Pages

Thursday, May 21, 2020

ලෝකයේ අඩුම කාලයකින් අවසන් වූ යුද්ධය ගැන ඔබ දැනුවත්ද? එක්සත් රාජධානිය හා සම්බන්ධ අරුම පුදුම කාරණා (1 කොටස)

මේ ලිපිය මගේ ඉංග්‍රීසි බ්ලොග් අඩවියේ මා විසින්ම  පල කරනු ලැබූ  ලිපියක සිංහල පරිවර්තනයයි.


1.එක්සත් රාජධානිය සමන්විත වන්නේ එංගලන්තය,ස්කොට්ලන්තය,වේල්ස් හා උතුරු අයර්ලන්තය යන රටවල් වලින්.

2.කලක් ශ්‍රේෂ්ට  බ්‍රිතාන්‍ය ලෙස හැදින්වුයේ එංගලන්තය, ස්කොට්ලන්තය හා වේල්ස් කියන රටවල් වල එකතුවට.බ්‍රිතාන්‍ය ලෙස හදුන්වන්නේ වේල්ස් හා එංගලන්තයටයි.

3.ලන්ඩනය කියන්නේ බ්‍රිතානයේ අග නගරය.එය ලෝකයේ ජනාකිර්නම නගරවලින් එකක්.ඒ වගේම භාෂා 300ත් 350ත් අතර ප්‍රමාණයක් කතා කරන ජාතින් එක්සත් රාජධානියේ ජිවත් වෙනවා.

4.ලෝකයේ ප්‍රථම වරට තැපැල් මුද්දරයක් නිර්මාණය කලේ එක්සත් රාජධානිය.ඒ 1840 අවුරුද්දේ ඔක්තෝබර් පළමු වෙනිදා.එය penny black ලෙස හදුන්වයි.


5.ලෝකයේ පැරණිතම ගොඩනැගීම ලෙස වාර්තාවන්නේ  එංගලන්තයේ විට්ස්හයර් හි පිහිටා ඇති ස්ටෝන්හේන්ජ් නම් ඉදිකිරීමයි. ඇත්ත වශයෙන්ම ඊජිප්තුවේ පිරමිඩවලට වඩා ස්ටෝන්හේන්ජ් පැරණියි. ක්‍රිස්තු පුර්ව 300ටත් එහා යුගයක මෙය ඉදිකරවා ඇති බවයි සදහන් වෙන්නේ.එක ගල් කුළුනක සාමාන්‍ය උස අඩි 13ක් පමණ වන බව පැවසෙනවා.

6. යුරෝපයේ උසම නවීන ගොඩනැගිල්ල පිහිටා ඇත්තේද එක්සත් රාජධානියේ බව සදහන් වෙනවා.එය නමින් ෂාර්ඩ් ලෙස හදුන්වන අතර උස මීටර 350ක් පමණ වෙනවා.

7.ලෝකයේ වැඩිම කාලයක් රාජ්‍යත්වය දැරූ පළමු රැජින වන්නේ එලිසබත් 2 රැජිනයි.ඇය 1953 අවුරුද්දේ සිට මේ දක්වා රජ කිරුල දරමින් සිටිනවා.

8.ලෝක ඉතිහාසයේ දැනට අඩුම කාලයකින් යුද්ධයක් නිම කලෙත් එක්සත් රාජධානියි.ඒ එක්සත් රාජධානිය හා සන්සිබර් සුල්තාන්වරුන් අතර 1896 අවුරුද්දේ අගෝස්තු 27වැනි දින පැවතී යුද්ධයි.මෙම යුද්ධය පැවතුනේ සන්සිබර් දුපතේ සන්සිබර් නගරයේයි.සන්සිබර් දූපත පිහිටා  ඇත්තේ අප්‍රිකානු කලාපයේයි. මේ යුද්ධයේ කාල පරාසය ලෙස දැක්වෙන්නේ විනාඩි 35ත් 45ත් ලෙසයි.

9.එංගලන්තයේ විශාල ලෙස ඉන්දියන් අවන්හල් ඉදි කර තිබෙනවා.ඒ ඔවුන් ඉන්දියන් චිකන් ටික්කා එකට බෙහෙවින් ප්‍රිය නිසයි.මුම්බායිවල හා නව දිල්ලියේ පිහිට ඇති අවන්හල් ගනනට වඩා වැඩි ඉන්දියන් අවහන්හල් ගණනක් ලන්ඩනයේ තිබෙන බව පැවසෙනවා.

10.එක්සත් රාජධානිය තවමත් රාජකීය රටක්.ඒ නිසා රජ පවුලේ විවාහ උත්සව හා වෙනත් විශේශිත උත්සව දිනයන්වලිදී  එරට වැසියන්ට නිවාඩු දිනයක් වෙනවා.

11.වයස අවුරුදු 18ට අඩු දරුවන්ට මධ්‍යසාර විකිණීම තහනම් වන අතර ඔවුන්ට තමන්ගේ නිවස තුල මධ්‍යසාර පානය කිරීමට හැක.

12.වර්ෂ 1066ත් 1362ත් අතර කාලයේ එංගලන්තයේ නිල භාෂාව වී ඇත්තේ ප්‍රංශ භාෂාවයි.

13.ලෝකයේ ලොකුම පුස්තකාලය ලෙස වාර්තාවන්නේ බ්‍රිතාන්‍ය පුස්තකාලයයි.එහි අයිතම මිලියන 170කට අධික ප්‍රමාණයක් පවතින බවත් සෑම වසරකම මිලියන 3ක අයිතම ප්‍රමාණයක් අලුතින් එකතුවන බවත් එහි නිල වෙබ් පිටුවේ සදහන් වෙනවා.

14.යුරෝපයේ තෙවෙනියට විශාලතම ආර්ථිකයට හිමිකම් කියන්නෙත් එක්සත් රාජධානියයි.ලෝකයෙන්ම 6වැනි ස්ථානය හිමි කරගන්නෙත් එක්සත් රාජධානියයි.

15.ලෝකයේ පැරණිතම හා ලෝකයේ විශාලතම ප්‍රවාහන පද්ධතිවලින් ප්‍රධාන තැනක් හිමිවන්නේ එක්සත් රාජධානියටයි.ලන්ඩනයේ පොලොව තුල පිහිට ඇති දුම්රිය මාර්ගවල දැනට ක්‍රියාත්මක වන දුම්රිය නැවතුම් 270ක්ද අක්‍රිය දුම්රිය නැවතුම් 40ක්ද තිබෙනවා.

16.ලෝකයේ ප්‍රථමයෙන්ම කොටිපතිනියක් බිහි කලේ එක්සත්  රාජධානියයි.එම කාන්තාව සුප්‍රසිද්ධ හැරී පෝටර් රචනා කල j.k.rowlling නමැති කතුවරියයි.

17.වර්ෂ 1814 ටෝටෙංහම් වල තිබුන බියර් කර්මාන්තශාලාවක් තුල සිදුවූ හානියකින් අඩි 15ක පමණ බියර් ගඟක් එම නගරය පුරා ගලා ගිය බව සදහන්.

18.ලෝකයේ උසම රෝදය වන්නේ London eye හෙවත් ලන්ඩන් ඇස යි.එහි උස අඩි 443කි.සම්පුර්ණයෙන්ම  වටයක් කැරකීමට විනාඩි 30ක පමණ කාලයක් වැය වන බව සදහන්.
  

10 comments:

  1. Wadagath sthana gana thorathuru walata sthuthiyi.

    ReplyDelete
  2. Itha watina thorathuru tikak.Sthuthiyi.

    ReplyDelete
  3. හෆ්ෆා......බියර් ගඟෙන් මිනිස්සු 8 මැරිලලු. යූ ටියුබ් කිව්වෙ..

    ReplyDelete
    Replies
    1. ඔව්. අඩුම තරමේ අට දෙනෙක් කියල කියන්නේ. විතරක් නෙමේ තවත් මාරු කතා ටිකක් ඔය සිද්දිය වටේ තියෙනවා.

      Delete
  4. අහම්බෙන් ගොඩ වැදුනේ! හරිම වටිනා කියන ලිපි පෙලක්!

    ReplyDelete