අපි අද දැනුම් ආර්ථිකයක් ගැන කතා කරමු. දැනුමින් පිරිපුන් සමාජයක් බිහිකිරීමට අප සැම එක්විය යුතු යැයි අද ප්‍රවණතාවයක් ද පවති. ඇයි අපි ඉගෙන ගන්නේ? දැනුම යනු කුමක් ද? දැනුමෙන් පරිපූර්ණ විය හැකි ද?
දැනුම යනු සාපේක්ෂ දෙයකි. එය තව කෙනෙක් විසින් තව දෙයක් විසින් හෝ ස්වාභාවික හේතුවක් නිසා නිපදවන හෝ නිපදවනු ලබන දෙයකි. ස්වභාවික සංසිද්ධීන් පිළිබද කරුණු කාරණා දැන ගැනීම දැනුම වැඩි කරන්නෙකි. කෙනෙක් විසින් නිෂ්පාදනය කරන ලද මතයක් හෝ භෞතික වස්තුවක් පිළිබද දැන ගැනීම දැනුම ලබා ගැනීමකි. ශ්‍රී ලංකාවේ පාසැල් අධ්‍යාපන ක්‍රමය තුල ඇත්තේ දැනුම වඩාගැනීමයි.
පාසලේ සාමාන්‍ය පෙළට උගත් දෑ උසස් පෙළින් පසුව අපි හැමෝටම වාගේ අමතක වී යන්නෙමු. සාමාන්‍ය පෙළෙට සිංහල භාශාවේ වාක්‍ය රීති ඇතුළු ව්‍යාකරණ ඉගෙනගත්තත් වාණිජ හෝ විද්‍යා වැනි විෂය ධාරාවන් හදාරන සිසුන්ට ඒවා ඒ කාලයේදීම අමතකය. සමහර අයට ඒවා උසස් පෙළින් පසුව අමක වී යති. එසේ වන්නේ පාසැල්වල පවතින උග්‍ර එහෙත් අපි නොදකින දැක්කත් නොදැක්කා සේ ඉන්න ශාස්ත්‍රීය අර්බුධය හේතු කොට ගෙනය. අධ්‍යාපනය ලැබීම හා දැනුම ලැබීම අතර මහා ලොකු වෙනසක් නැත. අධ්‍යාපනය විධිමත් ආයතන පද්ධියක් තුල පොත්පත් හා ගුරුවරුන් මගින් යම් නීති රීති, රෙගුලාසි හා විෂය නිර්දේශයක් යටතේ ශිෂ්‍යයෙකුගේ වයස් මට්ටම් අනූව වෙනස්වන රටාවකි. දැනුම ලබා ගැනීමට ඊට වඩා පුළුල් දායකත්වයක් ලබා ගත හැකිය.