Pages

Thursday, April 23, 2020

ජපානයේ නිල් චිත්‍රපට හා ලෝකය (PORN INDUSTRY IN JAPAN AND THE WORLD)

කලින් ලියා තිබුණු පොස්ට් එකටම අලුත් දෙයක් එකතු කළා.මේ වීඩියෝ එකත් බලලම  ලිපිය කියවන්න.


ලොව ලාභදායිම කර්මාන්තයක් වන්නේ නිල්  චිත්‍රපට කර්මාන්තය හෙවත් අසභ්‍ය චිත්‍රපට කර්මාන්තයයි.එහෙත් 2013 අවුරුද්දේ ඇමෙරිකා එක්සත් ජනපදය වීසින් ගෙනා  නීතියක් මගින් සෑම නිල් චිත්‍රපට නළුවෙක්ම උපත් පාලන කොපුවක් හෙවත් කොන්ඩමයක් පැළඳීම අනිවාර්ය කරන ලද්දේ ඒඩ්ස් රෝගීන්ගේ ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් ඉහල නැගීම නිසයි. එවැනි නීති මගින් කර්මාන්තය තුල නිෂ්පාදන පිරිවැය ඉහල ගිය අතර තරමක පසු බැසිමකටද ලක් විය. එහෙත් ඒ අතර ජපානයේ මෙම කර්මාන්තය ඉහල ලාභ උපයමින් වර්ෂයකට එක්සත් ජනපදය නිපදවනවා මෙන්  දෙගුණයක චිත්‍රපට නිපදවමින් සිටි.එසේම ඉහල ලාභද නිෂ්පාදක වරුන් උපයයි.ඒ පමණක් නොව එයට රංගනයෙන් දායකවන නළු නිළියන්ට ඉහල ගෙවීමක්ද සිදු කරයි.එසේම ජපන් වැසියෙක් සාමාන්‍ය අගයක් ලෙස ඇමෙරිකන් ඩොලර් 150-200 අතර ප්‍රමාණයක් අසභ්‍ය චිත්‍රපට මිලදී ගැනීම සදහා වර්ෂයකට වැය කරයි.

Tuesday, April 21, 2020

ආසියාව හා අප්‍රිකාව නව වසංගතවලට බිල්ලක්ද?

කොවිඩ් 19 ගෝලීය වසංගතය හමුවේ මුළු ලෝකයේම අවධානය යොමුව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයට හා  චීනය දෙසටයි.ඇමෙරිකාව චීනයට චෝදනා කරමින් කියා සිටින්නේ කොවිඩ් 19 චීනයේ නිෂ්පාදිතයක් බවයි.එහෙත් චීනය එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.කෙසේවෙතත් පසුගිය දශක දෙක පිලිබඳ සොයා බැලීමේදී පෙනී යන්නේ නව වෛරස වසංගත  ආසියාව හා අප්‍රිකාව මුල් කරගෙන හටගෙන ඇති බවයි.මට මෙහි අමුත්තක් දැනුන නිසා සොයා බැලුවෙමි.



1. සාර්ස් වෛරසය - රට චීනය- 2002-2003
2.මර්ස් වෛරසය මද පෙර දිග -2015 වර්තමානය දක්වා 
3.එබෝලා වෛරසය ගුයිනිවා,කොන්ගෝ - 2014-2016
4.කොවිඩ් 19- චීනය - 2019 සිට වර්තමානය දක්වා 
5.ඌරු උණ - මෙක්සිකෝ -2009-2010 (ඇමෙරිකානු කලාපයට අයත් රටකි)