හිටපු වෙනිසුඑලානු ජනාධිපති හියුගෝ චාවේස් විවිධ අවස්ථාවන්හී දී සිත් ඇදගන්නා සුළු හා ඉතා දරුණු වචන සිය මුවගින් පිට කර ඇත.ලතින් ඇමෙරිකාව හා එක්සත් ජනපදය අතර වාචික යුද්ධයක් පැවතුණි.එහිදි ඔහු විසින් සිදුකළ කතා කිහිපයක් පහත දැක්වේ.
2005 ජනාධිපති සමුළුවේදී
 |
(google) |
අපේ ජනතාව අගාධයෙන් අගාධයට යද්දි අපි සමුළුනේ සමුළුවට යනවා.
2006 එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතමින්
පළමුවෙන්ම මං ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා මගේ අතේ තියෙන පොත නොකියවපු අයට එය කියවන්න කියලා.මේ පොත ලෝකයේ හොදම හා ගෞරවාන්විත බුද්ධිමතුන් අතර කෙනෙක් වෙන්නාවූ noem chomsky විසින් මෑතකදී රචිත Hegemony or Survival: America's Quest for Global Dominance ග්‍රන්ථයයි.මෙය අපට උදව් වෙනවා 20 වැනි සියවසේ සිදු වූයේ කුමක්ද?දැන් සිදුවෙමින් පවතින්නේ කුමක්ද හා ලෝකය හරහා පීදෙමින් තිබෙන්නාවූ ඉහලම තර්ජනය තේරුම්ගැනීමට.
වසර බිලියන ගණනකට පෙර විශ්වය බිහි වුණි.එහි සුවිශේෂි ග්රහලොවක් තුල ජීවි විශේෂ හට ගැණුනි.ක්‍රම ක්‍රමයෙන් ඒ ජීවී විශේෂ වර්ධනය විය.මේ ලක්ෂ සංඛ්‍යාත වූ විශේෂ අතුරින් එක් වානර කුලයක් ඉතා වේගයෙන් වෙනස් විය.ඔවුහු කෑම සොය සොයා රංචු පිටින් සැරි සැරූහ.දඩයම් කොට අමු අමුවේ ඒවා ආහාරයට ගත්හ.දෙපයින් සිට ගත්හ.ගින්දර සොයාගත්හ.දඩයම් කොට ඒවා පුළුස්සා කෑහ.විලි වසා ගත්හ.ඇදුම් සොයා ගත්හ.මෙයට යුරෝපයෙන් නව නිර්වචනයක් ඉදිරිපත් විය.ඒ මිනිසා ශිෂ්ට සම්පන්න වීමයි.එහෙත් මිනිසාගේ ශිෂ්ට සම්පන්න බව මිනිසාටම පිළිලයක් වී ඇති බව පෙනේ.මානව විකාශනය සම්බන්ධව අපූරු විග්‍රහයක් බටහිරෙන් ඉදිරිපත් වෙයි.