Pages

Saturday, September 29, 2012

චිලි දේශයේ කුමණ්ත්‍රණය-1

චිලි රටේ සිදුවු හමුදා කුමණ්ත්‍රණය හා ඉන් පසුව සිදු වී ඇති සිද්දි පළිබදවත් මේ ලිපි පෙළ ලියමි.

වර්ෂ 1973 සැප්තැම්බර් 11 වැනිදා චිලී දේශය අදුරු යුගයකට ඇද දැමූ බිහිසුණු කාලපරිච්ජේදයක ආරම්භක දිනය විය.එදින සිදු වූයේ චිලී ජනපති චිලී හමුදාව විසින් බලයෙන් පහ කිරීමයි.මෙයද එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආශිර්වාදයෙන් සිදුවූ බව නම් නිසැකය.ජනාධිපති සැල්වදෝර් අයියන්ඩේ.ඔහු චිලි දේශයේ ජනවරමකින් ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් වූ නායකයෙකි.ඔගොස්ටෝ පිනෝෂේ විසින් අයියන්ඩේ ගේ රජය පෙරළා දමා ඔහු බලයට පත් විය.කුමණ්ත්‍රණයෙන් පසු රට පාලනය කලේ පිනෝෂේ ඇතුලු හමුදා නායකයන් කිහිපදෙනෙකුගේ එකතුවෙනි.


අයියන්ඩේ බලයට පැමැණීමට පෙර ඇමෙරිකානු ව්‍යාපාරික සමාගම් චිලියේ ස්වාභාවික සම්පත් සූරා කමින් වැජඹුණහ.චිලිය තඹ සදහා ප්‍රකටය.එකල චිලියේ තඹ නිධි මත ආදිපත්‍යය දැරුවේ ඇනකොන්ඩා හා කෙනෙකොඩ් සමාගම්ය.1970ට පෙර චිලියේ පවත්වාගෙන ගිය ඇමෙරිකානු සමාගම් වල වටිනාකම ඇ.ඩො.මි.964 ක් පමණ යැයි ඇස්තමේන්තු ගත කර ඇත.එසේම චිලියේ දුරකථන පහසුකම් ඇතුළු නවීන තාක්ෂණය මත ආදිපත්‍යය දැරුවේ I.T.T සමාගමයි.එහි වටිනාකම ඇ.ඩො.මි. 200කි.

අයියන්ඩේ බලයට පත්වෙන්නේ 1970 සැප්තැම්බර් 04 වැනිදාය.බලයට පත් වූ වහාම ඔහු සමාජවාදි පිළිවෙත් අනුගමනය කලේය.බහු ජාතික සමාගම්,විශාල වතු යායන්, තඹ නිධි රජයට පවරා ගනිමින් එහි ප්‍රතිලාභයන් සෑම දෙනා අතරම සමසේ බෙදා දීමට කටයුතු කලේය.දුගී දරුවන්ගේ අධ්‍යාපනය පොහොසත් දරුවන් ලබන අධ්‍යාපනය හා සමාන අධ්‍යාපනයක් ලබා දීමට කටයුතු කළේය.එසේම සෞඛ්‍ය අංශය කෙරෙහිද තම සමාජවාදි පිළිවෙත් අනුගමනය කරමින් චිලි දේශය සමෘද්ධිය කරා යන ගමන විවෘත කළේය.

අයියන්ඩේගේ මේ සමාජවාදි ක්‍රියාපිළිවෙත් නිසා ඔහුට එන්න එන්නම සතුරන් වැඩිවිය.විශේෂයෙන්ම ඉහත සමාගම් තුන අයියන්ඩේට විරුද්ධ දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කල අතර අයියන්ඩේ ගේ ප්‍රතිපත්ති නිසා අවාසි සිදුවූ ධනේෂ්වර මානසිකත්වයෙන් පෙළෙන ඇතමුන්ද අයියන්ඩේට විරුද්ධව නැගී සිටියහ.පෞද්ගලික සමාගම් ජනසතු කිරීම නිසා පෞද්ගලික අංශය අයියන්ඩේ සමග උරණ වූහ.

ඒන්න එන්නම චිලියේ ආධිපත්‍යය තමා අතින් ගිලිහෙන බවත්,එය සිදුවන්නේ අයියන්ඩේගේ ඇමෙරිකන් විරෝධි හා සමාජවාදි පිළිවෙත් නිසා බවත්,ඒ නිසාම අයියන්ඩේ බලයෙන් පහ කිරීමට හමුදා කුමණ්ත්‍රණයක් දියත් කල යුතු බවත් ඇමෙරිකන් සමාගම් විශ්වාස කලහ.

අයියන්ඩේ ලෝකයේ අනිකුත් සමාජවාදී රටවල් සමගත් සුහදව කටයුතු කිරීමට සැරසුණහ.විශේෂයෙන්ම කියුබාව හා සෝවියට් රුසියාව සමගයි.අයියන්ඩේගේ මේ ක්‍රියාකලාපය ලතින් ඇමෙරිකාවේ තමන්ට හිතවත් අනිකුත් රටවල් වලටද පැතිරී යනු ඇතැයි කියා ඇමෙරිකන් දේශපාලනය බිය විය.ඒ නිසාම ඇමෙරකානු ජනාධිපති නික්සන් විසින් I.T.T සමාගමට හා  C.I.A  ආයතනයටත් උපරීම සහය ලබා දුන්නේය.

මේ අනූව ක්‍රයාත්මක වූ C.I.A සංවිධානය චිලී ආර්ථිකය අඩපණ කොට චිලිය තුල කැළඹිලි ස්වභාවයක් ඇති කිරීමේ වගකීම බාරගත්තේය.ඒ සදහා තමාට හිතවත් පිරිස් චිලියෙන් බා ගැනීම ඇරඹීය.අයියන්ඩේට විරුද්ධව මේ වන විටත් චිලි ව්‍යාපාරිකයන් පෙළ ගැසී තිබීම නිසා එය තවත් පහසු විය.C.I.A ට අවශය වූයේ හමුදා කුමණ්ත්‍රණයක් දියත් කිරීමටයි. හමුදාවද මුල සිටම ඔවුනට හිතවත් වූ නිසා එයද ගැටළුවක් නොවීය.C.I.A විසින් අති සාර්ථකව චිලි දේශයට රිංගා එය අවුල් ජාලයක් කිරීමේ වගකීම මැනැවින් ඉටු කරමින් සිටියේය.


අයියන්ඩේට විරුද්ධව එක්සත් ජනපදය පෙළගැසෙන්නේ ඔහු බලයට පැමිණීමටත් පෙරය.1970 මාර්තු මාසයේ 40 දෙනාගේ කමිටුවක්  පිහිටුවා ගන්නේද ඔහුට විරුද්ධව කල හැකි සියළු දේ කිරීම සදහාය.මෙයින් අයියන්ඩේගේ බලයට පැමිණීම වැළැක්වීම සදහාත් එය කල නොහැකි වූ හෙයින් ඔහුට විරුද්ධව සිදු කරන හමුදා කුමණ්ත්‍රණය සදහාත් ඇමෙරිකන් ඩොලර් ලක්ෂ ගණන් වියදම් කරයි.

අයියන්ඩේ බලයෙන් පහ කිරීම සදහා වූ හමුදා කුමණ්ත්‍රණයට අවශ්‍යය  යුධමය සහායන් චිලි සන්නද්ධ හමුදාවන්ට ලබා දුන්නේ C.I.A  ආයතනයයි.හමුදාවට අවශ්‍යය කදුළු ගෑස් ඇතුළු නවීන යුධ උපකරණද ඔවුන් ලබා දුන්හ.

ෆිදෙල් කස්ත්‍රෝ 1971 නොවැම්බර් 10දා චිලියේ සංචාරයක් සදහා පැමිණියේය.එහිදි C.I.A  ආයතනයේ ආශිර්වාදය මැද කාන්තාවන් විසින් හිස් වළං ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයක්  පැවැත්වීය.කස්ත්‍රෝගේ සංචාරයට විරුද්ධ වීම සදහා මෙය සිදුවිය.රට තුල ආහාර හිගයක් ඇති බවත් එය විසදීමට අයියන්ඩේට නොහැකි බවත් ඒ උද්ඝෝෂණයෙන් වක්‍රාකාරව පැහැදිලි කිරීමට ඔවුන් උත්සහා ගත්හ..අයියන්ඩේට විරුද්ධව විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කිරීමට I.T.T. සමාගම පසුබට නොවීය.මොවුන් අයියන්ඩේ බලයට පත්වීම වැළැක්වීම සදහා C.I.A  ආයතනය සමග දැඩි රහසිගත සබදතා පවත්වාගෙන ගොස් ඇති බවත්, අයියන්ඩේ බලයට පත් වීම නිසා ඔහු කුමණ්ත්‍රණයකින් එලවා දැමීම සදහා C.I.A  ආයතනය සමග පසුවද සබදතා පවත්වාගෙන ගොස් ඇති බවත් පසුව වාර්ථා වී ඇත.


චිලී දේශය තුල මිරිකෙමින් පැවතී කුමණත්‍රණය 1972 අවසන් මාස කිහිපය තුලදී පිපිරී යන ලදී.එය පටන් ගන්නේ වෙළදසැල් හිමියන්ගේ උද්ඝෝෂණයකිනි.පසුව රටේ බොහෝ ව්‍යාපරිකයන් ද උද්ඝෝෂණයක නියැළුණහ.කල් යත්ම ෂිශ්‍ය කණ්ඩායම්, උගත් ආචාර්යවරු, ට්‍රක් රථ හා වෙනත් රියැදුරන් උද්ඝෝෂණයක නියළුණහ.කල්යත්ම මේ තත්වය චිලී ආර්ථිකයටත්,එරට දේශපාලන ව්‍යුහයටත්,ජන ජීවිතයටත් බලපෑවේය.

1972 දී චිලියේ ක්‍රියාත්මක ඇමෙරිකානු තඹ  සමාගම් චිලියෙන් ගන්නා තඹ වෙනත් රටවලට විකිණිම නතර කලහ.එසේම චිලී දේශයට තවදුරටත් ණය නොදීමට තීරණය කිරීමත් සම්බාධක පැනවීමත් සිදුවිය.1973 පටන් ගත් විටම ආර්ථිකය නොසිතූ අන්දමින් කඩා වැටුණි.උද්ධමන 200-250 % අතර මට්ටමකට ඉහල ගියේය.රට සෑම තැනම උද්ඝෝෂණය.චිලි ආර්ථිකයට දැඩි ලෙස බලපෑ තඹ කම්කරුවන්ගේ හා එහි උසස් නිළධාරීන්ගේ වර්ජනයන් අයියන්ඩේ විසින් තරමක් දුරට සමනය කිරීමට සමත් විය.ඒත් සමගම වෛද්‍යවරු,ෂිශ්‍යය කණ්ඩායම්,උගත් ආචාර්යවරුන්,ගුරුවරුන්, ව්‍යාපාරිකයන්,ආදි බොහෝ ක්ෂේත්‍රයන් හී පිරිස් වර්ජනය කල අතර ඒවා රට පුරා ව්‍යාප්ත විය.මොවුන්ගේ උද්ඝෝෂණ වල කිසිදු සාධාරණත්වයක් නොමැති බවත්,සිදුවන්නේ අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණයක් බවත් අයියන්ඩේට තේරුම් ගියේය.

ට්‍රක් රථ රියදුරන්ගේ වර්ජනයේදි රජය සියළු ට්‍රක් රථ රජයට පවරා ගනිමින් දෛනික වැඩකටයුතු ආරම්භ කල මුත් එය උසාවිය විසින් නීති විරෝධි යැයිද නැවත ඒවා හිමි කරුවන්ට ලබාදෙන ලෙසටද රජයට නියෝග කළේය.රට පුරා උද්ඝෝෂණ පැතිරී යාම වැළැක්වීම සදහා අයියන්ඩේ විසින් ආගමන හා විගමනය සීමා කළේය.රාජ්‍යය මාධ්‍යයද දැඩි පාලනයකට ගෙන කටයුතු කලේය.

මේ වන විට ඇමෙරිකාව විසින් චිලි දේශය පීඩනයට ලක් කල හැකි සියළු ආකාරයන්ගෙන් පීඩනයට ලක් කොට හමාරය.චිලියේ තඹ අපනයනය සැලකිය යුතු මට්ටමකින් අඩු කොට ලෝක තඹ වෙළදපොළේ මිල ගනන් පහත හෙලීමට කටයුතු කලේද එක්සත් ජනපද සමාගම් වල චිලී විරෝධි ප්‍රතිපත්ති නිසාය.

සෑම අංශයකින්ම චිලී දේශය ඇද වැටුණි.රජයද මේ අවස්ථාවේ අසරණ විය.රජයට සහාය දැක්වීම සදහා කම්කරු සන්ධානය ඇතුළු රාජ්‍ය හිතෛෂි පක්ෂ උද්ඝෝෂණ සංවිධානය කලහ.රාජ්‍ය විරෝධින්  හා රාජ්‍යය හිතෛෂීන් අතර ගැටුම් ආරම්භ වූයේ මේ දිනවලය.වෙඩි හුවමාරුවීමී, බෝම්බ පිපිරීම් සිදුවිය.පොදු සම්පත් විනාශ වන අන්දමින් සන්නද්ධ හමුදා කටයුතු කලහ.

මේ අතර තුර චිලියේ ආරක්ෂක අමාත්‍යය ජනරාල් කාලෝ ප්‍රැට්ස් ඉල්ලා අස්වීම සිදුවන්නේ ඔහුට මරණිය තර්ජනය කරමින් එල්ල කල බලපෑම් නිසාය.කාලෝ හමුදාවේ අණ දෙණ නිලධාරියා වශයෙන් කටයුතු කල අතර ඔහුගේ ඉල්ලා අස්වීම නිසා  ඇති වූ අඩුව පිරවූයේ අයියන්ඩේගේ විශ්වාසය දිනා ගත් ඔගස්ටෝ පිනෝෂේය.


සන්නද්ධ හමුදා විසින් දිගින් දිගටම වාමාෂිකයන්ට ප්‍රහාර දියත් කල අතර අයියන්ඩේගේ පාක්ෂිකයන් සොය සොයා ඝාතනය කෙරිණි.

එලබෙන්නේ 1973 සැප්තැම්බර් 11 වැනි දිනයි.අයියන්ඩේටත් චිලී දේශයටත් අමතක නොවන හා අදුරු කාල පරිච්ජේදයක ආරම්භය විය.අයියන්ඩේ විරෝධි සන්නද්ධ හමුදා සැන්ටියාගෝ නුවර ජනපති මාලිගය වටලා ප්‍රහාර එල්ල කරමින් සිටියි.අයින්ඩේට හිතවත් හමුදා නිළධාරින්ද ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටියි.ඒ අතර ගුවනින්ද චිලියේ තැන් තැන් වලට ප්‍රහාර එල්ල විය.අයියන්ඩේට ඉල්ලා අස්වෙන ලෙස සන්නද්ධ හමුදා දිගින් දිගටම බලපෑම් කරයි.එහෙත් අයියන්ඩේ එම බලපෑම් ප්‍රතික්ෂේප කරමින් ජනවරමකින් බලයට පත් වූ ජනාධිපතිවරයෙකුගේ වගකීම එයාකාරයෙන්ම ඉටු කරන බවට කියමින් සතුරා සමග සටන් වැදුණි.

අයියන්ඩේට විරුද්ධව කුමණ්ත්‍රණයට තමා විසින්ම පත් කළ තමාගේ ලගින්ම සිට විශ්වාසය දිනා ගත් හමුදා නිළධාරීන් කිහිප දෙනක්ම විය.ඔවුන්ට මුල් තැන දීම අයියන්ඩේට පාරාවළල්ලක් සේ ආපස්සට ආවේය.

36 comments:

  1. නියමයි. ගොඩක් මහන්සි වෙලා තියෙන බව පේනවා මේක ලියන්න. ඔහොම යමු!

    ReplyDelete
  2. ඇමෙරිකාව බලන්නේ කොහේ හරි රටක අවුලක් ඇති කරලා එකෙන් වාසිය ගන්න..මෙතනත් වෙලා තියන්නේ එහෙමනේ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.වෙන ඕන රටකට හෙන ගහපන් අපිට හරි ගිහිල්ලා කියලනේ උන් ඉනනේ.ස්තූතියි !

      Delete
  3. මුලසිට අගටම ඉරක් තිතක් නෑර කියෙව්වා ඉතාම ආසාවෙන්. :t

    ReplyDelete
    Replies
    1. එල එල.නියමයි! ස්තූතියි ආවට !

      Delete
  4. හ්ම්ම්... හොඳ මනුසසයට ලෝකේ කොතැන වුණත් තැනක් නෑ තමා...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.ස්තූතියි ආවාට ඈ !

      Delete
  5. /අයියන්ඩේට විරුද්ධව කුමණ්ත්‍රණයට තමා විසින්ම පත් කළ තමාගේ ලගින්ම සිට විශ්වාසය දිනා ගත් හමුදා නිළධාරීන් කිහිප දෙනක්ම විය.ඔවුන්ට මුල් තැන දීම අයියන්ඩේට පාරාවළල්ලක් සේ ආපස්සට ආවේය./

    මේ දේ තමයි අද ගොඩක් තැන් වල වෙන්නේ.

    එහෙත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ වෙච්ච වර්ජන තිබිලනේ! :D

    ReplyDelete
    Replies
    1. ඔව්.තිබුණා.

      අනික සවිමත් ඔත්තු සේවයක් සෑම රටකටම තිබීම අත්‍යාවශ්‍යයි.නැත්නම් ඕවා වෙනවා...

      Delete
    2. ඔන්න ඔතනදි තමයි මම මහින්දගේ පාලනය එක්ක එකතු. කවුරු මොනවා කීවත් ඔහු අද මේ තැන ඉන්නේ හැම තැනකම ඔහුගේ පවුලේ අය ඉන්න නිසා. හිතන්න, කිසිම මට්ටමකින් කුමන්ත්‍රණ බලපෑම් එන්න පෙර ඔහු ඒ බව දැනගන්නවා. වළක්වනවා. තමන්ගේ පවුලේ අය හරහා.. :)

      Delete
    3. අන්න ඇත්ත.අද මිනිස්සු පවුල් වාදය කියල කිව්වට මං නම් ඒක අනුමත කරනවා.විශේෂයෙන් ලංකාවට ඒක හොදයි.මොකද දේශපාලඥයෝ විෂමයිනේ.ඒ නිසා පවුල අයම එකතු වෙන එකේ වරදක් නෑ.ඇමෙරිකාවේ වගේ රටක විදේශ ප්‍රතිපත්ති හැම දේශපාලන පක්ෂයකටම එකයි.කොයි පක්ෂයක නායකයෙක් ඇමෙරිකාවේ ජනාධිපති වුවත් ඔවුන් තම ආදිපත්‍යය ලොව පුරා පතුරුවනවා.රට ගැන හැමෝම හිතන්නේ එක විදිහට.

      නමුත් අපේ රටේ දේශපාළුවෝ විෂමයි.උන් සමහරක් ඇමෙරිකන් ගැත්තෝ.ඒ නිසා ඇමෙරිකාව හිතවත් නැති නායකයෙක් එලවන්න ඕන තරම් කුමණ්ත්‍රණ වෙන්න පුළුවනි.ඒකට ඇමෙරිකාවේ උපදෙස් මත අපේ ඇතැම් දේශපාළුවෝ ක්‍රියාත්මක වෙනවා.ඒකෙන් බේරෙන්න නම් තමන්ට සුවර්ම පිරිසක් ලංකරගන්න වෙනවා.අනික දැන් ජනාධිපතිතුමා කොච්චර ඇමෙරිකාවත් එක්ක හිතවත් වෙන්න බැලුවත් වැඩක් නෑ.අනිවාර්යයෙන්ම ඔහුගෙන් පලිගැනීමේ චේතනාව තියෙනවා.

      Delete
    4. අයෙන්දේ ඔබේ මේ කොමෙන්‍ටුව දැක්කා නම් සිය දිවි නසා ගන්නවා. මෙවැනි ඒකාධිපති,මහජන ධනය ගසා කන රෙජිමයක් අයෙන්දේ ගේ පාලනයට සම කරන්න එපා.

      Delete
    5. ස්තූතියි ආවට !

      ම්.. පැහැදිලි මදි.

      ඔබ කිව්වේ ලංකාව ගැන නම් මං කිසිවටත් අයියෙන්ඩේට ලංකාවේ පාලන තන්ත්‍රය සම කලේ නෑ.මොකද ලංකාවේ තියෙන්නේ ධනවාදි තන්ත්‍රයක්

      Delete
  6. ඇත්තටම ලියල තියන විදියට කියවන්න ආස හිතෙනෙව. නොදන්න කරුණු බොහොමයක් දැනගත්ත.

    ReplyDelete
  7. ගොඩාල් වටිනා විස්තරයක් මචො ජය

    ReplyDelete
  8. ඇමරිකාව ගියොත් තැනකට ලෙඩක් නේ!
    \\...වර්ෂ 1973 සැප්තැම්බර් 11 වැනිදා චිලී දේශය අදුරු යුගයකට ඇද දැමූ බිහිසුණු කාලපරිච්ජේදයක ආරම්භක දිනය විය..\\
    ලංකාවෙත් 73 ලොකු පෙරලියක් උනානේ නේද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ආවට !

      මං හිතන්නේ ඒක ලෝකයටම අපල කාලයක්ද කොහෙදෝ..

      Delete
    2. ඇයි එතකොට සැප්තැම්බර් 11 දිනය ගැන මොකද කියන්නේ??

      Delete
    3. මං කිව්වේ ඉතින් අවුරුද්ධ.සැප්තැම්බර් 11 ඇමෙරිකාවටත් වැදුනනේ හොද කෑමක් නේ?

      Delete
  9. හොඳ ලිපියක් සහෝ
    මහන්සිය අගය කරනවා

    ReplyDelete
  10. මල්ලි ලියන්නෙම මේ වගේ පෝස්ට් නේ.... ගොඩක් මහන්සි වෙනවා නේද මේ තොරතුරු හොයාගෙන පරිවර්තනය කරලා අපිට කියාදෙන්න...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කා !
      ටිකක් මහන්සි උනා තමා.

      Delete
  11. වෙන්ඩ බෑ.මම දෑන් පොඩ්ඩකට ඉස්සල්ලා අරුනි ශපීරෝ ගෙ ලිපි වගයක් කියෙව්වා.ඵ්කේ තියෙන්නේ ඈමරිකාව නෑතිබෑරි මිනිහට අතහිත දෙන හරීම අහිoසක ලාමක ලද බොලද රටක් කියලනේ.

    ReplyDelete
    Replies
    1. මාත් එයාගේ ලිපි කියවනවා.මට හිතෙන්නේ එයා එක පැත්තකට බර වෙච්චි කෙනෙක් කියලා.ලෝක බලවත්තු හොදයි කියලා කියන්න තරම් අපිට සාධාරණ හේතු නෑ.බලවත් රටවල් සට කපටියි.ඒක ඇමෙරිකාවටත්,රුසියාවටත්,චීනයටත් පොදුයි.කෙනෙක් කියනවා නම් ඇමෙරිකාව තමයි ලෝකේ සර්ව සාධාරණ රට කියලා ඒක සපුරාම වැරදිනේ.අපිට එලි පිටම පේනවානේ වැරැද්ද මොකාගෙද කියලා.මට ඔය ශපිරෝ ගැන තියෙන්නේ නිවැරදි චිත්‍රයක් නෙමෙයි.

      Delete
    2. අරුණි ශපිරෝ ඉන්නේ ඇමරිකාවේ. ඈ දකින්නේ ඔවුන් සතු මාධ්‍ය මාෆියාව මගින් පෙන්වන චිත්‍ර. ඒ එක්කම ඒ ඇගේ මතවාදය. නමුත් ඒ මතය කොතරම් සත්‍යද කියන්න බාහිර ලෝකයේත් 90% දෙනා සමත් නෑ.

      Delete
    3. ඇය විවිධ තැන් වල විවේචනයට ලක්වෙලා තියෙනවා මං දැක්කා.ඇයට ඇතුලේ තියෙන යථාර්තය බලන්න උවමනාවක් නෑ.අනේ මන්දා....

      Delete
  12. ඇමරිකාව මේ දේ අදටත් වක්‍රාකාරව කරනවා. බොහොමයක් රටවල සිද්ධවෙන දේවල් වලට ඇමරිකානු අතකොළු වගකිවයුතු වෙනවා. ඒත් ඒවා මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ ඇමරිකාව තමන්ගේ රුකඩ මාධ්‍ය ජාලය හරහා වගේම තමන් නතු සම්පත් මගින් මිනිස්සුන්ට පෙන්නන්නේ තමන්ට ඕනේ රූප ටික විතරක් නිසාවෙන්..

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම.ඔවුන් ඔවුන්ට ඕන දේ ඉතා සූක්ෂමව කරගෙන යනවා.ඉතාම කපටියි.තවමත් ඍවුන් අති සාර්ථකව රටවල් අවුලමින් සිටිනවා.ජනතාව මේ ගැන උනන්දුවෙන්නේ නැති එක තමා ප්‍රධානම හේතුව.

      Delete
  13. ඇමරිකාව ලෝක දේශපාලන හසුරවන්න විවිධ උපක්‍රම කරන බවට සැකයක් නෑ , හැබැයි ප්‍රශ්නය තියෙන්නේ ඇමරිකාව එක්ක හැප්පෙන අයද ? ඇමරිකාවට හිතවත් අයද වැඩි වාසි අත් විඳින්නේ කියල . ලංකාවේ පිහිටීම , හා කලාපයෙ දේශපාලන තත්වය අනුව බටහිර හිතවාදී වීම ලංකාවට සැහෙන්න වාසි සහගතයි , දැඩි අභ්‍යතර ප්‍රතිරෝධයක් තිබිලත් ඉන්දියාවත් දැන් ඇදෙන්නේ බටහිර දෙසට (එක කකුලක් තවමත් රුසියාව පැත්තේ) , ඒ නිසා ලංකාව ඉදිරියේදී තව දුරටත් හුදකලා විය හැකියි , දැන් වුනත් පරක්කු නෑ , දේශපාලනයේ සදාකාලික හතුරො හෝ මිතුරො නෑ , ඇමරිකාවට මහින්ද එක්ක තියෙන්නේ පෞද්ගලික ප්‍රශ්නයක් නෙවේ දේශපාලන ප්‍රශ්නයක් කැමති නම් ආපසු හැරෙන හොඳටම වෙලාව තියනවා .

    හොඳම උදාරණය ඇමරිකාවත් ධනවාදයත් ප්‍රතික්ෂේප කරපු උතුරු කොරියාවත් , ඇමරිකානු හිතවාදි දකුණු කොරියාවත් අද ඉන්න තත්වය

    ReplyDelete
    Replies
    1. ඔව්.හැබැයි ඔව්න්ට ගන්න ඕන දේ ඔවුන් ගන්නවා.මං හිතන්නේ නෑ වෙලාව තියෙනවා කියලා.මොකද ගඩාෆිලත් පසුකාලීනව බටහිර යුරෝපයත් එක්ක සම්බන්ධතා වර්ධනය කරගෙන හිතවත් උනා.ඒත් එයාගේ මරණය ගෙනාවෙත් එයාලම තමා.

      ඇමෙරිකාවට හිතවත් වෙලා වැඩි වාසි ගන්න පුළුවන්.ඒත් ඒක එච්චර හොද වැඩක් නෙමෙයි.උන් කියන විදිහට වැඩ කරන්න ඕනිනේ.ඇමෙරිකාවට හිතැති හුගක් රටවල් දියුණු වුනේ ඇමෙරිකන් ආධාර මත.ආධාර අරගෙන උන්ට ඕන විදිහට වැඩ කලොත් මොකක්ද එකේ තියෙන ස්වාධින බව.ශ්‍රී ලංකාවත් දැනට ගන්නා ආධාර වැඩියි.

      උතුරු කොරියාව ඉතාම දියුණු තත්වයක හිටියනේ ද.කොරියාවට වඩා.පස්සේ ඉතින් ආර්ථිකය ඇද වැටුනා.දැන් ඒත් එයාලගේ ආර්ථකය හදාගෙන එන බව පේනවා.පුළුවන් උනොත් මං වෙබ් සයිට් එක දෙන්නම්.ඒක ටිකක් හොයන්න වෙයි.උ.කොරියාව අද ඔය තත්වයේ ඉන්න එයාලගේ ප්‍රතිපත්ති වල දුර්වලතා නිසා.කියුබාවත් ඹනවාදය ප්‍රතික්ෂේප කරපු රටක්.ඒත් ඇමෙරිකාවට වඩා ඉහල ආර්ථික වර්ධනයක් එයාලා තියාගෙන ඉන්නවා.

      Delete
  14. අයියන්දේ ගැන නම් මම කලින් කියවලා තියෙනවා, ආයෙත් මතක් වුණා ඒ කථාව. CIA එක තමයි හැම විනාසෙකට ම මුල!

    ReplyDelete
    Replies
    1. හ්ම්... උන්ට ඕන දේ උන් කරගන්නවා.

      Delete