Pages

Wednesday, September 19, 2012

කොන්ෆියුසියානු දර්ශනය


කොන්ෆියුසියානු දර්ශනයට මූලිකම අනුග්‍රහය ලබා දෙන්නේ කොන්ෆියුසියස් නැමැති දාර්ශනිකයෙකි.ඔහු උපන්නේ වීනයේ ලූ ප්‍රාන්තයේයය.උපතින්ම අන්ත දිළින්දෙක් විය.හැදීවැඩී ගෙන ආ කොන්ෆියුසියස් දක්ශ ගුරුවරයෙකි.ආයතන කිහිපයකද ඔහු රාජකාරි කර ඇත.ඔහු පිළිබදව වැඩි දුර තොරතුරු මෙතනින්   

කොන්ෆියුසියානු දාර්ශනික ගුරුකුලය චීනයේ පැරණිම ගුරුකුල අතර ප්‍රධාන වේ.කොන්ෆියුසියානු දර්ශනය ටාඕ වාදය,බුදු දහම,නීතිවාදය,යැලං වාදය ආදි දර්ශනයන්ගේ සංකලනයක් ලෙස බිහිවිය.


Friday, September 14, 2012

කොමියුනිස්ට් ජාත්‍යන්තරවාදය

ලෝකයේ රාජ්‍යන් යම් ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් එකමුතුව ක්‍රියා කිරීම සරලව ජාත්‍යන්තරවාදය ලෙස හැදින්විය හැකිය.ජාත්‍යන්තරවාදේ විවිධ ස්වරූප පවති.වෙළද ගිවිසුම් ඇති කර ගැනීම වුවද අයත් වන්මෙයටයි.

නමුත් නිර්ධන පාංතිකයන් වෙනුවෙන් සමාජවාදි රාජ්‍ය වල කම්කරු පංතියේ ජාතික කොටස් හා වාමාංශික පක්ෂ අතර සහයෝගය හා එක්සත් බැවින් කටයුතු කිරීම නිර්ධන පාංතික ජාත්‍යන්තරවාදයයි.මෙහිදි අවධනය යොමු වන්නේද  නිර්ධන පාංතික ජාත්‍යන්තරවාදය කෙරෙහිය.කෙටියෙන්ම කියනවානම් වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමට හා සූරාකන්නන්ට විරුද්ධව නැගීසිටීම සදහා ජාත්‍යන්තර වශයෙන් සියළු රාජ්‍යයන්ගේ කම්කරු පක්ෂ එකතුව කටයුතු කිරීමයි.

Tuesday, September 11, 2012

අපි දන්නා චේ ගුවේරා

කලක් තිස්සේ  මේ  ලිපිය ලිවීමට සිතා සිටියත් එය විවිධ හේතු නිසා මග හැරුණි.නමුත් ඒ මග හැරීම නැවත ලබා ගත්තේ මේ ආකාරයෙනි.

අපි හොදින් දන්නා ලොව සොදුරුතම මිනිසා, තරුණයින්ගේ අසහාය වීරයා, අසරණයින්ට සරණ වූ අති ශ්‍රේෂ්ට උතුම් මානව හිතවාදියා, සුපිරිතම විප්ලව වාදියා වූ ඔහු ඒ(ර්)නෙස්ටෝ චේ ගුවේරාය.මොහු ගැන අන්තර්ජාල ලිපි ඕනෑ තරම් ඇත.සමහර ලිපි සත්‍ය කරුණු හෙළි කලත් ඇතැම් ලිපි ඔහු පිළිබද යම් ද්වේශයක් ඇති කිරීමේ අරමුණින් පල කර ඇත.ඒවා සිංහල භාශාවෙන් ලියවුණු ලිපි වීමද කණගාටු දායකය.චේ ට පෞද්ගලිකව ඇලුම් කරන්නන් අතර මාද සිටී.දීර්ග වුවත් මේ ලිපිය ලියන්නේ ඒ නිසාය.

Sunday, September 9, 2012

අවසර

බ්ලොග් ලෝකයට මං අළුත් බ්ලොග් එකක් ගේනවා.මං ඉස්සෙල්ලාම බ්ලොග් ලියන්න ගත්තේ මේ අවුරුද්දේ(2012) ජනවාරි මාසයේ.ඒ බ්ලොග් එක හදිසියේම remove වෙලා.නැවත ලබා ගන්න උත්සාහ කලත් හරි ගියේ නෑ.මං හිතන්නේ blogger කාරයාම අයින් කරාද දන්නේ නෑ.ඒත් ස්පෑම් වෙලා තිබුනෙත් නෑ.මං හිතුවේ මගේ අතින් delete උනා කියලා.එහෙනම් ආපහු ගන්න පුළුවන්නේ.නමුත් ඒක ගන්න බෑ.මේ ගැන හොයද්දි මට හිත හදා ගන්න පුළුවන් ක්‍රමයක් හම්බ වුනේ නෑ.මට එපා වුනා, ආපහු මුල ඉදලා එකක් ලියන්න.