Pages

Saturday, January 31, 2015

ආසියාවද ? යුරෝපයද ?



වසර බිලියන ගණනකට පෙර විශ්වය බිහි වුණි.එහි සුවිශේෂි ග්‍රහලොවක් තුල ජීවි විශේෂ හට ගැණුනි.ක්‍රම ක්‍රමයෙන් ඒ ජීවී විශේෂ වර්ධනය විය.මේ ලක්ෂ සංඛ්‍යාත වූ විශේෂ අතුරින් එක් වානර කුලයක් ඉතා වේගයෙන් වෙනස් විය.ඔවුහු කෑම සොය සොයා රංචු පිටින් සැරි සැරූහ.දඩයම් කොට අමු අමුවේ ඒවා ආහාරයට ගත්හ.දෙපයින් සිට ගත්හ.ගින්දර සොයාගත්හ.දඩයම් කොට ඒවා පුළුස්සා කෑහ.විලි වසා ගත්හ.ඇදුම් සොයා ගත්හ.මෙයට යුරෝපයෙන් නව නිර්වචනයක් ඉදිරිපත් විය.ඒ මිනිසා ශිෂ්ට සම්පන්න වීමයි.එහෙත් මිනිසාගේ ශිෂ්ට සම්පන්න බව මිනිසාටම පිළිලයක් වී ඇති බව පෙනේ.මානව විකාශනය සම්බන්ධව අපූරු විග්‍රහයක් බටහිරෙන් ඉදිරිපත් වෙයි.


බුදුන් වහන්සේ දේශනා කළ අග්ගඤ්ඤ සූත්‍රයේ පෙෘද්ගලික දේපළ හිමිකම පිළිබද හොදින් කියැවේ.කලක් සාමූහිකව ගොස් ආහාර බුක්ති විදිමින් සිට පසුව අලස කමට එක් අයෙක් හෙට දිනයටත් සෑහෙන පරිදි ආහාර ගොඩ ගසාගෙන තිබේ.ක්‍රමයෙන් හැල් සහිත භූමි ප්‍රදේශ තමාගේ යැයි වෙන් කරවා ගැනින.මෙලෙසින් ආරම්භ වූ ක්‍රමවේදය සුවිශාල සමාජ හා දේශපාලන ක්‍රමයකට මුල පිරුණි.මෙම සමාජ හා දේශපාලන ක්‍රමය තුලදී ඉතා නින්දිත ලෙස මිනිසුන් තලා පෙළීම හා මරණයට පවා පත්විය.සමහරුන් සුර සැප විදින විට තවත් සමහරු අන්ත දුක වින්දහ.අද ධනවාදය,සමාජවාදය,ප්‍රජාතන්ත්‍රවාදය,කොමියුනිස්ට්වාදය වැනි වචන අපට අසන්නට ලැබෙන්නේ මිනිසාගේ එදා තිබූ මමත්වය හා එහි වර්ධනය නිසාය.

භෞතික වශයෙන් වෙන් වූ භූමියක් හා එහි පිරිස පාලනය කිරීමට රජෙක් නිර්මාණය කරගත් අතර ඔහු වටා සියළු බලය මධ්‍යගත විය.ලෝකයේ සෑම රාජ්‍යයකම මෙම රාජාණ්ඩු ක්‍රම දක්නට ලැබුණි.සමහර රටවල රාජාණ්ඩු ක්‍රමය උග්‍ර ධනවාදිය.නමුත් සමහර රටවල මෙම ක්‍රමය සමාජවාදය පැත්තට යොමු වී තිබුණු බව දක්නට ලැබේ.ආසියාවේ රදලයින් සිටින විට යුරෝපයේ සිටියේ ධනපතීන්ය.

යුරෝපයේ සිදුවූ සංස්කෘතික විප්ලව ආගමික විප්ලව හමුවේ රාජාණ්ඩු ක්‍රමයේ පිරිහීම ඇරඹුණි.මෙය ඉතා වේගයෙන් සිදු වූයේ කර්මික විප්ලවයත් සමගය.'කාර්මික විප්ලවයත්' සමග මුළු ලෝකයම නොසිතූ වීරු ලෙස වෙනස්ම දිශාවකට හැරුණි.එය බොහෝ දුරට පෘථීවියේ විනාශය දෙසට යන ගමනක් විය.

ආසියාව හා යුරෝපය යුගල පද දෙකක් නම් ඒ හා සම්බන්ධ අනිත් පද යුගලය වන්නේ ආධ්‍යාත්මික චින්තන විප්ලවය හා භෞතික විප්ලවයයි.එනම් ආසියාව ආධ්‍යාත්මික චින්තනය මුල් කරගෙන ඉදිරියට පැමිණි අතර යුරෝපය පැමිණියේ භෞතික දැක්මක් මුල් කරගෙනය.මෙම ක්‍රම වේද දෙක විප්ලව දෙකක් ලෙසටද හැදින්විය හැකිය.එනම් ආසියාවේ සිදුවූ චින්තන විප්ලවය සහා යුරෝපයේ සිදුවූ භෞතික විප්ලවයයි.
http://www.google.lk/url?sa=i&rct=j&q=&esrc=s&source=images&cd=&cad=rja&uact=8&ved=0CAcQjRw&url=http%3A%2F%2Fwww.deviantart.com%2Fmorelikethis%2F398820239&ei=McjNVIDrNNDz8gWu2YKYCg&bvm=bv.85076809,d.dGc&psig=AFQjCNH-ibRIJLdJkMJh3NMzkNN7ZTgrQg&ust=1422858631265039

ක්‍රි.පූ.6 වන සියවසේ මහා භාරතයේ ශ්‍රේෂ්ට විද්‍යාඥයෙක් වූද.ශ්‍රේෂ්ට දාර්ශනිකයෙකු වූද,විශිෂ්ට කොමියුනිස්ට්වාදියෙකු වූද බුදුන් වහනසේගේ දර්ශනය පැතිරුනි.මෙම දර්ශනය විසින් එකල පැවති විනි විද භාවයක් නොමැති,මිනිසුන් නිර්ධය අන්දමින් සූරාකන සමාජ හා දේශපාලන ක්‍රමයට එරෙහිව දැඩි ප්‍රහාර එල්ල කරනු ලැබීය.ඉන් බොහෝ කලකට පෙර එනම් ක්‍ර.ව.1500 දී පමණ කාර්මික විප්ලවය යුරෝපයෙන් ඇරඹුණි.ආධ්‍යාත්මික විප්ලවයේ මූලිකත්ය ගත්තේ ෂඩ් ශාස්තෘවරුන්,ලාඕට්සේ.කොන්ෆියුසස් හා ගෞතම බුදුන් වහන්සේ වැනි දාර්ශනිකයන්ය.කාර්මික විප්ලවයේ මූලිකත්වය ගත්තේ ගැලීලියෝ ගැලීලි,නිකලස් කොපර්නිකස්,ජේම්ස් වෙට් වැනි අයයි.

කාර්මික විප්ලවයෙන් පසු රාජාණ්ඩු ක්‍රම බිදවැටී නව පාලන ක්‍රම බිහි විය.එය 'ධනවාදී ආර්ථික 'රටාවකින් පරණ ක්‍රමයම නව ආකාරයකින් ඉදිරියට ඒමක් විය.ධනවාදය ප්‍රචාරය කිරීමේදි ඇඩම් ස්මිත් මූලිකත්වය ගත්තේය.ධනවාදයේදී අගය කරන්නේ හා ඉස්මතු වන්නේ පෞද්ගලික නිදහස වන අතර එහිදී සමානාත්මතාවය ගිලිහී යයි.එයට විසදුමක් ලෙස සමානාත්මතාවය අගය කරන හා ඉස්මතු කරන පෞද්ගලික නිදහස යටපත්වන සමාජවාදය නම් සංකල්පය යුරෝපයෙන්ම මතුවෙයි.එහි මූලිකත්වය ගත්තේ කාල් මාක්ස් හා ෆෙඩ්රික් එංගල්ස්ය..මෙම දේශපාලන ක්‍රම දෙකම අන්තවාදීය.මෙම ක්‍රම දෙකෙන්ම මිනිසුන් පීඩා විදියි.එයට සුදුසු පිළියමක් ලෙස 'සමාජ ප්‍රජාතන්ත්‍රවාදය' බිහිවිය.

ආසියාවේ රාජාණ්ඩු ක්‍රමය පැවතුණි.යුරෝපයේ හටගත් සමාජවාදය හා ධනවාදය යන ක්‍රමවේදයන් දෙකම ආසියාව ආක්‍රමණය කරයි.ඒ ධනවාදය අධිරාජ්‍යවාදය ලෙසත්,සමාජවාදය නිළධාරීවාදය ලෙසත්ය.වඩා ඉක්මනින් ධනවාදය ව්‍යාප්ත වූ බව පෙනේ.අධිරාජ්‍යවාදී ස්වරූපයෙන් පැමිණි ධනවාදයත්,නිළධාරීවාදය ස්වරූපයෙන් පැමිණි සමාජවාදයත් ආසියාවේ ව්‍යාප්ත විය.අධිරාජ්‍යවාදය විසින් කොමියුනිස්ට්වාදය සහා සමාජවාදය ව්‍යාප්ත වීම මැඩලීමට කටයුතු කළේය.ධනවාදයට විපක්ෂ,සමාජවාදයට පක්ෂ බලවේග විසින් විමුක්ති අරගල දියත් කරනු ලැබීය.අදත් එවැනි විමුක්ති ව්‍යාපාර දක්නට ලැබුණත් ධනවාදය විසින් ඒවා සූක්ෂමව මැඩලයි.

ආසියාවේ බුද්ධ දර්ශනය ථෙරවාදය හා මහායානය ලෙස කැඩී ගිය ආකාරයෙන්ම,සමාජවාදයද ස්ටැන්ලිවාදය හා ට්‍රෝට්ස්කිවාදය ලෙස කැඩුණි.ථෙරවාදය හා ස්ටැන්ලිවාදය පටු වන අතර අන්තවාදීය.මහායානය හා ට්‍රෝට්ස්කිවාදය පුළුල් වේ.අන්තවාදීද නොවේ.

තවත් වැදගත් දේශපාලන සංකල්පයක් ලෙස 'ප්‍රජාතන්ත්‍රවාදය' හදුන්වාදිය හැකිය.එහි අදහස නිදහසයි.ප්‍රජාතන්ත්‍රවාදය තුලින් අදහස් වෙන්නේ නිකන්ම නිකන් නිදහසක් නොවේ.ඒ තූල සමාජ වගකීමද ඇතුලත්ය.නිදහස තුල පුද්ගල හා සමාජ නිදහස අන්තර්ගතය.

ප්‍රජාතන්ත්‍රවාදය තුල වගකීම හා නිදහස  ඇතුලත් නම් යුරෝපයේ ප්‍රජාතන්ත්‍රවාදය භාවිතා වන්නේ වගකීම යන්න මකා දමමිනි.එනම් ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ අරුත බටහිර දේශපාලන ක්‍රමය තුලදී ගිලිහි ගොස් ඇත.අසීමිත පුද්ගලික නිදහස නිසා පුද්ගල ඒකාධිකාරයක්ද ඒ නිසා පැසිස්ට්වාදය කරාද ගමන් ගනී.ප්‍රජාතන්ත්‍රවාදය බලවත් ධනවාදීන්ට හොද ආයුධයක් බවට පරිවර්ථනය කරගෙන සිටියි.

යම් යම් අවස්ථාවලදී මාක්ස්ගේ සමාජවාදය බුදුන්ගේ දර්ශනය අසලින් ගමන් ගනියි.අතිරික්ත ප්‍රාග්ධනය තුලින් සමාජ ක්‍රමයට සිදු වූ හානිය මාක්ස් පිළිගනියි.බුදුන්ද එය ඉහතින් දැක්වූ පරිදි අග්ගඤ්ඤ සූත්‍රය ඇසුරෙන් පැහැදිලි කරයි.කෙසේ නමුත් බුද්ධ දර්ශනය මාක්ස්වාදයට වඩා පුළුල්ය.මාක්ස් දුටුවේ ඉතා පටු පරාසයකි.එහෙත් බුදුන් වහන්සේ ඊට වඩා පුළුල් පරාසයක් දක්වා උන් වහන්සේගේ මනස වෙහෙසා තිබේ.අද සමාජවාදයේ මළගම දකින්නට ලැබෙන්නේ මාක්ස්ගේ පටු දර්ශනය නිසයි.සමාජවාදයේ මළගම හා ධනවාදයේ දීරාපත් වීම අපට අද දක්නට ලැබෙන්නේ අන්තවාදී පටු දේශපාලන ක්‍රම වේදයන් දෙකක් නිසාය.

මෙයින් අදහස් වන්නේ ධනවාදය තුලින්වත්,සමාජවාදය තුලින්වත් මිනිසාට අවශ්‍යය නියම පිළිතුර ලැබී නොමැති බවයි.ලෙනින් විසින් රුසියාවේ මුල්ම වරට සමාජවාදය අත්හදා බැලුවේය.එහෙත් වර්ෂ දෙකකදී නැවතත් ආපස්සට යාටම ඔහුට සිදු වූයේද සමාජවාදයේ තිබෙන අඩුපාඩු නිසාය.චීනයේ මා-ඕ-සේතුං මෙයට පිලියමක් කල් තියා සූදානම් කරගෙන තිබුනි.ඒ අනූව ලෝකයේ විශිෂ්ට විප්ලවවාදීන් දෙදෙනෙකු වූ මා-ඕ හා ලෙනින් දෙපළම සමාජ ප්‍රජාතන්ත්‍රවාදයක් මතු කලේය.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදය හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදය යනු කුමක්ද?මෙ දෙකම එකක්ද?

ධනවාදයේ හා සමාජවාදයේ මිශ්‍රනයක් ලෙස හැදින්විය හැකි සමාජ ප්‍රජාතන්ත්‍රවාදය බිහි වූයේ ධනවාදයට හා සමාජවාදයට එරෙහිවයි.එහෙත් ධනවාදීන් මෙය එලෙසම තබා ගැනීමට කැමති නොවීය.ඔවුහු එය ප්‍රජාතාන්ත්‍රින සමාජවාදය ලෙසට හරවා ගත්තේ ධනවාදය සමාජවාදයෙන් බේරා ගැනීටයි.එහෙත් සත්‍යය වචනය වන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයයි.ලෝකය ඉල්ලන්නේ මෙවැනි සමබර දේශපාලන ක්‍රමවේදයකි.

ඔරලෝසුවක බට්ටා අපි එක් පැත්තකට ඇද අත හැරිය හොත් බට්ටා ඒ අන්තයේම රැදී සිටින්නේද? නැත.එය පැද්දී පැද්දී ගොස් හරි මැදින් නිසලව පිහිටයි.එලෙසම ධනවාදී හා සමාජවාදී රාජ්‍යයන් පෙරළී ගොස් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය නම් පොදු සමබර දේශපාලන ක්‍රමවේදයක් තුල නැවතත් බිහිවෙනු ඇත.

ලෝකයේ ප්‍රථමයෙන්ම පවතින නින්දිත දේශපාලන ක්‍රමයට එරෙහිව හඩ නැගූවේ ආසියානු චින්තකයින්ය.මෙහිදී බුදුන් වහන්සේ හා ක්‍රිස්තුස් වහන්සේ පෙන්වා දිය හැක.එම නිසා ලෝකයේ අභිවෘද්ධියට වැඩ සිද්ධ කලේ ආසියාතිකයින් නොවේයැයි තර්ක කල හැක්කේ කාටද?යුරෝපයේ සිදුවූ විප්ලවය තුලින් පෘථිවිය භෞතිකවත්, මිනිසුන් භෞතිකව මෙන්ම මානසිකවත් පිරිහුණි.ඒ අනූව යුරෝපය ලෝකය විනාශයට පත් වෙන තැනට කටයුතු නොකරමින් සිටිනවා යැයි කිව හැක්කේ කාටද?

*චින්තනයේ පෙරදිග ගමන කෘතිය ඇසුරින්

7 comments:

  1. A SUPPER .................................. articale.

    ReplyDelete
  2. අගේ අැති බ්ලොගයක්........... අැයි දිගටම ලියන්නැත්තේ.... හරිම වටිනවා අපි අතර අැති විවිධත්වයට ඔබේ අදහස්... දිගට ම ලියන්න.......... අතහරින්න ඒපා............

    ReplyDelete
    Replies
    1. ලියනවා...ගිය අවුරුද්දේ බැරි උනා..මේ අවුරුද්දේ ඉදලා ලියනවා.

      Delete
    2. ඒක ලොකු දෙයක් ධම්මික.... දිගට ම ලියමු.... අපි ඉන්නවා ඔබත් ඒක්ක

      Delete
  3. මෙහි එකඟ විය නොහැකි හැකි කාරණා කීපයක් ලියා තිබේ.
    1. //ආසියාවේ රදලයින් සිටින විට යුරෝපයේ සිටියේ ධනපතීන්ය.// යුරෝපයේ රදල වාදය ඉතා තදින් තිබුණි. 1100 ගණන් වල සිට රාජාණ්ඩු ක්‍රමවල අවසානය දක්වා ත්වදවසම් යුගයේ යුරෝපය පාලනය කලේ රජුන් සමග රදලයන්ය.
    2.// ඉස්මතු කරන පෞද්ගලික නිදහස යටපත්වන සමාජවාදය නම් සංකල්පය යුරෝපයෙන්ම මතුවෙයි.එහි මූලිකත්වය ගත්තේ කාල් මාක්ස් හා ෆෙඩ්රික් එංගල්ස්ය..මෙම දේශපාලන ක්‍රම දෙකම අන්තවාදීය// සමාජ ප්‍රජාතන්ත්‍රවාදය බිහි වුන 1800 ගණන් වල අග භාගයේය. ලෙනින් සිටි මුල් පක්ෂයත් එලෙස හැඳින්වේ. සම්ජවාදයේ නොව ස්ටලින්වදි සමාජවාදී ක්‍රමයේ පෞද්ගලික නිදහස සීමා කෙරුණි.
    3. //සමාජවාදයද ස්ටැන්ලිවාදය හා ට්‍රෝට්ස්කිවාදය ලෙස කැඩුණි// බෙදී ගියේ සමාජවාදය නොව මාක්ස් ලෙනින්වාදයයි. මක්ස්ලෙනින්වාදය පශ්චාත් ලෙනින් යුගයේ ස්ටාලින් හා ට්‍රොට්ස්ක්ය් විසින් වෙනස් ලෙස අර්ථකථනය කරන ලදී.
    //ථෙරවාදය හා ස්ටැන්ලිවාදය පටු වන අතර අන්තවාදීය.මහායානය හා ට්‍රෝට්ස්කිවාදය පුළුල් වේ.අන්තවාදීද නොවේ.// ඔබට මෙසේ කියන්න ට අතෙරවාදය අන්තවාදී කියන්නට හා මහායානය හා ට්‍රෝට්ස්කිවාදය පුළුල් වේ කිවීමට ඇති සාක්ෂි මොනවාද? ස්ටලින්වාදය අන්තවාදයකි යන කීමට තරමක් දුරට එකඟ විය හැකිය.
    4. //අද සමාජවාදයේ මළගම දකින්නට ලැබෙන්නේ මාක්ස්ගේ පටු දර්ශනය නිසයි.// මාක්ස් ගේ දර්ශන පටුය කියන්නට ඔබ අධ්‍යනය කර ඇතිදේ මොනවද. දාස් කැපිටල් ග්‍රන්ථයේ වෙළුම් 3 හෝ _Critique_of_Hegels_Philosophy_of_Right, The_German_Ideology වැනි ග්‍රන්ථ වල දක්වා ඇත අදහස් පටුයි කියා ඔබ සිතනවද?
    5.//ලෙනින් විසින් රුසියාවේ මුල්ම වරට සමාජවාදය අත්හදා බැලුවේය.එහෙත් වර්ෂ දෙකකදී නැවතත් ආපස්සට යාටම ඔහුට සිදු වූයේද සමාජවාදයේ තිබෙන අඩුපාඩු නිසාය// ලෙනින් කලේ සමාජවාදී විප්ලයක් රුසියාව සාක්ෂාත් කර ගැනීමයි. ඉන්පසු ඒකාධිකාරී පාලන ක්‍රමයකින් යුද කර සෝවිය දේශය ගොඩ නැගිය. ඉන්පසු NEP මගින් සුළු කර්මන්ත හා ගොවියන්ට දිරිදීම කරන ලදී. සමාජවාදය ගොඩ නගමින් යන අතරතුර ඔහු 1924දී මියගියෙය. ඉන්පසු තනි රටක සමාජවාදය අවදීන් දෙකකින් ගොඩ නැගිය හැකි යයි කියූ ස්ටාලින් නිලධාරිවාදී පාලන තන්ත්‍රයක් බිහි කළේය. නිලධාරිවඩු දුෂණ සහ ජනතාවට නිදහස නැති කම ඇරුණු විට සෝවිය ට් දේශයට මට වෙන වරදක් කිව නොහැකිය. මා අවුරුදු 6ක් ජිවත් වූ රටකි.
    6. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය අලුත් දෙයක් නොවේ. In 1893 ලෙනින් moved to St Petersburg, and became a senior figure in the Russian Social Democratic Labour Party (RSDLP). http://en.wikipedia.org/wiki/Vladimir_Lenin

    නමුත් එය හොඳ අදහසකි. සමාජවාදයට කලින් අඩුම සසමාජ ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවාගත යුතුය.

    ReplyDelete
    Replies
    1. මුලින්ම අදහස් දැක්වීමට ස්තූතිවන්ත වෙනවා.මොකද එහා අවුරුදු 6ක් ජීවත් වෙලා සෘජුවම අත්දැකීම් ලබපු අයෙක් විදිහට ඔබේ අදහස් දැක්වීම වටිනවා.

      මම කිසිම විටෙකවත් සමාජවාදය හා මාක්ස්වාදය හෑල්ලු කරන්න ලියපු ලිපියක් නොවන බව අවධාරණය කරනවා.අවශ්‍යය වුනේ මාක්සවාදය හා ධනවාදය තුලින් නිසි පිළියම් මිනිස් සමාජයට ලැබෙන්නේ නැති බව ප්‍රකාශ කිරීමටයි.

      ලෙනින් රුසියාව තුල සමාජවාදය ස්ථාපිත කරන්න වෙහෙස දැරූ බව සත්‍යයක්.ඒත් පස්සේ සමාජවාදය රුසියාවෙන් ගිලිහුනා නෙද?මම විශ්වාස කරන්නේ රුසියාවේ තිබුනේ නියම සමාජවාදයක් නෙමේ කියලයි.

      සමාජවාදයේ බෙදීම ස්ටාලින්වාදය හා ට්‍රෝට්ස්කීවාදය කියලා බෙදුනා කිව්වා.ඇත්තටම මාක්ක්ස්-ලෙනින්වාදය තමා විය යුත්තේ.සමාජවාදය අපිට අවශ්‍යයයි.ඉදිරියේදි සමාජවාදය බිහිවේවි.
      ස්ටාලින් දැඩි මර්ධනකාරී පිළිවෙත් අනුගමනය කරා.ඔහුගේ සංවර්ධන ව්‍යාපෘති කඩිමුඩියේ ක්‍රියාත්මක උනා.හිට්ලර් හා සමාන ජාතිවාදී අදහස් තිබුනා නේද?ට්‍රෝට්ස්කි තුල එහෙම හිට්ලර් හා සමාන අදහස් තිබුනේ නැ නේද?තෙරවාදි රටකයි මහායාන රටකයි අතර වෙනස්කම් තිබෙනවා නේද?
      මාක්ස් ඇතැම් තැන් වලදී අන්තවාදී කියලා මට දැනෙනවා.
      ඔබ කියපු සෝවියට් දේශයේ වරද තමා මාත් විශේෂයෙන්ම උලුප්පලා ගන්න හැදුවේ.සෝවියට් දේශයේ පෙෘද්ගලික නිදහස හා ධනවාදී රටවල පවතින අසමානතාව.
      සමාජ ප්‍රජාතන්ත්‍රවදාය අළුත් දෙයක් නොවන බව මම හොදින්ම දන්නවා.කිසිම විටෙකවත් ඉහත ලිපියේ කිව්වේ නෑ සමජ ප්‍රජාතන්ත්‍රවාදය අද ඊයේ බිහිවුනා කියලා.මම අදහස් කරේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය යන වචන දෙක අනිත් පැත්ත හරවලා දැන් භාවිතා කරනවා කියලා.

      Delete