Pages

Tuesday, August 24, 2021

චීනය වූහාන්වල ස්වාධීන පරීක්ෂණයක් සදහා කිසිදු රටකට ඉඩ ලබා නොදෙන්නේ ඇයි?

චීනයේ හුබෙයි පළාතෙන් ව්‍යාප්තිය ඇරඹි කොවිඩ් 19 වසංගතය මේ වන විට වසර දෙකකට ආසන්න කාලයක් පුරා මුළු ලොවම අඩපණ කරමින් සිටි. කොවිඩ්-19 හදුන්වන්නේ SARS-COV-2(severe acute respiratory syndrome coronavirus 2 ) ලෙසයි. මෙහිදි උත්සහා ගන්නේ වෛරසය පිළිබද කාරණා ඉදිරිපත් කිරීම නොවේ. චීනය ඇයි තවමත් වූවාහන්වල වෛරස ව්‍යාප්තිය පිළිබද විවෘත ස්වාධීන පරීක්ෂණයකට අවස්ථාව සලසා නොදෙන්නේ කියායි.

දිගින් දිගටම එක්සත් ජනපදය චීනයට වාග් ප්‍රහාර දියත් කරන්නේ  කොවිඩ් වසංගතය සම්බන්ධයෙනි. එක්සත් ජනපදය ස්වාධීන පරීක්ෂණයකට ඉඩ සලසා දෙන මෙන් ඉල්ලා සිටියත් චීනය එය දැඩිව ප්‍රතික්ෂේප කළේය. ඉදිරයටත් එය එසේම සිදු වේවි. මේ සිද්ධිය ප්‍රවෘතියක් ආකාරයෙන් අසන ඔබට සිතෙන්නේ නිසැකයෙන්ම චීනය හිතා මතාම වසංගතය පතුරුවා හැර ඇති බවත් එය දේශපාලනික උපාය මාර්ගයක් බවත්ය. කෙසේවෙතත් මා මෙහිදි ඉදිරිපත් කරන කරුණු සැලකිල්ලට ගෙන එය ඔබ විසින්ම තීරණය කල යුත්තකි.
 


දෙවන ලෝක යුද්ධයෙන් පසු එකසත් ජනපදය ලෝකයේ තනි බලවතා වීමේ නොතිත් ආශාවෙන් පෙළෙයි. ඒ නිසාම යුරෝපයේ රටවල් ගණනාවක් සමග එක්ව ධනවාදී කදවුර ඉදිරියට රැගෙන යාමත් ධනවාදී ත්‍රමය ප්‍රචලිත කොට අනෙකුත් රාජ්‍යයන් සිය අණසකට ගැනීමටත් එක්සත් ජනපදය කටයුතු කළේය. ඒ සම්පත් සූරාකෑම පිණිසයි.ඒ සදහා යුධමය හා යුධමය නොවන මැදිහත් වීම් සිදුකල බව අපි හොදින්ම දනිමු. මේ අතර කාලයේ එක්සත් ජනපදයේ තනි අත්තනෝමතික ක්‍රියාකලාපයට එරෙහි වූ බලවේගය වූයේ සෝවියට් රුසියාවයි. 90 දශකයේදි සෝවියට් රුසියාව බිදවැටීම නිසා නිරායාසයෙන්ම එක්සත් ජනපදය තනි බලවතා විය. 

එහෙත් ඒ සමග ආසියාවේ විශාල රාජ්‍යක් වූ චීන සමූහාණ්ඩුව ලෝක බලවතෙක් ලෙස ආර්ථික වශයෙනුත් යුධමය වශයෙනුත් නැගී එමින් පැවතුනි. රාත්‍යන්තර වශයෙන් මුළු ලෝකයටම බලපෑම් කල හැකි ආර්ථික තත්වයක් චීනය මේවන විට හිමි කරගෙන තිබේ.එක්සත් ජනපද ක්‍රියාකලාපයට ප්‍රතිවිරෝධයක් එල්ල කිරීමට එමගින් චීනයට හැකිවිය. එක්සත් ජනපදය ධනවාදී කදවුරේය. චීන මහජන සමූහාණ්ඩුව සමාජවාදී කදවුරේය. එහෙත් චීනය මේ වන විට සිටින්නේ කිනම් දේශපාලන ක්‍රමයකද යන්නත් එක්සත් ජනපදය මේ වන විට ගෙවා දමමින් සිටින්නේ කිනම් දේශපාලන ක්‍රමයක්ද යන්නත් වෙනම ශාස්ත්‍රීය වශයෙන් සාකච්ඡා කල යුත්තකි.

මේ ජාත්‍යන්තර බල කදවුරු ද්ව්ත්වය අතර පවතින ගැටුම මත එක්සත් ජනපදය චීනය කෙරෙහිත් චීනය එක්සත් ජනපදය කෙරෙහිත් වෛරය, අවිශ්වාසය හා ව්‍යාජත්වය ගොඩනගමින් සිටි.එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර යුරෝපියානු කදවුර චීනය පිළිබද ජනතාවගේ සිත් තුල වෛරය හා බොරුව මවා පාමින් සිටි. එසේම එහි අනිත් පැත්තද චීනය තුල සිදු වෙමින් පවති. දේශපාලනික වශයෙනුත් මේ රටවල් විරුද්ධය. විශේෂයෙන් එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කෙරෙහි චීනය පමණක් නොව මුළු ලෝකය තබා ඇත්තේ 
 අවිශ්වාසයකි. එක්සත් ජනපදයේ චීන විරෝධි ප්‍රතිපත්තිය නිසා කිනම් ජනාධිපතිවරයෙක් ගැනවත් විශ්වාසය නොතැබීමට චීනය කටයුතු කරමින් සිටි. චීන හිතවාදී රටවල් වූවාහන්වල පරීක්ෂණයකට පැමිණීම  එක්සත් ජපනදය නොරුස්සන්නකි. මොකද එය අපක්ෂපාතීත්වය ගිලිහෙන බැවිනි. චීන විරෝධි රාජ්‍යන් පැමිණ පරීක්ෂණ පැවැත්වීමට චීනය විරෝධවන්නනේ නිසැකයෙන්ම ඔවුන් චීනය පිළිබදව අනවශ්‍ය භීතිකාවක් හෝ දැනට පවතින යම් කිසි සැබෑ තත්වන් අණාවරණය වීමට ඉඩ තිබේ යැයි පවතින බිය නිසා විය හැක.

පැවසිය යුතු තවත් කරුණක් තිබේ.මේ කතාව මම දැනගනු ලැබූවේ ඇමෙරිකානු පුරවැසියෙක්ගෙනි. 2018 වසරේ චීනය එහි ජීව රසායනික විද්‍යාගාර තුල පර්යේෂණ කටයුතු කිරීමට එවක ජනාධිපති ට්‍රම්ප්ගෙන් ඉල්ලා තිබුනි. එහෙත් නිර්දය ලෙස එම ඉල්ලීම ප්‍රතික්ෂේප කල ඔහු චීනයේ සිටි එක්සත් ජපනද පර්යේෂකයින් නැවත සිය රටට ගෙන්වා ගැනීමටද කටයුතු කර තිබේ. ඒ නිසාම තමන්ගේ නොහැකියාව වසාගනු වස් ඔහු  විද්‍යාගාරයකින් කොරෝනා වෛරසය පිටවී ඇති බව සමාජගත කරන්නට නොයෙක් ප්‍රයත්නයන් දැරුවේය.

සිය රටේ හා ජාත්‍යන්තර දේශපාලනය පිළිබද යම් අවබෝධයක් සහිත ඇමෙරිකානුවන් සමග මම අදහස් හුවමාරු කරගනු ලැබූවේ අපට පෙනෙන දේ සත්‍ය නොවේ යන්න මම නිරන්තරයෙන් විශ්වාස කරන නිසාය. එහිදි ඔවුන් සෑම දෙනෙක්ම පැවසූවේ එක්සත් ජනපදය වැරදි සහගත අවුල් වූ රාජ්‍යක් බවයි. විශේෂයෙන් ට්‍රම්ප් නිසා මේ හැගීම් තවත් තීව්‍ර වී ඇති බවයි. එසේම අනිත් පැත්තට චීනුන්ට එක්සත් ජනපදය සුර පුරයකි.

මෙහිදි, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වූහාන්වල සිදු කළ පරීක්ෂණවල ප්‍රථිඵලවලට එක්සත් ජනපදය ප්‍රමුඛ රටවල් එකග නොවීම නිසා හැගී යන්නේ නිල් තල්මසුන්ගේ ක්‍රමණ්ත්‍රණ කාරි ගැටීමක් බවයි.

චීනයේ වගේම එක්සත් ජනපදයේත් ජීව විද්‍යාත්ම රසායනාගාර ක්‍රියාත්මක වේ. ඒ නිසා කොවිඩ් වසංගතය පැතිරීම ලෝක බලවතුන්ගේ බල පරාක්‍රමය පෙන්වීමට යොදාගත් ආයුධයක් වැනිය. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනූව කොවිඩ් වසංගතයේ මූලාරම්භය චීනයේ වූවාහන් නොවේ නම් මූලාරම්භය එක්සත් ජනපදයද?

කොවිඩ් සම්බන්ධයෙන් චීනයට නැගෙන චෝදනා චීනය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබෙයි. එසේම එක්සත් ජනපදයට නැගෙන චෝදනා එක්සත් ජනපදය ප්‍රතික්ෂේප කරයි. ඒ කෙසේවෙතත් මෙහි සැබෑ වාසිය හිමි වී ඇත්තේ ලෝක බලවතුන්ට පමණි. එක්සත් ජනපදය මොඩර්නා හා ෆයිසර් එන්නත්ද, චීනය සයිනොෆාම් එන්නත ද, රුසියාව ස්පුට්නික් එන්නතද, ඉන්දියාව කොවිෂීල්ඩ් එන්නතද යොදා ගනිමින් ගෝලීය ආර්ථික ආධිපත්‍ය වෙනුවෙන් තරග වැදෙමින් සිටි.

මෙම වසංගතය එන්නත් නිෂ්පාදකයින්ටත්, මුහුණු ආවරණ නිෂ්පාදකයින්ටත්, සැනිටයිසර් නිෂ්පාදකයින්ටත් ඉතා වටිනා වෙළෙද අවස්ථාවකි. ලෝක බලවතුන් එසේ වෙළෙද ලෝකයක් නිර්මාණය කර දීමට සාමාන්‍ය ජනතාව මුග්ධ අන්දමින් යොදා ගැනීමේ තවත් අධියරක් අපි ගෙවා දමමින් සින්නෙමු.




https://apps.who.int/gb/ebwha/pdf_files/WHA73/A73_CONF1Rev1-en.pdf











No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t