Pages

Thursday, October 11, 2012

චිලී දේශයේ කුමණ්ත්‍රණය-3

දෙවන ලිපිය
සැල්වදෝර් ඇලෙන්ඩේ ජනාධිපතිවරයා ජාතිය අමතා කල සිය අවසන් කතාව

"ඔබ ඇමතීමට සිදුවන අවසාන අවස්ථාව නිසැකයෙන්ම මෙය විය හැකියි.පොටාලේ රේඩියෝ  කුළුණටත් රේඩියෝ මධ්‍යස්ථානයටත් ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කරලා.

මගේ වදන් අපැහැදිලි වී ඇත්තේ දුකට නොවෙයි, මා රැවටීමට ලක් කලා යන කලකිරීමෙන්.චිලි රාජ්‍යය රැකගන්නා බව කියමින් ප්‍රතිඥා දී ඒවා පාවාදුන් අයට දෛවෝපගතව දඩුවම් ලැබේවි.ප්‍රධාන අණදෙන නිලධාරි යැයි තමා විසින්ම හදුන්වාගන්නා අද්මිරාල් මරීනෝටත්,චිලි පොලිස් සේවයේ ජනරාල් ලෙස නම් කරනු ලැබූ මෙන්ඩොසාටත්,මේ සියුළු අයටමත් දඩුවම් ලැබේවි.



මේ සියළු කරුණු හමුවේ මට ජනතාවට කියන්නට ඇති එකම දේ මම ඉල්ලා අස්වෙන්නේ නෑ කියලා.


ජනතාවට පක්ෂපාති වීමේ ප්‍රතිපත්ති හමුවේ ඒවා ආරක්ෂා කරගැනීම පිණිස මං මගේ ජීවිතයෙන් මිල ගෙවනවා.මම ඔවුන්ට ස්ථීරවම කියනවා, දහස් ගණන් චිලි වැසියන්ගේ හෘද ශාක්ෂිය තුල අපි පැල කල බීජය කිසිදාක විනාශ කර දැමිය නොහැකි බවයි.


ඔවුන් සතුයි විශාල බලයක්.ඔවුන්ට හැකියි අපිව යටත් කරගන්න.නමුත් සමාජ ක්‍රියාවලිය බලය හා අපරාධ යන දෙකෙන් කොයිකෙන්වත් නැවැත්විය නොහැකියි.ඉතිහාසය අපේ.ජනතාව ඉතිහාසය තනයි.


මගේ රටේ කම්කරුවනි,මට අවශ්‍යයි ඔබට ස්තූති කරන්න,නිතරම දැක්වූ පක්ෂපාතීකමට,යුක්තිය කෙරෙහි වු විශිෂ්ට පරමාර්ථයන්ගෙන් හෙබී කතෘවරයෙක් විතරක් වූ මිනිසෙකු සම්බන්ධයෙන් තිබූ විශ්වාසයට,ව්‍යවස්ථාවට හා නීතියට ගරුකරන බවට වචනය දුන් තැනැත්තා සම්බන්ධයෙන් තිබූ විශ්වාසකමට.මේ අවසාන අවස්ථාවේ අවසාන වශෙයන් මට ඔබට කියන්නට තියෙන්නේ මේ පාඩම ඔබ ඉගෙන ගනීවියැයි මම අපේක්ෂා කරනවා කියලා.විදේශීය ධනයට ආශාවෙන් අධිරාජ්‍යවාදීන් සමග ඒක්ව ප්‍රතිගාමී බලෙව්ග විසින් සන්නද්ධ හමුදාවන‍්ගේ සම්ප්‍රදාය කැඩීමට අවශ්‍යය වාතාවරණය සකස්කලා.ඒම කුරිරු තත්ව‍යේ ගොදුරු බවට හමුදාවන්ගේ සම්ප්‍රදායන්ට ගරුකරමින් උන් ජනරාල් ෂ්නයිඩර් හා ආඥාපති අරායා පත්ව තිබෙනවා.අද ඔවහු ඔවුන්ගේ නිවෙස් වලට වී සිටින්නේ ඔවුන්ගේ විශාල ද්පල හා ඔවුන්ගේ වරප්‍රසාද ඔවුන් අතට නැවතත් ලැබෙන තෙක්.


මේ සියල්ලන්ටම වඩා මා අමතනවා අපේ දේශයේ ගම්බද විනීත කාන්තාවන්ට අප ෙකරහි විශ්වාසය තැබුවාට.කම්කරු කාන්තාවන්ට, ලමයි පිලිබද අප දැක්වූ මහත් ඕනෑකම ගැන දැන සිටි මවුවරුන්ට.මා අමතනවා චිලි ෙදේශප්‍රේමි වෘතිකයන්ට, පංති ෙභේදයෙන් යුතුව සිටින  ධනවාදි සමාජෙයන් ඔවුන්ට ලැබෙන වාසි රැකගැනීමට සිදු කල රාජ්‍යෙද්‍රාහිකම්වලට විරුද්ධ වූ වෘතිකයන්ට,


අරගලයට ගී ගැයු හා  ඒයට සතුට හා ධෛර්ය ලබාදුන් තරුණ ජනතාවට මා අමතනවා.චිලි මිනිසාට,කම්කරුවට,ගොවියට,බුද්ධිමතාට,ෆැසිස්ට්වාදීන් විසින් අප රටට තුල පැය ගණනක් තිස්සේ කරගෙන යන ත්‍රස්ත ප්‍රහාරයන්ට ලක්ව වධබන්ධනයන්ට ලක්වූවන්ට මා අමතනවා.හඩනැංවීමේ වගකීම ඇති අයෙග් නිහඩතාවය මධ්‍යයේ පාලම් පුපුරුවාහරිමින්,දුම්රිය මාර්ග,තෙල් හා ගෑස් නළ,විනාශ කරමින් සිටින සියළු දෙනාට ඉතිහාසය විසින් ඔවුන්ට විනිශ්චය ලබාදේවි.


මෙගාලනස් රේඩියෝව නිසැකයෙන්ම නිශ්ශබ්ද වේවි.ඉතා ඉක්මනින්ම මගේ හඩ ඔබ වෙතට නොඒවී.ඒකෙන් ඇති වැඩක් නෑ..මොකද,නිරන්තරයෙන් මගේ හඩ ඔබට ඇසේවි.අඩු තරමේ වැඩකරන ජනතාවට පක්ෂපාති උතුම් මිනිසෙකු ෙලෙස මම ඔබේ මතකෙය් රැදේවි.


ජනතාව ආරක්ෂා වියයුතුයි.ඒ මිස ඒවා බිලි නොදිය යුතුයි.ජනතාවට ගැටළු ඇතිවීමට හෝ අවමන් විදීමට ඉඩෙ ෙනොතැබිය යුතුයි.


මාගේ ජන්ම ෙදේශයේ කම්කරුවනි.මට විශ්වාසයක් තියෙනවා චිලි රාජ්‍යත් ඒහි ගමනාන්තයත් පිළිබදව.ද්‍රෝහිකම් වෙමින් පවතින ෙමේ කටුක හා අදුරුවන් අවස්ථාව ඉක්මවා යාවී.ඔබට දැනගන්නට ලැබේවි නිදහස් මිනිසුන් ෙපළගැසෙන වඩාත් පුළුල් මාවත් යහපත් සමාජයක් තැනීමට නුදුරේදීම විවෘත වන බව.


චිලි රාජ්‍යයට දීඝායූ !චිලි ජනයාට දීර්ඝායූ !කම්කරුවන්ට දීර්ඝායූ !


මේ මගේ අවසාන වදන් ටික.මගේ ජීවිත කැපකිරීම ෙනොවටිනා ෙදෙයක් නොවනු ඇති.අඩු තරෙම් මට විශ්වාසයි සාපාරාධිඅපරාධයට,බියගුළුකමට,රාජ්‍යද්‍රෝහිකමට දඩුවමක් ලබාදෙන පාඩමක් වන බවට."

ඉංග්‍රීසි පරිවර්ථනය



ඉහත කතාවෙන් පසු ජනාධිපතිවරායා සියදිවිනසාගත් බව ෆැසිස්ට්වාදීන් විසින් ප්‍රචාරයක් ෙගෙන ගියහ.ඒහෙත් සැබවින්ම සිදුව ඇත්තේ සන්නද්ධ හමුදා අතින් ඔහු ඝාතනයට ලක් වීමයි.කුමණ්ත්‍රණ දිනට පසු සැප්තැම්බර් 28 දින කියුබාවේ පැවති ජනරැලියකදි කියුබානු නායකයා ප්‍රකාශකල කරුණු අනූව එය පැහැදිලි ෙවේ.


ඇලෙන්ඩේ තම දියණියන් ඇතුලු අවිදරා ෙනොසිටි කාන්තාවන් පෙ.ව.11.45ට පමණ මාලිගෙයන් පිටත් කර හැරියේය.මේ වන විට ගුවන් ප්‍රහාර එල්ල කිරීම සදහා සූදානම් ෙවමින් සිටි බැවින් මදකට ෙවෙඩි තැබීම් නතරව තිබූ බවත් ඒ අනූව ඔවුන් මාලිගෙයන් පිටව ගිය බවත් ඔහු කීවේය.

පළමු ගුවන් ප්‍රහාරය දහවල් 12ට එල්ල විය.පසුව දිගින් දිගටම ෙරොකට් ප්‍රහාර එල්ල විය.තවදුරටත් මාලිගෙයහි පවතින ෙවෙඩිබෙහෙත් ප්‍රමාණවත් ෙනොවීය.ජනාධිපතිවරයා ආයුධ ගබඩාවට ෙගොස් එහි තිබූ ග්‍රෙනේඩ්,මැෂින් තුවක්කු,රයිෆල,වෙඩි ෙබෙහෙත්,ගෑස් වෙස්මුහුණු ආදි එලියට ෙගෙන ඒවා සටන සදහා ෙයොදවාගන්නා ලෙස අණදුන්නේය.මේ උපකරණ වලින් සමහරක් ජනාධිපතිවරයා විසින්ම රැගෙන ගිය බව සදහන්ය.


ඔහුගේ පළමු තුවාලය සිදුවූයේ විදූරු කටුවක් පිටේ ඇනීමෙනි එයට ප්‍රතිකර ලබාගත් පසු ඔහු නැවතත් සටනට අවතීර්ණ විය.ගුවන් ප්‍රහාර සමග පාබල හමුදාවන්ගේද ප්‍රහාර මාලිගයට එල්ල විය.ඒ හේතුවෙන් පහත මහල ගිනි ගෙන දූමයන්ගෙන් පිරුණි.ගින්න මාළිගෙය් ෙවෙනත් තැන් වලටද පැතිරෙමින් පැවතුණි.ඒහෙත් ජනාධිපතිවරයා අනිත් අයටද සටන් කරන ෙලෙස අණ කරමින් තමන්ද සටන් කලේය.දිගින් දිගටම එල්ල වන ප්‍රහාර හමුවේ මාලිගයේ ප්‍රධාන ෙදොරටුව විනාශ විය.සන්නද්ධ හමුදා පහත මාලයට එල්ල කරන ප්‍රහාර ඒ නිසා වැඩි විය.ප.ව. 1.30ට පමණ හමුදාව මාළිගෙයහි පහත මහල අල්ලා ගත්හ.ජනාධිපතිවරයා ෙදෙවන මහලට නැග්ගේය.නියත වශයෙන්ම තමා පරාජය වන බවත් ඒත් හැකි උපරීමයෙන් සටන් කර පැරදෙන බවත් ඔහුගේ මතය විය.


සන්නද්ධ හමුදා වෙඩි තබමින් පඩිපෙළ දිගේ  උඩට පැමිණි අතර දෙවන මහලේ කොටසක් ඔවුන් අල්ලා ගත්හ.ඒ වන විට ෙවේලාව ප.ව.2 ට පමණය.ජනාධිපතිවරයා දෙවන මහලේ කොටසක් අල්ලා ගත් හමුදාවන්ට ෙවෙඩි තබමින් සිටියදි ඔහුගේ උදරයට වෙඩි පහරක් එල්ල විය.චිත්ත ශක්තියෙන් යුතුව සිටී ජනාධිපතිවරයා   අසල තිබූ පුටුවක වාඩිවී ඉදිරියට එන හමුදා භටයින්ට ෙවෙඩි තැබීය.ඒත් සමගම ඔහුගේ පපුව පසාරු කරගෙන තවත් වෙඩි පහරක් එල්ල විය.එය දරාගත නොහැකි වූ ජනාධිපතිවරයා බිම ඇදවැටුණි.පසුව ඔහුගේ සිරුර මතට සන්නද්ධ හමුදා    දිගටම වෙඩි තැබීය.මේ බව ජනාධිපතිගේ ආරක්ෂක  භටයින් දුටුහ.ඔවුන්ට ඇති වූ ආවේගය නිසාම දැඩි ප්‍රහාර හමුදාව වෙතට එල්ල කර ඔවුන්ව පඩි ෙපෙල දක්වා එලවා දැමීය.


ඒ අතර ජනාධිපතිවරයාගේ සිරුර ජනපති කාර්යාලයට ෙගෙන ෙගොස් චිලි ධජයෙන් වසා අවසන් ෙගෞරව දැක්වීය.ජනාධිපතිවරයා මිය ගියද සටන පැවතුණි.අභීත නායකෙයකුගේ ආදර්ශය ලත් අභීත ආරක්ෂකයින් ෙලෙස ඔවුන් පැය දෙකකට ආසන්න කාලයක් සටන් කලහ.සටන අවසන් වූයේ ප.ව4ට සන්නද්ධ හමුදාවන්ට ජය අත්කර දෙමිනි.


මෙය කියුබාවේ හාවානා නුවර පැවති චිලි කුමණ්ත්‍රණය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සදහා පැවති  ජන රැලියක් අමතමින් කස්ත්‍රෝ කල කතාවේ කුඩා ෙකොටසක සාරාංශයකි.


40 පමණ ආරක්ෂක භටයින් සමග පැය ගණනක් සටන් කල බවත්,ඔහු ජනතාවට දුන් වචන ක්‍රියාවෙන්ම ඉටු කිරීමට තරම් අභීත වූ බවත් ඒ නිසා සන්නද්ධ හමුදාවන්ට වඩා ඔහු තුල වැඩි පෞරුෂත්වයක්,ගෞරවයක්,වීරත්වයක් ෙපන්නුම් කල බවත් ඔහු කීය.


මෙහිදි තවදුරටත් අදහස් දැක්වූ ඔහු,අධිරාජ්‍යවාදීන් විසින් ෆැසිස්ට් කුමණ්ත්‍රණයට දැක්වූ සහාය හා ඒ සදහා වගකීමද ප්‍රතික්ෂේප කරමින් සිටින බවත්,ආර්ථික,දේශපාලනික,සංස්කෘතිකමය හා සමාජීයව ජනතාව හා රාජ්‍යන් පීඩනයට ලක් කිරීමේ ක්‍රියාවලියක් ලෙස අධිරාජ්‍යවාදය හැදින්විය හැකි බවත් ඒ නිසා චිලියටද ෙමෙවන් විපතක් සිදුවූ බවත් ඔහු තවදුරටත් පෙන්වා දුන්නේය.


ජනතාව සමගින් පමණක් විපලවයක් කල ෙනාහැකි බවත්,ඒ සදහා ආයුදත් අවශ්‍ය බවත්,ආයුධ මගින් පමණක් විප්ලව කල ෙනෙහැකි බවත් ඒ සදහා ජනතාවද අවශ්‍ය බවත් චිලි ෙදේශයේ සිදුවූ ෙමේ සිදුවීමෙන් අපට උගෙන ගත හැකි පාඩම වන බවද ඔහු කීවේය.



සැප්තැම්බර් 11 දින ජනහිතකාමී සමාජවාදී නායක ජනතා ඡන්දයෙන් බලයට පත් චිලි ජනාධිපති සැල්වෙදාර් 
ඇලෙන්ඩේ ඝාතනය ෙකාට සන්නද්ධ හමුදා අතට බලය ගත්හ.ඉන් දින ෙදකකට පසු සැප්තැම්බර් 13 දින ඔගොස්ටෝ පිනොෂේ චිලි නව ජනාධිපති ලෙස පත්වෙයි.

මෙතෙක් ලියාගෙන ආ චිලි දේශයේ කුමණ්ත්‍රණය ලිපි පෙල මෙතැන් පටන් අවසන් කරමි.



33 comments:

  1. ආයෙත් ලිපි තුනම මුල ඉඳන්ම කියෙව්ව. මේ විදියට ලංකාවේ හිටපු දේශපාලකයො ( අවංක ) ගැනත් ලිව්වොත් මොකද?.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ආවට !

      හ්ම්.. හොද අදහසක්.හැමදාම පිටරට්ටු ගැනම ලියලා හරියන්නේ නෑනේ.

      Delete
    2. පොඩි ප්‍රශ්නයක්.. ලංකාවේ ඩී එස් සේනානායක ඇරුනාම අවංක දේශපාලකයෝ හිටියද?

      Delete
    3. අපොයි හිටියානේ.... එන්.එම් පෙරේරා,පිලිප් ගුණවර්ධන,සිරිමාවෝ,ඩග්ලි සේනානායක වගේ අවංක මිනිස්සු ගොඩක් උන්නානේ.හි.. හි.. alexander අයියා දන්නේ නෑ වගේ අහනවා.

      Delete
    4. ම්ම්ම්.. ඔව් ඔය කට්ටිය ගැන නම් මගෙත් තියෙන්නේ පැහැදීමක්. ඒත් බණ්ඩාරනායක උන්නැහේ ගැන නම් නැත. :)

      Delete
  2. ඔය ඇමරිකාව අද විඳවන්නේ එදා කරපු පව් තමා.. තව පටන්ගත්තා විතරයි. ඒත් ඇමරිකානුවෙක් වීමම මහත් වරප්‍රසාද හිමිවීමක් නිසා ඇමරිකානුවන් වෙන්න ලංකාවේ අපිත් දඟලනවා නේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි !
      ඒක ඇත්ත.නමුත් තියෙන ලොකුම වැරැද්ද තමා ඒක.

      Delete
    2. වරදක් දකින්න බෑ.. ලංකාවේ පාස්පෝට් එකෙන් සිංගප්පුරුව බැංකොක් ඇරුනාම ඉන්දියාවටවත් වීසා නැතුව යන්න පුලුවන්ද? ඇමරිකන් පාස්පෝට් එහෙමද? එකෙක් වෙනුවෙන් උන් සීල් ටීම් එකක් එවන රටක්. අපේ රට එකෙක් වෙනුවෙන් සීල් එකෙක්වත් ගහනවද?

      Delete
  3. තවත් අපුරු කොටසක් වෙනදා වගෙම අසාවෙන් කියෙව්වෙ ජය...

    ReplyDelete
  4. නියමයි... ඊළඟට ලියන්නේ මොකක් ගැනද දන්නේ නෑ? :-D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි !

      ඊලගට ලියන්න හිටියේ වැනිසියුලානු විප්ලවය ගැන.ඒත් දැන් ඒක ඔයාට බාරයි.

      Delete
    2. අපොයි බෑ. මට ඒකට වෙලාව මදි. මගේ ඔලුවේ මේ දවස්වල වැඩ කරන්නේ වෙන කාරනා වගයක්. ඔයාම ලියන්න.

      Delete
  5. නියම සටනක් නේ. වටිනා කරුණු තියන පොස්ටුවක්!!

    ReplyDelete
  6. වැදගත් ලිපියක්. ලිපි 3ම කියෙව්වා.

    ReplyDelete
  7. මුල ඉදන් එන්නං :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  8. ක්‍රියාවෙන් ම වීරයෙක්! Thumbs UP! නියමයි මල්ලි!

    ReplyDelete
  9. ඇමරිකා කුමන්ත්‍රණ චිලි වල විතරක් නෙමෙයි ගොඩක් රටවල ක්‍රියාත්මක වුනා නේද? ඒ ගැනත් ලියවුණොත් නම් වටිනවා!

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්.ලෝකයේ සෑම රටකම මේ වන කොටත් ඇමෙරිකානු කුමණ්ත්‍රණ ක්‍රියාත්මක වෙනවා.එයාලට හිතවත් රටවල් පවා ඒක වෙනවා.ශ්‍රී ලංකාවත් ඕකෙ අස්සේ ඉන්නවා.

      Delete
  10. මාතෘකාව දැක්කම ආසාවට ලිපි 3 ම කියෙව්වා.ඉස්සර ලංකාවෙ ඉන්න කාලෙ ජාතික පුවත්පතක(ලංකාදීපද කොහෙදො) අතිරේකයක් තිබ්බා මේ වගේ ලිපි තියන.හරි ආසාවෙන් කියෙව්වා ලංකාවෙන් ආවට පස්සෙ කියවන්න ලැබුනෙම නෑ ධම්මික නිසා ඒ ප්‍රශ්නෙත් හරි දැන් ඔන්න එහෙනම් මගෙ ස්තූතිය පිලිගන්න හොදෙ..

    ReplyDelete
    Replies
    1. අනිවා... ස්තූතියි ස්තූතියි !

      Delete
    2. ඉස්සර නම් ඔය කියන අතිරේකය මම කියෙව්වා. දැන් නම් කියවන්නේ නෑ. දැන් එකේ කොලිටියක් නෑ. වල් පල් තියෙන්නේ.. ඊට වඩා හොඳ මේ වගේ ලිපි ලියවෙනවා සයිබර් අවකාශය තුල. එව්වා පත්තරවල යන්නේ නෑ. ගියොත් අරව ලියන උන්ගේ නොහැකියාව ප්‍රදර්ශනය වෙනවා නේ..

      Delete
  11. දම්මික මචෝ මේ කතාව කෑලි කෑලි ලියල මාව පිස්සුවට්ටන්නේ නැතිව ඔයා මේ කතවම එක පාර ලියලදාන්නකෝ. පිස්සු හැදිලා ආයේ හොඳ උන මචං සිරාවට.

    ReplyDelete
    Replies
    1. මෙතනින් ඉවරයි... ආයෙ වෙන එකක්.

      Delete
  12. ඉසබෙල් අයියන්දෙ එයාගෙ නිර්මාණ වලින් කරපු විප්ලවයත්, සැල්වදෝර් අයියන්දෙගෙ විප්ලවේට දෙවැනි නෑ.අමතක කරවපු ලතින් වීරයෙක් ගැන ලියපු එක ගොඩක් වටිනවා.

    ReplyDelete