වසර බිලියන ගණනකට පෙර විශ්වය බිහි වුණි.එහි සුවිශේෂි ග්රහලොවක් තුල ජීවි විශේෂ හට ගැණුනි.ක්‍රම ක්‍රමයෙන් ඒ ජීවී විශේෂ වර්ධනය විය.මේ ලක්ෂ සංඛ්‍යාත වූ විශේෂ අතුරින් එක් වානර කුලයක් ඉතා වේගයෙන් වෙනස් විය.ඔවුහු කෑම සොය සොයා රංචු පිටින් සැරි සැරූහ.දඩයම් කොට අමු අමුවේ ඒවා ආහාරයට ගත්හ.දෙපයින් සිට ගත්හ.ගින්දර සොයාගත්හ.දඩයම් කොට ඒවා පුළුස්සා කෑහ.විලි වසා ගත්හ.ඇදුම් සොයා ගත්හ.මෙයට යුරෝපයෙන් නව නිර්වචනයක් ඉදිරිපත් විය.ඒ මිනිසා ශිෂ්ට සම්පන්න වීමයි.එහෙත් මිනිසාගේ ශිෂ්ට සම්පන්න බව මිනිසාටම පිළිලයක් වී ඇති බව පෙනේ.මානව විකාශනය සම්බන්ධව අපූරු විග්‍රහයක් බටහිරෙන් ඉදිරිපත් වෙයි.
වැනිසියුලාවේ පැවති දේශපාලනය ඒකාධිපති ස්වරූපයක් උසුලයි. එයට හේතුව වන්නේ සෑම
දේශපාලන පක්ෂයකින්ම බලයට පත්වන නායකයින් සියලු දෙනාගේම ප්‍රතිපත්ති වල වෙනසක් නොවීමයි.
එවකට එහි ප්‍රධාන පක්ෂ දෙක වූයේ ඇක්සියන් ඩිමොක්ක්රටිකා පක්ෂය හා කෝපෙයි යන පක්ෂ දෙකයි.
එකල මුලු වැනිසියුලාවම දූෂණයෙන් පිරී තිබිනි. ඩිමොක්ක්රැටිකා පක්ෂයෙන් 1974 දී කාලෝස් ඇන්ඩ්‍රියෙස්
පියරෙස් බලයට පැමිනියේය. ඔහු වැනිසියුලාවේ තිබූ විදේශ තෙල් සමාගම් ඡනසතු කලේය. එමගින් ලැබූ
ලාබයෙන් රටේ අනෙකුත් සංවර්ධන කටයුතු සිදුකලේය. එම කාලයේ සියළු වාමාංශිතයන් මෙන්ම ජනතාවගේ ද උපරිම සහාය රජයට ලැබුනි. රට විශාල සංවර්ධන ඉලක්කයක් කරා ගමන් කලේය. කෙසේ
වුවත් වර්ෂ 1979 දී පවත්වන ලද ජනාධිපති වරණයෙන් ඔහු පරාජයට පත්විය. එම නිසා නැවතත් දූෂණය
රජ කරමින් නැවතත් ආර්ථික පරිහානිය කරා ගමන් කරන ලදි.
උසස්පෙළ විභාගයත් ලියලා අහවර වෙලා ප්‍රතිපලත් නිකුත් උනා.එ්ක නිකුවෙන කම් හරියට වැඩක් කරගන්නත් බැරි උනා.හිතේ බයට.දැන්
ඒකත් හරී.දැන් අපේ මාතෘකාවට එමු.
සත්‍ය යනු කුමක්ද? මෙය සරල,අපි එදිනෙදා භාවිතා කරන වචනයක් උනත් බොහෝ ගැටළු ඇති කරවන සුළුය.විවිධ දාර්ශනිකයන් මේ සම්බන්ධයෙන් විවිධ මත පල කරයි.යමෙක් සත්‍ය ලෙස හදුන්වන්නේ කුමක්ද?
ලිවීමට සිතා සිටියේ වැනිසියුලාවේ හියුගෝ චාවේස් ගැන වුවත් හදිස්සියේම මේ ලිපිය ලියන්න හිතුවා.මේ වන විට පිලිකාවකට ගොදුරුව සිටින චාවේස් සැත්කමින් පසුව ස්වසන ආබාධයකට ලක් වී තිබෙනවා.අපි එතුමාට ඉක්මන් සුව පතමු !
පැනමාවේ ඕමාර් ටෝරිජෝස්(ස්පාඤ්ඤය භාශාවෙන් torijos යන්න ශබ්ද කරන්නේ ටෝරියෝ ලෙසයි.)
සහා ඉක්වදෝරයේ ජෙයිම් රෝල්ඩෝස් බොහෝවිට එක හා සමාන ප්‍රතිපත්ති අනුගමනය කර ඇත.විශේෂයෙන්ම දුප්පතුන් පිලිබදව,බහු ජාතික සමාගම් පිලිබදව අනුගමනය කල ප්‍රතිපත්ති සමානය.එසේම දෙදෙනාගේම මරණයද එක හා සමානව සිදුවුනි.
චිලි දේශය ගැන ලිවීමෙන් පසු ලතින් ඇමෙරිකානු කලාපයේම තවත් රාජ්‍යක් වන වැනිසියුලාව ගැනත් ලියන්න සිත් විය.වැනිසියුලාව තුල මේ වන විට සිදු වූ හා සිදු වෙමින් පවත්නා විප්ලවීය ක්‍රියාදාමය ගැන දළ අවබෝධයක් ලබා දීම මේ ලිපි පෙලේ අරමුණ වේ.
චාවේස් හමුදා නිළධාරියෙකි.තනතුර ලෙෆ්ටින්ට් කර්නල්වරයෙකි.ඔහු හමුදා ඇකඩමියට ඇතුලත් වන්නේ වයස අවුරුදු 17 දීය.ඒ වන විට ඔහු දේශපාලනය පිලිබද අල්පමාත්‍ර වූ දෙයක් දැන නොසිටියේය.වැනිසියුලාවේ තිබූ හමුදා පාසල වෙනුවට හමුදා විශ්ව විද්‍යාලයක් ඉදි උනේ මේ කාලයේදීය.එහිදි විෂය නිර්දේශයද වෙනස් විය.ඒ අතරට දේශපාලන විද්‍යාවද ඇතුලත්ව තිබුණි.එයට පේම් බැන්ද චාවේස් ලොව පුරා සිටී විප්ලවවාදීන් වූ මාවෝ, ලෙනින්,කාල් මාක්ස් වැන්නවුන්ගේ ලිපි කියෙව්වේය.බොලිවර්,නැපෝලියන්,ක්ලවුස්විට්ස් වැනි අයගේ යුධෝපායන් පිලිබදවද ඇති කෘතිද කියෙව්වේය.
දෙවන ලිපිය
සැල්වදෝර් ඇලෙන්ඩේ ජනාධිපතිවරයා ජාතිය අමතා කල සිය අවසන් කතාව
"ඔබ ඇමතීමට සිදුවන අවසාන අවස්ථාව නිසැකයෙන්ම මෙය විය හැකියි.පොටාලේ රේඩියෝ කුළුණටත් රේඩියෝ මධ්‍යස්ථානයටත් ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කරලා.
මගේ වදන් අපැහැදිලි වී ඇත්තේ දුකට නොවෙයි, මා රැවටීමට ලක් කලා යන කලකිරීමෙන්.චිලි රාජ්‍යය රැකගන්නා බව කියමින් ප්‍රතිඥා දී ඒවා පාවාදුන් අයට දෛවෝපගතව දඩුවම් ලැබේවි.ප්‍රධාන අණදෙන නිලධාරි යැයි තමා විසින්ම හදුන්වාගන්නා අද්මිරාල් මරීනෝටත්,චිලි පොලිස් සේවයේ ජනරාල් ලෙස නම් කරනු ලැබූ මෙන්ඩොසාටත්,මේ සියුළු අයටමත් දඩුවම් ලැබේවි.
පළමු ලිපිය
1973 සැප්තැම්බර් 11 දින අයියෙන්ඩේ වෙනදාටත් කලින් තම ආරක්ෂකයින් සමග ලා මොනෙඩා මාලිගයට ගමන් කරමින් සිටි අතර ඒ අතර තුර ද සන්නද්ද හමුදා ඔහුට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම සදහා ඔහුගේ ගමනට බාධා කලහ.මාලිගයට පැමිණි අයියෙන්ඩේ සන්සුන්ව ප්‍රහාර දියත් කිරීම සම්බන්ධයෙන් තම හමුදා නිලිධාරීන්ට අණ දුන්නේය.ඒ වන විට අයියෙන්ඩේගේ දූවරු දෙදෙනෙක්ද මාලිගයේ සිටියාය.වැඩිමල් දියණිය බියට්‍රිස් අයියෙන්ඩේය.අනිත් දියණිය ඉසබෙලා අයියෙන්ඩේය.බියට්‍රිස් අයියෙන්ඩේ ඒ වන විට ගැබිණි කාන්තාවකි.ඇය චිලි කුමණ්ත්‍රණයෙන් පසුව කියුබාවට පලා ගොස් එහි ජන රැලියකට සහභාගි විය.එහිදි චිලී කුමණ්ත්‍රණ දිනයේ තමන් ලද අත්දැකීම් මෙසේ විස්තර කරයි.(ඇයගේ සම්පූර්ණ කතාවෙන් කපා කොටා සාරාංගත කොට සකසා ඇත.)