Pages

Friday, June 12, 2015

චාවේස් විසින් ලෝක බලවතුන් කෝප ගැන්වූ අවස්ථා කිහිපයක්

හිටපු වෙනිසුඑලානු ජනාධිපති හියුගෝ චාවේස් විවිධ අවස්ථාවන්හී දී සිත් ඇදගන්නා සුළු හා ඉතා දරුණු වචන සිය මුවගින් පිට කර ඇත.ලතින් ඇමෙරිකාව හා එක්සත් ජනපදය අතර වාචික යුද්ධයක් පැවතුණි.එහිදි ඔහු විසින් සිදුකළ කතා කිහිපයක් පහත දැක්වේ.

2005 ජනාධිපති සමුළුවේදී
(google)
අපේ ජනතාව අගාධයෙන් අගාධයට යද්දි  අපි සමුළුනේ සමුළුවට යනවා.

2006 එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතමින්

පළමුවෙන්ම මං ඉතා ෞරයෙන් ආරාධනා කරනවා මේ අේ තියෙන ොත නොකියවපු අයට එය කියවන්න කියලා.ොත ෝකොදම හා රවාන්විත බුද්ධිමතුන් අතර කෙනෙක් වෙන්නාවූ  noem chomsky විසින් මෑතකදී රචිත Hegemony or Survival: America's Quest for Global Dominance   ග්‍රන්ථයයි.මෙය අපට උදව් වෙනවා 20 වැනි සියේ සිදු වූේ කුමක්ද?දැන් සිදුවෙමින් පවතින්ේ කුමක්ද හා ෝකය හරහා පීදෙමින් තිබෙන්නාවූ ඉහලම තර්ජනය ේරුම්ගැනීමට.


මම හිතනවා ොත කියවිය යුතු ප්‍රථම මිනිසුන් ොට්ඨාසය ක්සත් ජනපද අේ සෝදර සෝදරියන් කියලා කද තර්ජනය ඇත්ේ ඔවුන්ේම නි නිසා. 

යක්ෂයා මෙතනට ආවා ඊයේ.ඊයේ යක්ෂයා මෙතනට ආවා.මෙතනදීම.අද වෙනතුරුත් ඌ ග‍ද ගහනවා.

මහත්ම මහත්මියනි,ඊයේ දිනයේදි මේ වේදිකාවෙන්, මම යක්ෂයා ලෙස හැදින්වූ මහත්මයා වූ එක්සත් ජනපදයේ ජනාධිපති මෙතනට පැමිණියා.ලෝකය අයිතිකරගත්තා වාගේ.සැබෑවින්ම ලෝකයේ අයිතිකරුවා විදිහට. 

ජනාධ්පතිවරයා කීවා මම පැමිණ තියෙන්නේ මැද පෙරදිග ජනතාවට පවසන්න අපේ රටට ඕනි සාමය බව.නිවැරදියි. එක්සත් ජනපදයයේ වීදීවල ඇවිද ගොස් ජනතාවගෙන් ඇසුවොත්.මේ රටට මොනවද ඕනි? සාමයද? ඔවුන් සියලු දෙනා ඔව් යැයි පවසනවා.නමුත් එක්සත් ජනපද රජයට සාමය අවශ්‍ය නෑ.එයට අවශ්‍ය  යුද්ධය තුලින් සූරාකෑමේ,කොල්ලකෑමේ,ආධිපත්‍යයේ ක්‍රමවේදය.

2006 alo president 
බුෂ් ඔබ බූරූවෙක්,බේබද්දෙක්,බොරු කාරයෙක්,අශික්ත මිනිහෙක්,ඔබ ඉතාම දරුණු මානසික ලෙඩෙක්.

2006 බුෂ්ගේ ආරක්ෂක ලේඛම් ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ්

 ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ් යුද්ධයේ ස්වාමියායි.යක්ෂයාගේ(ජෝරජ් බුෂ්ගේ) බල්ලන්ගෙන් එකෙක්.

2006 කියුබානු සංචාරයේදී  Donald Rumsfeld චාවේස්ව හිට්ලර්ට සමාන කල අතර එයට ප්‍රතිචාර දැක්වු චාවේස්


අධිරාජ්‍යවාදී බල්ලන්ට බුරන්න දෙන්න.ඒක එයාලගේ වැඩක්.අපේ වැඩේ තමා අපේ ජනතාවගේ සැබෑ විමුක්තිය ලගා කරගැනීමට යුද්ධ කිරීම.




2006 ඉරානයේ ක සංචාරයකදී ඊශ්‍රයලයට 
ඔවුන් හිට්ලර්ව දැඩි ලෙස විවේචනය කරනවා.නමුත් ඔවුන් නාසීන් කළ දේට සමාන, නාසීන් කල දේට වඩා නරක දේවල් පවා කර කිබෙනවා.

2006 සමාජවාදය හා ධනවාදය පිළිබ
ධනවාදය යක්ෂයාගේ හා සූරාකෑමේ මාර්ගයයි.මා හිතන්නේ ප්‍රථම සමාජවාදිය වූ ජේසුස් වහන්සේගේ ඇස් තුලින් ඔබට සැබවින්ම බැලීමට අවශ්‍යය නම්- සමාජවාදයට හැකියි නිර්ව්‍යාජ සමාජයක් නිර්මාණය කරන්න.

සතිපතා පැවැත්වෙන රූපවාහිනි හා රේඩියෝ වැඩසටහනකදි ඇමෙරිකානු නිළධාරීන්ට

යන දිල්ලියකට පලයව්...*ග්‍රින්ගෝ ගෙදර පලයව්..

එහිදි කොන්ඩලීසා රයිස්ට

මොනවද අධිරාජ්‍යවාදියාට ඕනි?කොන්ඩලීසා ඒක කිව්වා.කොහොමද තමුන්ට?ඔහේට මාව අමතක වෙලා තියෙනවා මිසී...කොන්ඩලීසා එය පැහැදිලිව කීවා.ඔවුන්ට ඕනි මැද පෙරදිග නව භූ-දේශපාලන සිතියමක් නිර්මාණය කිරීමට අවශ්‍යය බව.

2006 දී ටෝනි බ්ලෙයාර් විසන් වැනිසියුලාවට අන්තර්ජාතික නීති උල්ලංඝනයා කලා යැයි බැන වැදුනු අතර එයට ප්‍රතිචාර දැක්වු චාවේස්

අශීලාචාර වෙන්න එපා.නිර්ලජ්ජිත වෙන්න එචා බ්ලෙයාර්.ඔබ කිසිම සදාචාරයක් නැති අයගෙන් එක් අයෙක්.ඔබ අනතර්ජාතික ප්‍රජාවගේ නීති විවේචනය කරන්න කිසිම අයිතියක් නැති කෙනෙක්.


2008 ඇමෙරිකානු තානාපති පිටුවහල් කිරීමෙන් අනතුරුව
යන තැනකට යනවා ඇමෙරිකානුවා.

හිටපු ලිබියානු නායකයාට සහාය දක්වමින්
ලිබියානු ජනතාව බේරාගන්නේ  ඔවුන් බෝම්බ පිපිරවීමෙන්ද?මොනතරම් අතිදක්ශ උපායක්ද අධිරාජ්‍යවාදයේ.ජාත්‍යන්තර අයිතිවාසිකම් කොහේද?මෙය ලෙන් මිනිසාගේ යුගය වගෙයි.


2011 මාර්තු 4 වනි දින පැවති ALBA සමුළුවේදී ලෝක ජල දිනය නිමිත්තෙන්

මම හැමවෙලේම අහලා තියෙනවා කියලා තියෙනවා  පුදුමයක් නොවෙයි අගහරු මත ශිෂ්ඨාචාරයක් තිබුනා කිවුවොත්..නමුත් ධනවාදය එහේ ගියොත් යටත්විජිතවාදය පැමිණ මුළු ග්‍රහයාම විනාශ කර දමාවි..



මාධ්‍යය සාකච්ජාවකදී

ඔබාමා තීරණය කලා අපට පහර දෙන්න.දැන් ඔබට ඕනි අපට පහර දීම මගින්  ජන්ද ලබා ගන්න.වගකීම් රහිත වෙන්න එපා.ඔබ විකටයෙක්,විකටයෙක්.




*ග්‍රින්ගෝ යන්න එක්සත් ජනපදවාසීන් හදුන්වන නමකි. එක්සත් ජනපදය මෙක්සිකෝව අක්‍රමණය කරන විට කොළ පැහැති නිළ ඇදුමින් සැරසී සීටි අතර මිනිස්සූ ඔවුන්ට 'Green go home' යනුවෙන් කෑ ගසා ඇත.ඒ අනූව ග්‍රින්ගෝ යන පදය හැඩ ගැසී ඇති බව සමහර විශේෂ‍්ඥයින් විසින් ප්‍රකාශ කර ඇත.


මූලාශ්‍ර-  http://www.reuters.com/article/2011/03/22/us-venezuela-chavez-mars-idUSTRE72L61D20110322
            http://www.washingtonpost.com/wp-dyn/content/article/2007/01/22/AR2007012200178.html
            http://news.bbc.co.uk/2/hi/americas/7090600.stm

3 comments:

  1. Hey colega, descobri esta postagem a partir de um blog de um conhecido.
    Curti do que li, tú parece entender bem do assunto. Meus parabéns!

    ReplyDelete
  2. Eu não sou muito de um internet leitor deve ser honesto mas seu Blogues
    muito bom, continue assim! Eu vou em frente e marque seu site voltar
    mais tarde. Tudo de melhor

    ReplyDelete
  3. I know this web page offers quality based content and additional material, is there any
    other site which presents these kinds of data in quality?

    ReplyDelete