සිංගප්පූරූව යනු අග්නිදිග ආසියාතික රටකි. මුළු භූමි ප්‍රදේශය වර්ග කි.මී 728.6 කි. ශ්‍රී ලංකාව සිංගප්පූරුව මෙන් 90 ගුණයක් විශාලය. ලක්ෂ 60කට ආසන්න ජන කායක් මේ කුඩා රාජ්‍යෙය් ජීවත් වෙති. දළ ජාතික නිෂ්පාදිතය 2020 වසරේදි ඇමෙරිකන් ඩොලර් බිලියන 379කි. මෙරට එම අගය බිලියන 88කි. ස්වභාවික සම්පත් අවම රාජ්‍යයන් අතරින් ප්‍රදාන තැනක් සිංගප්පූරුවට හිමි වේ. මාළු සම්පත එහි ප්‍රධාන ස්වභාවික සම්පත ලෙස හැදින්වූවාට වරදක් නැත. මේ වෑයම සිංගප්පූරුව හා ලංකාව සසදා සාමාන්‍ය ලිපියක් ලියනාකාරයට සිංගප්පූරුව ගැන ලිවීමට නොවේ. මෙවැනි ආර්ථික වශයෙන් දීප්තිමත්ව බැබලෙන අග්නිදිග ආසියානු ඉතා කුඩා රාජ්‍යක වෙසෙන ජනයා ජීවත් වන්නේ මානසික පීඩාවෙනි. ඒ ඇයි දැයි සොයා බැලූ මට දැන ගන්නට ලැබුණු කරණු මා විසින් මෙසේ පෙළ ගස්වනු ලබන්නෙමි.
