![]() |
වසර බිලියන ගණනකට පෙර විශ්වය බිහි වුණි.එහි සුවිශේෂි ග්රහලොවක් තුල ජීවි විශේෂ හට ගැණුනි.ක්‍රම ක්‍රමයෙන් ඒ ජීවී විශේෂ වර්ධනය විය.මේ ලක්ෂ සංඛ්‍යාත වූ විශේෂ අතුරින් එක් වානර කුලයක් ඉතා වේගයෙන් වෙනස් විය.ඔවුහු කෑම සොය සොයා රංචු පිටින් සැරි සැරූහ.දඩයම් කොට අමු අමුවේ ඒවා ආහාරයට ගත්හ.දෙපයින් සිට ගත්හ.ගින්දර සොයාගත්හ.දඩයම් කොට ඒවා පුළුස්සා කෑහ.විලි වසා ගත්හ.ඇදුම් සොයා ගත්හ.මෙයට යුරෝපයෙන් නව නිර්වචනයක් ඉදිරිපත් විය.ඒ මිනිසා ශිෂ්ට සම්පන්න වීමයි.එහෙත් මිනිසාගේ ශිෂ්ට සම්පන්න බව මිනිසාටම පිළිලයක් වී ඇති බව පෙනේ.මානව විකාශනය සම්බන්ධව අපූරු විග්‍රහයක් බටහිරෙන් ඉදිරිපත් වෙයි.