Pages

Monday, August 30, 2021

සිංගප්පූරු ජාතිකයින් මානසික පීඩාවෙන් පෙළෙන්නේ ඇයි?

සිංගප්පූරූව යනු අග්නිදිග ආසියාතික රටකි. මුළු භූමි ප්‍රදේශය වර්ග කි.මී 728.6 කි. ශ්‍රී ලංකාව සිංගප්පූරුව මෙන් 90 ගුණයක් විශාලය. ලක්ෂ 60කට ආසන්න ජන කායක් මේ කුඩා රාජ්‍යෙය් ජීවත් වෙති. දළ ජාතික නිෂ්පාදිතය 2020 වසරේදි ඇමෙරිකන් ඩොලර් බිලියන 379කි. මෙරට එම අගය බිලියන 88කි. ස්වභාවික සම්පත් අවම රාජ්‍යයන් අතරින් ප්‍රදාන තැනක් සිංගප්පූරුවට හිමි වේ. මාළු සම්පත එහි ප්‍රධාන ස්වභාවික සම්පත ලෙස හැදින්වූවාට වරදක් නැත. මේ වෑයම සිංගප්පූරුව හා ලංකාව සසදා සාමාන්‍ය ලිපියක් ලියනාකාරයට සිංගප්පූරුව ගැන ලිවීමට නොවේ. මෙවැනි ආර්ථික වශයෙන් දීප්තිමත්ව බැබලෙන අග්නිදිග ආසියානු ඉතා කුඩා රාජ්‍යක වෙසෙන ජනයා ජීවත් වන්නේ මානසික පීඩාවෙනි. ඒ ඇයි දැයි සොයා බැලූ මට දැන ගන්නට ලැබුණු කරණු මා විසින් මෙසේ පෙළ ගස්වනු ලබන්නෙමි.
 

Tuesday, August 24, 2021

චීනය වූහාන්වල ස්වාධීන පරීක්ෂණයක් සදහා කිසිදු රටකට ඉඩ ලබා නොදෙන්නේ ඇයි?

චීනයේ හුබෙයි පළාතෙන් ව්‍යාප්තිය ඇරඹි කොවිඩ් 19 වසංගතය මේ වන විට වසර දෙකකට ආසන්න කාලයක් පුරා මුළු ලොවම අඩපණ කරමින් සිටි. කොවිඩ්-19 හදුන්වන්නේ SARS-COV-2(severe acute respiratory syndrome coronavirus 2 ) ලෙසයි. මෙහිදි උත්සහා ගන්නේ වෛරසය පිළිබද කාරණා ඉදිරිපත් කිරීම නොවේ. චීනය ඇයි තවමත් වූවාහන්වල වෛරස ව්‍යාප්තිය පිළිබද විවෘත ස්වාධීන පරීක්ෂණයකට අවස්ථාව සලසා නොදෙන්නේ කියායි.

දිගින් දිගටම එක්සත් ජනපදය චීනයට වාග් ප්‍රහාර දියත් කරන්නේ  කොවිඩ් වසංගතය සම්බන්ධයෙනි. එක්සත් ජනපදය ස්වාධීන පරීක්ෂණයකට ඉඩ සලසා දෙන මෙන් ඉල්ලා සිටියත් චීනය එය දැඩිව ප්‍රතික්ෂේප කළේය. ඉදිරයටත් එය එසේම සිදු වේවි. මේ සිද්ධිය ප්‍රවෘතියක් ආකාරයෙන් අසන ඔබට සිතෙන්නේ නිසැකයෙන්ම චීනය හිතා මතාම වසංගතය පතුරුවා හැර ඇති බවත් එය දේශපාලනික උපාය මාර්ගයක් බවත්ය. කෙසේවෙතත් මා මෙහිදි ඉදිරිපත් කරන කරුණු සැලකිල්ලට ගෙන එය ඔබ විසින්ම තීරණය කල යුත්තකි.