Pages

Monday, August 30, 2021

සිංගප්පූරු ජාතිකයින් මානසික පීඩාවෙන් පෙළෙන්නේ ඇයි?

සිංගප්පූරූව යනු අග්නිදිග ආසියාතික රටකි. මුළු භූමි ප්‍රදේශය වර්ග කි.මී 728.6 කි. ශ්‍රී ලංකාව සිංගප්පූරුව මෙන් 90 ගුණයක් විශාලය. ලක්ෂ 60කට ආසන්න ජන කායක් මේ කුඩා රාජ්‍යෙය් ජීවත් වෙති. දළ ජාතික නිෂ්පාදිතය 2020 වසරේදි ඇමෙරිකන් ඩොලර් බිලියන 379කි. මෙරට එම අගය බිලියන 88කි. ස්වභාවික සම්පත් අවම රාජ්‍යයන් අතරින් ප්‍රදාන තැනක් සිංගප්පූරුවට හිමි වේ. මාළු සම්පත එහි ප්‍රධාන ස්වභාවික සම්පත ලෙස හැදින්වූවාට වරදක් නැත. මේ වෑයම සිංගප්පූරුව හා ලංකාව සසදා සාමාන්‍ය ලිපියක් ලියනාකාරයට සිංගප්පූරුව ගැන ලිවීමට නොවේ. මෙවැනි ආර්ථික වශයෙන් දීප්තිමත්ව බැබලෙන අග්නිදිග ආසියානු ඉතා කුඩා රාජ්‍යක වෙසෙන ජනයා ජීවත් වන්නේ මානසික පීඩාවෙනි. ඒ ඇයි දැයි සොයා බැලූ මට දැන ගන්නට ලැබුණු කරණු මා විසින් මෙසේ පෙළ ගස්වනු ලබන්නෙමි.
 
 

සිංගප්පූරුව ස්වභාවික සම්පත් අතින් ඉතා දුලබ රටකි.ඒ නිසාම එරටෙහි ප්‍රධාන සම්පත මානව සම්පතයි. ඉපදුන දවසේ පටන් දරුවාව දක්ෂ කුසලතා පූර්ණ හා කාර්යක්ෂම සිංගප්පූරු ජාතිකයෙක් බවට පත් කිරීම ආච්චිලා සීයලා, දෙමාපියෝ, ගුරුවරු හා රජයේත් වගකීම හා යුතුකම ලෙස සලකයි. එය සිංගප්පූරුවේ සම්ප්‍රදායක් වී ඇත. පාසල් ජීවිතය හා පාසලින් පසු පන්ති ආදියෙන් තොර ලෝකයක් සිංගප්පූරු දරුවන්ට හිමි නොවේ. විශය භාහිර ක්‍රියා හෝ විෂයානුබද්ධ ක්‍රියා පැවතුනත් ඒවාත් දරුවාව පීඩනයකට පත් කිරීමට ඉවහල් වන බව සිංගප්පූරු ජාතිකයින් විසින්ම ලියන් ලිපි වලින් පෙනී යයි. සිංගප්පූරුවේ එකම සම්පත ලෙස ඒ රජය සිතන නිසා දරුවා මතට පැටවෙන බර අධිකය. ඒ තුලින් තරුණයින් තුල මානසික රෝග ඇති වීමේ අවධානම ඉහල යමින් පවතී.


 

සිංගප්පූරුව ආසියාවේ වියදම් අධිකම නගරවලින් හතරවැනි ස්ථානය ලබා තිබේ. ඒ නිසා මේ අහස උසට නැග ඇති දේපල මිල, තෘතියික අධ්‍යාපනය, වෛද්‍ය පිරිවැය හේතුවෙන් ජනතාව තවත් මානසික පීඩනයකට ගොදුරු වෙමින් පවතී.කෙසේ වෙතත් නිවාස සංකීරණයක ජීවත් වෙමින්, සුපර්මාකට් එකකින් අවශ්‍ය කළමනා ටික ගෙන අල්පේජච්ජ ලෙසද ජීවත් විය හැක.

ඉතා කුඩා භූමිකඩකට හිමි කම් කියන නිසා ජන ඝනත්වය වැඩිය. සති අන්තයේ මේ මානසික පීඩනය ජනතාවට ඉතා ඉහළින් ලැබෙන බව එරට වාසීන් පවසා තිබේ. තම අවශ්‍යතා සපුරා ගැනීමට සිංගප්පූරු ජාතිකයෝ වෙළද සංකීර්ණවලට පැමිණෙති. ඔවුන්ට අවශ්‍ය පහසුකම් මදි වීම වාහනා නවතා තැබීමට අවශ්‍ය ඉඩ නොතිබීම වැනි කරුණු නිසා සිංගප්පූරු ජාතිකයෝ මානසික පීඩනයෙන් පෙළෙති.

ඒ අනූව සිංගප්පූරු ජාතිකයෙක් ලෙසට දරුවන් බිහි කිරීම තුලින් එම දරුවෝ මානසික පීඩනයේ ගොදුරු බවට පත් වෙති. සිංගප්පූරු ජාතිකයෙක් විසින් ලියූ එක්තරා ලිපියක දරුවන් බිහි නොකර සිටීම වඩා යෝග්‍යයැයි පවසා තිබේ. එරට වැසියන් මොන තරම් පීඩනයකින් වෙසෙන්නේදැයි ඒ තුලින් අපට සිතාගත හැකිය.

විදේශිකයෝ සිංගප්පූරුවේ සේවයට පැමිනෙති. සමහර විදේශිකයෝ අකර්මණ්‍ය රටවිලන් පැමිණ වැඩ කිරීමට අලස අය ඉක්මනින් මානසික පීඩාවන්ට ගොදුරු වේ. ඒ තරම් වැඩ තොගයක් ඔවුන්ට ලැබේ.ඒවා නියම වෙලාවට නිරවද්‍යතාවයෙන් සම්පූර්ණ කළ යුතුය.එවැනි වැඩ තොගයක් නිසි ලෙස අහවර කිරීමට දරුවන්ව කුඩා කල සිටම නිර්මාණය කිරීම එරට රජයේ වගකීම වේ. ඒ නිසාම පිරිමි පුතුන් වසර දෙකක ජාතික හමුදා සේවයට බදවා ගනී. සමහර විදේශිකයෝ මේ පීඩනය දරගත නොහැකිව නැවත තම මව් රට බලා පිටත් වෙති. පුරවැසිභාවය ලබාගත් ඇතැම් විදේශිකයෝ තමාටත් තම පවුල මතටත් පතිත වන පීඩනය දරාගත නොහැකිව පුරවැසිභාවය අත් හැර නැවත පිටවෙති.

කොවිඩ් වසංගත තත්වයත් සමග එරට පීඩන තත්වය තවත් වැඩි විය. නමුත් රජයේ දක්ශ කළමනාකරණ තත්වය සමග  මෙය පාලනය කරගත හැකිය. ආර්ථික වශයෙන් සිංගප්පූරුව නැවත මතු වෙමින් පවති. එහි යටි අර්ථය මිනිසුන්ගේ මානසික පීඩනය තවත් ඉහළ යන බවයි.සිංගප්පූරුව වැඩි වශයෙන් අපනයනය කරනු ලබන්නේ විදුලි උපාංගයි. මේවා නිර්මාණය කිරීමට මිනිස් ශ්‍රමය වැඩි වශයෙන් අවශ්‍ය වේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t