චිලි රටේ සිදුවු හමුදා කුමණ්ත්‍රණය හා ඉන් පසුව සිදු වී ඇති සිද්දි පළිබදවත් මේ ලිපි පෙළ ලියමි.
වර්ෂ 1973 සැප්තැම්බර් 11 වැනිදා චිලී දේශය අදුරු යුගයකට ඇද දැමූ බිහිසුණු කාලපරිච්ජේදයක ආරම්භක දිනය විය.එදින සිදු වූයේ චිලී ජනපති චිලී හමුදාව විසින් බලයෙන් පහ කිරීමයි.මෙයද එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආශිර්වාදයෙන් සිදුවූ බව නම් නිසැකය.ජනාධිපති සැල්වදෝර් අයියන්ඩේ.ඔහු චිලි දේශයේ ජනවරමකින් ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් වූ නායකයෙකි.ඔගොස්ටෝ පිනෝෂේ විසින් අයියන්ඩේ ගේ රජය පෙරළා දමා ඔහු බලයට පත් විය.කුමණ්ත්‍රණයෙන් පසු රට පාලනය කලේ පිනෝෂේ ඇතුලු හමුදා නායකයන් කිහිපදෙනෙකුගේ එකතුවෙනි.
කාලීන මාතෘකා සාකච්ජා කිරීම ප්‍රධාන අරමුණයි. ශ්‍රී ලජකාව තුලත් වෙනත් විදේශ රාජ්‍යයන්වලත් ආර්ථික, දේශපාලනික හා සමාජීය මාතෘකා කතා බහ කිරීමත් ශ්‍රී ලංකීය සිංහල පාඨකයා එයින් ඥානනය කිරීමත් අරමුණ වේ.
Saturday, September 29, 2012
Monday, September 24, 2012
Wednesday, September 19, 2012
කොන්ෆියුසියානු දර්ශනය
කොන්ෆියුසියානු දර්ශනයට මූලිකම අනුග්‍රහය ලබා දෙන්නේ කොන්ෆියුසියස් නැමැති දාර්ශනිකයෙකි.ඔහු උපන්නේ වීනයේ ලූ ප්‍රාන්තයේයය.උපතින්ම අන්ත දිළින්දෙක් විය.හැදීවැඩී ගෙන ආ කොන්ෆියුසියස් දක්ශ ගුරුවරයෙකි.ආයතන කිහිපයකද ඔහු රාජකාරි කර ඇත.ඔහු පිළිබදව වැඩි දුර තොරතුරු මෙතනින්
කොන්ෆියුසියානු දාර්ශනික ගුරුකුලය චීනයේ පැරණිම ගුරුකුල අතර ප්‍රධාන වේ.කොන්ෆියුසියානු දර්ශනය ටාඕ වාදය,බුදු දහම,නීතිවාදය,යැලං වාදය ආදි දර්ශනයන්ගේ සංකලනයක් ලෙස බිහිවිය.
Friday, September 14, 2012
කොමියුනිස්ට් ජාත්‍යන්තරවාදය

නමුත් නිර්ධන පාංතිකයන් වෙනුවෙන් සමාජවාදි රාජ්‍ය වල කම්කරු පංතියේ ජාතික කොටස් හා වාමාංශික පක්ෂ අතර සහයෝගය හා එක්සත් බැවින් කටයුතු කිරීම නිර්ධන පාංතික ජාත්‍යන්තරවාදයයි.මෙහිදි අවධනය යොමු වන්නේද නිර්ධන පාංතික ජාත්‍යන්තරවාදය කෙරෙහිය.කෙටියෙන්ම කියනවානම් වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමට හා සූරාකන්නන්ට විරුද්ධව නැගීසිටීම සදහා ජාත්‍යන්තර වශයෙන් සියළු රාජ්‍යයන්ගේ කම්කරු පක්ෂ එකතුව කටයුතු කිරීමයි.
Tuesday, September 11, 2012
අපි දන්නා චේ ගුවේරා
කලක් තිස්සේ මේ ලිපිය ලිවීමට සිතා සිටියත් එය විවිධ හේතු නිසා මග හැරුණි.නමුත් ඒ මග හැරීම නැවත ලබා ගත්තේ මේ ආකාරයෙනි.
අපි
හොදින් දන්නා ලොව සොදුරුතම මිනිසා, තරුණයින්ගේ අසහාය වීරයා, අසරණයින්ට සරණ
වූ අති ශ්‍රේෂ්ට උතුම් මානව හිතවාදියා, සුපිරිතම විප්ලව වාදියා වූ ඔහු
ඒ(ර්)නෙස්ටෝ චේ ගුවේරාය.මොහු ගැන අන්තර්ජාල ලිපි ඕනෑ තරම් ඇත.සමහර ලිපි
සත්‍ය කරුණු හෙළි කලත් ඇතැම් ලිපි ඔහු පිළිබද යම් ද්වේශයක් ඇති කිරීමේ
අරමුණින් පල කර ඇත.ඒවා සිංහල භාශාවෙන් ලියවුණු ලිපි වීමද කණගාටු දායකය.චේ ට
පෞද්ගලිකව ඇලුම් කරන්නන් අතර මාද සිටී.දීර්ග වුවත් මේ ලිපිය ලියන්නේ ඒ
නිසාය.
Sunday, September 9, 2012
අවසර
බ්ලොග් ලෝකයට මං අළුත් බ්ලොග් එකක් ගේනවා.මං ඉස්සෙල්ලාම බ්ලොග් ලියන්න ගත්තේ මේ අවුරුද්දේ(2012) ජනවාරි මාසයේ.ඒ බ්ලොග් එක හදිසියේම remove වෙලා.නැවත ලබා ගන්න උත්සාහ කලත් හරි ගියේ නෑ.මං හිතන්නේ blogger කාරයාම අයින් කරාද දන්නේ නෑ.ඒත් ස්පෑම් වෙලා තිබුනෙත් නෑ.මං හිතුවේ මගේ අතින් delete උනා කියලා.එහෙනම් ආපහු ගන්න පුළුවන්නේ.නමුත් ඒක ගන්න බෑ.මේ ගැන හොයද්දි මට හිත හදා ගන්න පුළුවන් ක්‍රමයක් හම්බ වුනේ නෑ.මට එපා වුනා, ආපහු මුල ඉදලා එකක් ලියන්න.
Subscribe to:
Posts (Atom)