසය මද පෙර දිග -2015 වර්තමානය දක්වා 
3.එබෝලා වෛරසය ගුයිනිවා,කොන්ගෝ - 2014-2016
4.කොවිඩ් 19- චීනය - 2019 සිට වර්තමානය දක්වා 
5.ඌරු උණ - මෙක්සිකෝ -2009-2010 (ඇමෙරිකානු කලාපයට අයත් රටකි)

Monday, May 13, 2013

බොලිවේරියානු විප්ලවය 2

          වැනිසියුලාවේ පැවති දේශපාලනය ඒකාධිපති ස්වරූපයක් උසුලයි. එයට හේතුව වන්නේ සෑම
දේශපාලන පක්ෂයකින්ම  බලයට  පත්වන නායකයින් සියලු දෙනාගේම ප්‍රතිපත්ති වල වෙනසක් නොවීමයි.
එවකට එහි ප්‍රධාන පක්ෂ දෙක වූයේ ඇක්සියන් ඩිමොක්ක්‍රටිකා පක්ෂය හා කෝපෙයි යන පක්ෂ දෙකයි.
එකල මුලු වැනිසියුලාවම දූෂණයෙන් පිරී තිබිනි. ඩිමොක්ක්‍රැටිකා පක්ෂයෙන් 1974 දී කාලෝස් ඇන්ඩ්‍රි‍යෙස්
පියරෙස් බලයට පැමිනියේය. ඔහු වැනිසියුලාවේ  තිබූ විදේශ තෙල් සමාගම් ඡනසතු කලේය. එමගින් ලැබූ
ලාබයෙන් රටේ අනෙකුත් සංවර්ධන කටයුතු සිදුකලේය. එම කාලයේ සියළු  වාමාංශිතයන් මෙන්ම ජනතාවගේ ද උපරිම සහාය රජයට ලැබුනි. රට විශාල සංවර්ධන  ඉලක්කයක් කරා ගමන් කලේය. කෙසේ
වුවත් වර්ෂ 1979 දී පවත්වන ලද ජනාධිපති වරණයෙන්  ඔහු පරාජයට පත්විය. එම නිසා  නැවතත් දූෂණය
රජ කරමින් නැවතත් ආර්ථික පරිහානිය කරා ගමන් කරන ලදි.


Saturday, January 5, 2013

පැනමාවේ ටෝරිජෝස් හා ඉක්වදෝරයේ රෝල්ඩෝස්

ලිවීමට සිතා සිටියේ වැනිසියුලාවේ හියුගෝ චාවේස් ගැන වුවත් හදිස්සියේම මේ ලිපිය ලියන්න හිතුවා.මේ වන විට පිලිකාවකට ගොදුරුව සිටින චාවේස් සැත්කමින් පසුව ස්වසන ආබාධයකට ලක් වී තිබෙනවා.අපි එතුමාට ඉක්මන් සුව පතමු !

පැනමාවේ ඕමාර් ටෝරිජෝස්(ස්පාඤ්ඤය භාශාවෙන් torijos යන්න ශබ්ද කරන්ෝරිලෙසයි.) සහා ඉක්වදෝරයේ ‍ ජෙයිම්  රෝල්ඩෝස් බොහෝවිට එක හා සමාන ප්‍රතිපත්ති අනුගමනය කර ඇත.විශේෂයෙන්ම දුප්පතුන් පිලිබදව,බහු ජාතික සමාගම් පිලිබදව අනුගමනය කල ප්‍රතිපත්ති සමානය.එසේම දෙදෙනාගේම මරණයද එක හා සමානව සිදුවුනි.

Wednesday, October 24, 2012

චාවේස් හා වැනිසියුලානු විප්ලවය-1

චිලි දේශය ගැන ලිවීමෙන් පසු ලතින් ඇමෙරිකානු කලාපයේම තවත් රාජ්‍යක් වන වැනිසියුලාව ගැනත් ලියන්න සිත් විය.වැනිසියුලාව තුල මේ වන විට සිදු වූ හා සිදු වෙමින් පවත්නා විප්ලවීය ක්‍රියාදාමය ගැන දළ අවබෝධයක් ලබා දීම මේ ලිපි පෙලේ අරමුණ වේ.

චාවේස් හමුදා නිළධාරියෙකි.තනතුර ලෙෆ්ටින්ට් කර්නල්වරයෙකි.ඔහු හමුදා ඇකඩමියට ඇතුලත් වන්නේ වයස අවුරුදු 17 දීය.ඒ වන විට ඔහු දේශපාලනය පිලිබද අල්පමාත්‍ර වූ දෙයක් දැන නොසිටියේය.වැනිසියුලාවේ තිබූ හමුදා පාසල වෙනුවට හමුදා විශ්ව විද්‍යාලයක් ඉදි උනේ මේ කාලයේදීය.එහිදි විෂය නිර්දේශයද වෙනස් විය.ඒ අතරට දේශපාලන විද්‍යාවද ඇතුලත්ව තිබුණි.එයට පේම් බැන්ද චාවේස් ලොව පුරා සිටී විප්ලවවාදීන් වූ මාවෝ, ලෙනින්,කාල් මාක්ස් වැන්නවුන්ගේ ලිපි කියෙව්වේය.බොලිවර්,නැපෝලියන්,ක්ලවුස්විට්ස් වැනි අයගේ යුධෝපායන් පිලිබදවද ඇති කෘතිද කියෙව්වේය.

Thursday, October 11, 2012

චිලී දේශයේ කුමණ්ත්‍රණය-3

දෙවන ලිපිය
සැල්වදෝර් ඇලෙන්ඩේ ජනාධිපතිවරයා ජාතිය අමතා කල සිය අවසන් කතාව

"ඔබ ඇමතීමට සිදුවන අවසාන අවස්ථාව නිසැකයෙන්ම මෙය විය හැකියි.පොටාලේ රේඩියෝ  කුළුණටත් රේඩියෝ මධ්‍යස්ථානයටත් ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කරලා.

මගේ වදන් අපැහැදිලි වී ඇත්තේ දුකට නොවෙයි, මා රැවටීමට ලක් කලා යන කලකිරීමෙන්.චිලි රාජ්‍යය රැකගන්නා බව කියමින් ප්‍රතිඥා දී ඒවා පාවාදුන් අයට දෛවෝපගතව දඩුවම් ලැබේවි.ප්‍රධාන අණදෙන නිලධාරි යැයි තමා විසින්ම හදුන්වාගන්නා අද්මිරාල් මරීනෝටත්,චිලි පොලිස් සේවයේ ජනරාල් ලෙස නම් කරනු ලැබූ මෙන්ඩොසාටත්,මේ සියුළු අයටමත් දඩුවම් ලැබේවි.


Friday, October 5, 2012

චිලි දේශයේ කුමණ්ත්‍රණය-2

පළමු ලිපිය


1973 සැප්තැම්බර් 11 දින අයියෙන්ඩේ වෙනදාටත් කලින් තම ආරක්ෂකයින් සමග ලා මොනෙඩා මාලිගයට ගමන් කරමින් සිටි අතර ඒ අතර තුර ද සන්නද්ද හමුදා ඔහුට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම සදහා ඔහුගේ ගමනට බාධා කලහ.මාලිගයට පැමිණි අයියෙන්ඩේ සන්සුන්ව ප්‍රහාර දියත් කිරීම සම්බන්ධයෙන් තම හමුදා නිලිධාරීන්ට අණ දුන්නේය.ඒ වන විට අයියෙන්ඩේගේ දූවරු දෙදෙනෙක්ද මාලිගයේ සිටියාය.වැඩිමල් දියණිය බියට්‍රිස් අයියෙන්ඩේය.අනිත් දියණිය ඉසබෙලා අයියෙන්ඩේය.බියට්‍රිස් අයියෙන්ඩේ ඒ වන විට ගැබිණි කාන්තාවකි.ඇය   චිලි කුමණ්ත්‍රණයෙන් පසුව කියුබාවට පලා ගොස් එහි ජන රැලියකට සහභාගි විය.එහිදි චිලී කුමණ්ත්‍රණ දිනයේ තමන් ලද අත්දැකීම් මෙසේ විස්තර කරයි.(ඇයගේ සම්පූර්ණ කතාවෙන් කපා කොටා සාරාංගත කොට සකසා ඇත.)

Saturday, September 29, 2012

චිලි දේශයේ කුමණ්ත්‍රණය-1

චිලි රටේ සිදුවු හමුදා කුමණ්ත්‍රණය හා ඉන් පසුව සිදු වී ඇති සිද්දි පළිබදවත් මේ ලිපි පෙළ ලියමි.

වර්ෂ 1973 සැප්තැම්බර් 11 වැනිදා චිලී දේශය අදුරු යුගයකට ඇද දැමූ බිහිසුණු කාලපරිච්ජේදයක ආරම්භක දිනය විය.එදින සිදු වූයේ චිලී ජනපති චිලී හමුදාව විසින් බලයෙන් පහ කිරීමයි.මෙයද එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආශිර්වාදයෙන් සිදුවූ බව නම් නිසැකය.ජනාධිපති සැල්වදෝර් අයියන්ඩේ.ඔහු චිලි දේශයේ ජනවරමකින් ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් වූ නායකයෙකි.ඔගොස්ටෝ පිනෝෂේ විසින් අයියන්ඩේ ගේ රජය පෙරළා දමා ඔහු බලයට පත් විය.කුමණ්ත්‍රණයෙන් පසු රට පාලනය කලේ පිනෝෂේ ඇතුලු හමුදා නායකයන් කිහිපදෙනෙකුගේ එකතුවෙනි.

Tuesday, September 11, 2012

අපි දන්නා චේ ගුවේරා

කලක් තිස්සේ  මේ  ලිපිය ලිවීමට සිතා සිටියත් එය විවිධ හේතු නිසා මග හැරුණි.නමුත් ඒ මග හැරීම නැවත ලබා ගත්තේ මේ ආකාරයෙනි.

අපි හොදින් දන්නා ලොව සොදුරුතම මිනිසා, තරුණයින්ගේ අසහාය වීරයා, අසරණයින්ට සරණ වූ අති ශ්‍රේෂ්ට උතුම් මානව හිතවාදියා, සුපිරිතම විප්ලව වාදියා වූ ඔහු ඒ(ර්)නෙස්ටෝ චේ ගුවේරාය.මොහු ගැන අන්තර්ජාල ලිපි ඕනෑ තරම් ඇත.සමහර ලිපි සත්‍ය කරුණු හෙළි කලත් ඇතැම් ලිපි ඔහු පිළිබද යම් ද්වේශයක් ඇති කිරීමේ අරමුණින් පල කර ඇත.ඒවා සිංහල භාශාවෙන් ලියවුණු ලිපි වීමද කණගාටු දායකය.චේ ට පෞද්ගලිකව ඇලුම් කරන්නන් අතර මාද සිටී.දීර්ග වුවත් මේ ලිපිය ලියන්නේ ඒ නිසාය.