පැනමාවේ ඕමාර් ටෝරිජෝස්(ස්පාඤ්ඤය භාශාවෙන් torijos යන්න ශබ්ද කරන්නේ ටෝරියෝ ලෙසයි.) සහා ඉක්වදෝරයේ ජෙයිම් රෝල්ඩෝස් බොහෝවිට එක හා සමාන ප්‍රතිපත්ති අනුගමනය කර ඇත.විශේෂයෙන්ම දුප්පතුන් පිලිබදව,බහු ජාතික සමාගම් පිලිබදව අනුගමනය කල ප්‍රතිපත්ති සමානය.එසේම දෙදෙනාගේම මරණයද එක හා සමානව සිදුවුනි.
පැනමාවේ ටෝරිජෝස්
![]() |
ටෝරිජෝස් |
පැනමාව ලතින් ඇමෙරිකානු රාජ්‍යයෙකි.පැනමාව ලෝක දේශපාලන කරලියේ වැදගත් වන්නේ පැනමා ඇල සම්බන්ධයෙනුයි.1882 සැලසුම් කරන පැනමා ඇල නොයෙකුත් අර්බුධ නිසා ඇන හිටියි.එහෙත් එය නැවත ආරම්භ කිරීමේ අභිලාශය 1901-1909 අතර ඇමෙරිකවේ ජනාධිපතිව සිටි තියඩෝර් රූස්වෙල්ට් තුල ඇති විය.මේ කාලයේ පැනමාව අයත්ව තිබුනේ කොලොම්බියාවටයි.එනම් කොලොම්බියාවේ කොටසක් ලෙස පැනමාව පැවතුනි.ඒ නිසා අනාගත සැලසුම් වලට අනුව පැනමා ඇල ප්‍රෙදේශය උතුරු ඇමෙරිකානු සමාගමකට පවරා දෙන මෙන් ඉල්ලා සිටියත් කොලොම්බියාව එය ප්‍රතික්ෂේප කලේය.පසුව අමෙරිකාව යුධමය පිලිවෙතක් අනුගමනය කරමින් කොලොම්බියාවෙන් පැනමාව නිදහස් කරගනිමින් එය ස්වාධීන රාජ්‍යයක් බවට පත් කලේය.ඒ 1903 දීය.පසුව එහි තමාට හිතවත් ආණ්ඩුවක් පිහිටුවා පැනමා ඇල සම්බන්ධයෙන් වූ ගිවිසුම අත්සන් කර නීත්‍යානුකූලව පැනමා ඇලේ අයිතිය තමන් සතු කරගත්තේය.පසුව එහි ඉදිකිරීම් 1904දී ආරම්භ කලේය.
පැනමාව එදා සිට පාලනය වූයේ එක්සත් ජනපදයේ නියමයන්ට අනූවයි.නව පැනමා පාලනය විසින් විශාල ඇමෙරිකානු සමාගම් වලට තම රටේ රිසි සේ ක්‍රීඩා කිරීමට ඉඩ හසර ලබා දුනි.
ටෝරිජෝස් ධනවාදි පවුල් වල පාලනය බිද දමා 1968 දී බලයට පත් විය.ඕමාර් ටෝරිජෝස් අන් අයට හොදින් සවන් දෙයි.පැල්පත් නිවාස වල තමාගේ රැස්වීම් පැවැත්වීය.ඔහුගේ පාලනය තුල දකින සුවිශේෂිම ලක්ෂණය වන්නේ අන්තවාදි ආර්ථික ක්‍රමයක් ඇති කිරිමට තැත් නොකිරීමයි.ඔහු සමාජවාදි මත දැරූවෙක් නොවේ.එසේම ධනවාදී අදහස් දැරූවෙකුද නොවේ.එසේම ෆිදේල් කස්ත්‍රෝ,මුවම්මර් ගඩාෆි,සැල්වදෝර් ඇලෙන්ඩේ,ලුමුම්බා වැනි නායකයන් මෙන් චීනය හා සෝවියට් රුසියාවත් සමග සංධානගතවීමක් හෝ සිදු නොවුනි.සමාජවාදී පාලනයක් අනුගමනය නොකලත් ඔහු දුප්පතුන් නගා සිටුවීමේදී විශේෂ කාර්යක් ඉටු කලේය.එසේම සතුරාට වුවද කරදරයක වැටුනු විට පිහිට විමේ මානුෂීය ගුණයද ඔහු සතු විය.ඉරාන ආගමික විප්ලවයේදි ෂා රජු ඇමෙරිකාවට පැන ගියත් ඇමෙරිකාව ඔහුට රැකවරණය දීම ප්‍රතික්ෂේප කළේය.එවිට ඔහුට ආරක්ෂාව සැපයීමට ඉදිරිපත් වූයේ ටෝරිජෝස්ය.එපමණක් නොව ඇලෙන්ඩේ අනුගාමිකයන්ටත්,කස්ත්‍රෝ විරෝධීන්ටත් එකසේ ආරක්ෂාව සැපයීමට ටෝරිජෝස් ඉදිරිපත් විය.
තම රටේ සම්පත් තම ජනතාව අතරම සමානව බෙදී යායුතු බවත් ඒවා කිසිවිටෙකත් තවත් රාජ්‍යයකට කොල්ල කෑමට ඉඩ නොදෙන බවත් ඔහු පැවසුවේය.සමානාත්මතාවය සැලකූ නිසා ඔහු බහු ජාතික සමාගම්වලට තමරට කෙලිබිමක් වීමට ඉඩ නොතැබීය.නව පැනමා ඇල වෙනුවට නව ඇලක් ඉදිකිරීමට ඔහු ජපන් සහය ලබා ගැනීමට කටයුතු කරන බව ආරංචි විය.ඒ නිසා ඔහුත් සමග දැඩිව බෙච්ටෙල් සමාගම උරණ විය.බෙච්ටෙල් සමාගම හා අමෙරිකානු සී.අයි.ඒ ආයතන සමග දැඩි රහස් සම්බන්ධයක් පවතින අතර ඇලෙන්ඩේ,ආබෙන්ස් වැනි ප්‍රජාතාන්ත්‍රිකව පත්වුනු නායකයන් ඝාතනය කිරීමට ඩොලර් මිලියන ගණන් වියදම් කලේය.
ටෝරිජෝස් තමාගේ ප්‍රධානම අරමුණ ලෙස තබා ගත්තේ පැනමා ඇල නැවතත් පැනමාවේ පාලනයට ගැනීමයි.එවකට ජනාධිපතිව සිටි ජිමී කාටර් සමග පැනමා ඇල නැවත පැනමා පාලනය යටතට පවරන ගිවිසුමක් 1977 දි අත්සන් කෙරුණි.
![]() |
ආර්ථික වශයෙන් බෙහෙවින් වැදගත් පැනමා ඇලේ සිතියමක් |
ටෝරිජෝස් කිසිදිනෙක මැනුවල් නොරීගාව විශ්වාස කරනැත.ජෙනරාල් ඕමාර් ටෝරිජෝස් ගුවන් ගමන් යාමේදී නොරීගාටද ආරාධනා කරමින් ගුවනින් ගමන් කරයි.ඒ නොරීගා හා සී.අයි.ඒ ආයතනය සමග පවතින සම්බන්ධතා දන්නා නිසයි.එමෙන්ම ඔවුන්ට තමාව විනාශ කිරීමටද උවමාන බවත් ටෝරිජෝස් දැන සිටියේය.වර්ෂ 1981 අගෝ 1 වැනිදා වෙනදා මෙන් නොරීගා ඔහුත් සමග ගුවන් ගමනට එක් නොවීය.යානය ගමන් කරන අතුර තුරදි යානය තුල අටවා තිබූ බෝම්බයක් පිපිරීමෙන් ටෝරිජෝස් මරණයට පත් විය.
ඉක්වදෝරයේ රෝල්ඩෝස්
![]() |
රෝල්ඩෝස් |
රෝල්ඩෝස්ද ටෝරිජෝස් මෙන් දුප්පතුන්ට උදව් උපකාර කලත් සමාජවාදය පිලිබද වූ මතයක් ඉදිරිපත් ොනකලේය.වෙනම පාලනයක් අනුගමනය කිරීමට උත්සහා ගත් අතර අධිරාජ්‍ය විරෝධි වූ නමුත් ඇමෙරිකන් විරෝධි නොවුනු අතර අධිරාජ්‍ය වීරෝධීන් සමග සංධානගත වීමක්ද සිදු නොවුනි.ඉක්වදෝර ජනතාවගේ හා රටේ ස්වාධිපත්‍යය ආරක්ෂා කිරීමට ඔහු ඇප කැප වී කටයුතු කලේය.වැදගත්ම දේ වූයේ ඔහු විසින් හයිඩ්‍රොකාබන් ප්‍රතිපත්තියක් සම්මත කරගැනීමට ගත් වෑයමයි.එසේම ටෙක්සාකෝ සමාගම කොරහි ඔහු දැඩි විරුද්ධාකල්පයක් දැක්වීය.
එකල එක්සත් ජනපදයේ ජනාධිපතිව සිටියේ ජිමී කාටර් ය.ඔහු මෙවැනි ප්‍රශ්න සම්බන්ධයෙන් අනුගමනය කලේ ඇල්මැරුණු ස්වබාවයකි.ඒ නිසාම තමාගේ ජනහිතකාමී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් බහු ජාතික සමාගම් වලට දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටියේය.
හයිඩ්‍රොකාබන් ප්‍රතිපත්තිය 1981 දි ඉදිරිපත් කල නමුත් එය ක්‍රියාත්මක කිරීමට තරම් කාලයක් නොවීය.මේ වන විට ඇමෙරිකාවේ ජිමී කාටර් පරදා රොනල්ඩ් රේගන් ජනාධිපතිවරණයෙන් ජය ලබා තිබුණි.ඒ නිසා ඔහු විසින් බහු ජාතික සමාගම් වලට උපරීම සහාය ලබා දුනි.ඔවුන් විසින් ඉතා දැඩිව රෝල්ඩෝස්ව විවේචනය කරන්නට විය.ඔහුට විවිධ පදනම් විරහිත චෝදනා එල්ල කොට බලයෙන් පහ කිරීම අරමුණ විය.එහෙත් නියම නායක්තව ගති ලක්ෂන පෙන්වමින් ඔහු නොසැලී ඉදිරියටම ගමන් කලේය.
summer institute of linguistics යනු ඇමෙරිකාවේ මිෂනාරි ආයතනයකි.ඔවුන් තෙල් සමාගම් වලට උදව් උපකාර කලහ.එම නිසා රෝල්ඩෝස් මෙම ආයතනයට ඉක්වදෝරයේ ක්‍රියාකාරීත්වය තහනම් කලේය.මෙය සිදු වූයේ ඉක්වදෝරයේ හයඩ්රොකාබන් ප්‍රතිපත්තිය ඉක්වදෝර් කොංග්‍රසයට ඉදිරිපත් කොට දින 5කිනි.
එක්සත් ජනපද අධිරාජ්‍යවාදය තමා වැටලීමට මාන බලමින් සිටින බව රෝල්ඩෝස් දැන සිටියේය.ඒ නිසා තමාගේ ගමන් බිමන් ක්ෂණයකින් වෙනස් කිරීමට ඔහු පුරුදු විය.ගුවන් යානයකින් ගමන් කරන්නේ නම් ඔහු අහඹු ලෙස ගුවන් යානා දෙකකින් 1ක් තෝරා ගනී.
උදා වූයේ 1981 මැයි 24 වන දිනයි.එදින ඔහු දේශනයක් සදහා ක්ව්ටෝ වල පිහිටි අතහුවල්පා නම් ගෘහස්ථ ක්‍රීඩාංගනයට ගියේය.දේශනය අවසන් කර ඔහුට යාමට තිබුනේ දකුණු ඉක්වදෝරයටයි.පෙර ලෙසම ඔහු අහඹු ගුවන් යානයක් තෝරා ගෙන ගමන් ඇරඹීය.(ජෝන් පර්කින්සන් පවසන පරිදි එම ගුවන් යානයට ඔහු නැග්ගවීමට එක්තරා ආරක්ෂක නිලධාරියෙක් බල කර ඇත.)ටික දුරක් යන විට හදිස්සියේම යානයේ ක්‍රියාකාරීත්වය ඇන හිට කදු වැටියක් මතට කඩා වැටුනි.ජෙයිම් රෝල්ඩෝස් එසේ ඝාතනය වන්නේ නැවත වරක් එක්සත් ජනපදයේ නිර්ලජිත අතපෙවීමකින්ය.
ඉන්පසුව නැවතත් උදාවන්නේ ඉක්වදෝරයට අවාසනාවන්ත කාලයකි.නැවතත් summer institute of linguistics හා අනිකුත් තෙල් සමාගම් ඉක්වදෝරයේ කටයුතු ආරම්භ කිරීමට නව ජනාධිපති හූර්ටාඩෝ ඉඩ දුන්නේය.
මේවා පැහැදිලි ලෙසම සී.අයි.ඒ ඝාතන බව තේරැම් යන්නේ john perkins, graham green(මොහු ලේඛකයෙකි) වැනි එක්සත් ජනපදයේ අධිරාජ්‍ය ශක්තිමත් කිරීමට උර දුන් අය විසින්ම තබන වාර්තා නිසාය.
මූලාශ්‍ර
john perkins ගේ Confessions of an Economic Hit Man කෘතිය
http://deadlinelive.info/2009/08/04/deadline-live-exclusive-the-cia-used-manuel-noriega-to-assassinate-panamanian-leader-omar-torrijos/
http://www.bookrags.com/biography/omar-torrijos/
ඉතා වැදගත් ලිපියක් යාලුවා.දිගටම ලියන්න.ආසාවෙන් ඉවර වෙනකන්ම කියෙව්ව.පලවෙනි වතාවට මේ පැත්තේ ආවේ.. :t
ReplyDeleteබොහොම ස්තූතියි.නැවත එන්න යාළුවා
Deleteචාවේස් ගෙ අසනීපය ගැන පත්තරේ තියනවා දැක්ක. ඔහුට සුවය ලැබෙන්න කියලා පතනවා
ReplyDeleteකොහොමත් ඇමෙරිකාව වෙනත් රටක් තමන්ට ඉහලින් නැගී සිටිනවා නම් හෝ තමන්ට අවශ්‍ය ආකාරයට නැටවිය නොහැකි නම් හොඳින් හරි නරකින් මර්දනය කරනවා. මෑත අතීතයේ අපි එවැනි අවස්ථා කීපයක් ම දැක්කනේ.
ධම්මික ආයේ ලියන්න ගත්ත එක හොඳයි. ජයවේවා!!
අනිවාර්යයෙන්ම.
Deleteබොහොම ස්තූතියි කමෙන්ටුවට
ආපහු ලියන්න ගත්තු එක ගැන සතුටුයි. සුබ පැතුම්!
ReplyDeleteඔමාර් ටොරියෝ (එහෙම තමයි වලින් උච්ඡාරණය) තමයි ජිමී කාටර් එක්ක සාකච්ඡා කරලා 1977දී ගිවිසුමක් මගින් පැනමා ඇලේ අයිතිය 1999 වෙනකොට පනමාවට ලබා ගන්න කටයුතු කලේ. එයා 1973දී මෙහෙම කිව්වාලු.
You may rest assured that in our negotiations with the U.S. you will always find us standing on our feet or dead, but never on our knees. Never!
ගිවිසුමට පස්සේ 1977දී මෙහෙම කිව්වාලු.
The (Panama Canal) treaty is like a little pebble which we shall be able to carry in our shoe for 23 years, and that is better than the stake we have had to carry in our hearts
රෝල්ඩොස් ජනාධිපති වෙලා ඉන්න කාලේ ඉක්වදෝරයේ ජනාධිපති කෙනෙක්ට ඉන්න පුළුවන් වුනේ අවුරුදු 4ක එක ධූර කාලයක් පමණයි. ඒ නිසා එයාව මරුවා නම් ඒ කරලා තියෙන්නේ මහා ගොන් වැඩක්. මොකද, ඊළඟට ජනාධිපති වෙන කෙනා ඒ ප්‍රතිපත්තිම ගෙනියයි කියලා හිතන්න බැහැනේ. ටිකක් ඉවසන්න බැරිකම තමයි දැන් ඇමරිකාවට ලතින් ඇමරිකාව පුරාම පසුබහින්න වෙච්ච හේතුව පරණ පව් දැන් ගෙවන්නේ ඔබාමා උන්නැහේලා..
බොහොම ස්තූතුයි එකතු කිරීම් වලට.
Deleteඅද ලතින් ඇමෙරිකාවේ නැගී එන බටහිර විරෝධය නිසා ඔබාලාට තමා ප්‍රශ්න.පැරගුවේ වගේ රටවල් වල සිද්ද වෙච්චි කුමණ්ත්‍රණ වලින් අද සතුටු වෙන්න වෙලා.චාවේසගේ මරණය වන තුරු ඔවුන් දැඩි අපේක්ෂාවකින් බලාගෙන ඉන්නවා ඇති.
torijos ශබ්ද වෙන ආකාරය මං ලිව්වා.ඇත්තටම මං දැනගෙන හිටියේ නෑ ඒ ගැන.බොහොම ස්තූතියි සර් !
Delete:-P
Deleteවටින විස්තර ටිකක් දැනගත්තා අයියණ්ඩියා..
ReplyDeleteඑච්චරයි මටත් ඕනා.බොහොම ස්තූතියි මේ පැත්තට ආවට.
Deleteඉතා වැදගත්ය
ReplyDeleteස්තූතියි යාළුවා !
Delete"ටෝරිජෝස් කිසිදිනෙක මැනුවල් නොරීගාව විශ්වාස කරනැත" මොකාද නොරිගා...
ReplyDeleteපොඩ්ඩක්වත් දැන නොසිටි කතාවක්.. ස්තුතියි මේ වගේ කතා ලියනවාට..
මැනුවෙල් නොරීගා කියන්නේ ටෝරියෝ ගේ සමීපතමයෙක්.ටෝරියෝ ඔහුට හමුදාවේ තනතුරු පවා පිරි නැමුවා.ඔහු c.i.a සමග සම්බන්ධතා පවත්වන බව ටෝරියේ දැනගෙන තිබුනු නිසා නොරිගාව විශ්වාස කලේ නෑ.
Deleteවටිනා ලිපියක්... මම නොදැන හිටිය ගොඩාක් දේ දැන ගත්තා :)
ReplyDeleteබොහොම ස්තූතියි !
Deleteචාවේස්ට ඉක්මන් සුව ප්‍රර්ථනා කරනවා.....
ReplyDeleteමේවා ගැන ඇත්තටම මම දන්නේ නෑ... ඔයාගේ පොස්ට් කියවල තමා දැන ගන්නේ.....
මේ ඔයාගේ මවුස් පොයින්ටර් ගැජමැටික් එක නිසා මගේ ඔලුව කැරකෙනෝ......
ගැජට් එක අමාරු නම් අයින් කරන්නම්.ස්තූතියි මේ පැත්තට ආවට !
Deleteඔබගේ අඩවියේ කියවන්න හුඟක් දේවල් ඉතිරිව තිබෙනවා. අද සිට එක්වෙන්නම්.
ReplyDeleteමං හිතන්නනේ අද වෙන්න ඇති පලවෙනි වතාවට ආවේ.එන්න දිගටම.ජය වේවා !
Deleteලිබියාවට ඔය ලඟදි වුනෙත් ඇමරිකාව හෙළුවෙන්ම වනපු එක නේ :)
ReplyDeleteපැහැදිලිවම.ඒත් ඉතින් ගඩාෆිලා ඉල්ලන් කෑවා කියලත් කියන්න පුළුවන්.
Delete