උසස්පෙළ විභාගයත් ලියලා අහවර වෙලා ප්‍රතිපලත් නිකුත් උනා.එ්ක නිකුවෙන කම් හරියට වැඩක් කරගන්නත් බැරි උනා.හිතේ බයට.දැන් ඒකත් හරී.දැන් අපේ මාතෘකාවට එමු.
සත්‍ය යනු කුමක්ද? මෙය සරල,අපි එදිනෙදා භාවිතා කරන වචනයක් උනත් බොහෝ ගැටළු ඇති කරවන සුළුය.විවිධ දාර්ශනිකයන් මේ සම්බන්ධයෙන් විවිධ මත පල කරයි.යමෙක් සත්‍ය ලෙස හදුන්වන්නේ කුමක්ද?
1.දකින දේ(අනුරූප්යතාවාදය)
අපේ ඇසට පෙනෙන,අපේ කණට ඇසෙන යම් කාරණාවක් සත්‍යය ලෙස ගත හැකිය.එනම් අපේ ඉන්ද්‍රීයන්ට ගෝචර වන දේ සත්‍යය ලෙස ගත හැකි බව සමහර දාර්ශනිකයන් මේ සංකල්පය යටතේ පෙන්වා දෙයි.එහෙත් අපට පෙනෙන හෝ, අපට ඇසෙන හෝ අපට දැනෙන යම් යම් දේවල් අසත්‍ය ලෙස විය හැකිය.පවතින දේ සත්‍ය ලෙස ගත හැකි වුවත් එම තර්කය බිදීමට තවත් තර්ක ඉදිරිපත් වේ.එනම් පවතින දේ පවතින ස්වරූපයට වඩා වෙනස් ලෙස පෙනීමයි.අනික නොපවතින දෙයක් පවතින දෙයක් ලෙස පෙනීමයි.කාන්තාරයක මිරිගුවක් පෙනීමේදි අප සිතන්නේ එය සත්‍යය ලෙසයි.එහෙත් සැබවින්ම සිදුවන්නේ හිරු එළියත් සමග සම්බන්ධ වූ සංසිද්දියක් නිසාය.
මහනුවර නගරය තුල ශ්‍රී දළදා මාලිගාව පවතින බව පැවසුවහොත් එය අපි සත්‍යයක් ලෙස ගනිමු.හේතුව එය ඉන්ද්‍රීය ගෝචර වන නිසාය.නමුත් මාධ්‍යයක් මගින් නිකුත් කරන ප්‍රවෘතියක් ඉදුරාම සත්‍යය යැයි පිළිගැනීම සුදුසුද?එය අපේ ඇසට පේන්නේ යම් මායාවක් හරහා වීම මෙහිද ඇතිවන ප්‍රධාන ගැටළුවයි.සැබෑ ලෙසම සිදු වූ සිදු වීමට වඩා වෙනස් ලෙස මාධ්‍ය මගින් පුවත් මවන බව අපි දනිමු.
2.දෛනික කටයුතු වලට උදව්වන ප්රශ්තුතයන්(අනුසන්ධානවාදය)
මෙහිදි යම් ප්‍රශ්තුතයක් තමාට ප්‍රයෝජනවත්ද නැද්ද යන්න මත එය සත්‍ය හෝ අසත්‍ය හෝ විය හැකි බව මෙයින් අදහස් කෙරේ.නමුත් අපේ ජීවිතයේදි ප්‍රායෝගිකව සලකා බැලීමේදි වුවත් ඇතැම් සත්‍යයැයි හැගෙන දේ අපට ප්‍රයෝජනයක් නොමැත.ගොඩනැගිල්ලක් ඇත.එය සත්‍යයකි.එහෙත් තමාට ප්‍රයෝජනයක් නැත.අසත්‍ය යැයි හැගෙන දේ ප්‍රෙයෝජනවත් විය හැකිය.
3.සාක්ෂි හා සාධක(උපයෝගීතාවාදය)
මෙයින් අදහස් වන්නේ යමක් සත්‍ය ලෙස පිළිගැනීමට නම් කරුණු,සාධක ආදීන්ගෙන් ඔප්පු විය යුතුයි යන්නයි.තමා නඩුවකට පැටලී තමා සත්යවාදීයෙක් යැයි ඔප්පු කිරීමට සාධක තිබිය යුතුය.එම සාක්ෂි එකිනෙකට පරස් පර නොවිය යුතුයි.නමුත් එයද ප්‍රායෝගිකව එතරම් සාර්ථක නොවේ.සාක්ෂි හා සාධක ඔවුනොවුන්ට ඕනෑ විදිහට වෙනස් කරගත හැකිය.
මේ අනූව පැහැදිලි වන්නේ සත්‍ය යනු එකිනෙකාගෙන් වෙනස් වූ දෙයක් බවයි.තවෙකුට සත්‍ය වූ දෙයක් තවෙකුට අසත්‍ය විය හැකිය.උසාවියේදි විනිසුරුවරයෙකුට සත්‍ය යැයි පෙනෙන දේ තවත් විනිසුරුවරයෙකුට අසත්‍ය විය හැක.එම නිසා සත්‍ය යනු සමාජයේ එකිනේකාගෙන් වෙන් වූ, ඔවුනොවුන්ගේ දැනුම් මට්ටම් අනූව තීරණය වන්නාවූ සංකල්පයක් මිස පොදු සංකල්පයක් නොවන බවයි.
මිනිසාගේ වගකීම
මිනිසුන් සිය සමාජය සමග බැදී පවතියි.තමා වැනිම මිනිසුන් කොට්ඨාසයක්,සත්ව ෙකාට්ඨාසයක් හා පාරිසරික පද්ධතිය සමාජය වේ.ඒ අනූව සමාජය කෙරෙහි මිනිසෙකුට සදාචාරමය වගකීම් පැවරේ.
මිනිසුන් තමන් වැනිම මිනිසුන් සමග සම්බන්ධතා පවත්වයි.එහිදි ආගමික වශයෙන් දේශනා කර ඇති අත්තනෝමතික පාපී ක්‍රියාවන් සිදු කිරීමේදී එහි සම්පූර්ණ වරද එම මිනිසුන් අතරම බෙදී යයි.එනම් මිනිසාගෙන් මිනිසාට සිදුවන විවිද හානි(ඝාතනය කිරීම්,මංකොල්ල කෑම්, ලිංගික අතවර, වධ දීම්) නොවිය යුතුයි.එපමණක්ද නොව එය රටේ අපරාධ නීතියට අනූව අපරාධයක්ද වේ.එබැවින් ඒවා රැක ගැනීම මිනිසාට භාරය.
එසේම මිනිසා,සතුන් සමගද සබදතා පවත්වයි.එහිදි මිනිසාගෙන් සතුන්ට සිදුවන හානි වල වගකීම මිනිසාට පැවරේ.සතෙකු විසින් මිනිසාට කරන හානි වලිදි එහි වගකීම සතුන්ට භාරවෙන්නේ නෑත.අලියෙක් ගමකට කඩා වැද ගැමියෙක් ඝාතනය කරයි නම් එහි වගකීම අලියාට පැවරෙන්නේ නැත.නමුත් අලියා ගම් වදින බව පවසමින් ගැමියා විසින් අලියාට වෙඩි තමා මරා දමයි නම් එහි වගකීම මිනිසාට පැවරේ.එයද ආගමික වශයෙන් මෙන්ම රටේ පවතින නීතියට අනූවද අපරාධයක් වේ.
මීළගට මිනිසා සම්බන්ධකම් පවත්වන්නේ ගස් වැල් ආදී ස්වභාවික පරිසරයත් සමගය.මෙහිදි මිනිසාගෙන් පරිසරයට සිදුවන හානී වලිදී සදාචාරමය වගකීම පැවරෙන්නේ මිනිසාටය.එනම් පරිසරයට හානි වන අයුරින් ගස් කැපීම,පරිසර දූෂණය ආදිය මිනිසා විසින් සිදු කරන නිසා එහි වගකීම මිනිසාට පැවරේ.එහෙත් පරිසරය විසින් මිනිසාට කරනු ලබන හානී වලිදි (ගං වතුර,භූමි කම්පා) එහි වගකීම පරිසරයට නොපැවරේ.
සදාචාරමය වගකීම සෑම අතකින්ම මිනිසාට පැවරෙන්නේ ඔහු මුළු මිහිතලයේම බුද්ධිමත්ම ජීවී කොට්ඨාසය වන නිසාය.එබැවින් ඒවා සුරැකීම මිහිතලයේ බුද්ධිමත්ම සත්වයා වන මිනිසාගේ වගකීමයි.
මහාචාර්ය දයා එදිරසිංහ හා කථිකාචාර්ය ඥානදාස පෙර්රා යන මහත්වරු විසින් රචිත "දාර්ශනික විමර්ශන" කෘතිය ඇසුරෙන්.
සත්‍ය පිළිබදව ඔබ ගෙන හැර දක්වපු කොටස් ඇත්තකි.හුඟ දවසකින්.වර්ථමානයට අවශ්‍ය සටහන්.බුද්ධිමත් ලෙස ඉදිරිපත් කර ඇත.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
බොහොම ස්තූතියි.මේ දිනවල ලිපියක් ලියන්න ලැබෙන කාලය අඩුයි.
Deleteටිකක් වෙනස් ලිපියක් ලියල තියන්නේ. වගකීම් ගත යුතු මිනිසා තම දියුණු මොලය භාවිතා කරලා අනෙක් කිසිම සත්ත්වයෙක් නොකරන තරමේ විනාශයක් කරනවා ලෝකයට. සියලු වගකීම් පැහැර හරින්නත් බුද්ධියම යොදා ගන්න අවස්ථා තියනවා නේ. මේ පොත කියවන්න ආස හිතුන. හොයාගන්න බලන්න ඕනේ .
ReplyDeleteආ ධම්මික.. ප්‍රතිපල කොහොම ද.. මොනවද කරන්න ඉන්නේ දැන්..?
ඔය පොතේ තියෙන්නේ බටහිර දර්ශනය ගැන.අරන් කියවන්න.හොද පොතක්.
Deleteප්‍රතිඵල ගැන නම් මට වැරදිලා දැමුනේ.හිතේ දුකට.ප්‍රතිඵල වැඩක් නෑ අප්පා.හිතපු විදිහට ලැබුනේ නෑනේ.දැන් මම අපේ ගුරු භවතුන්ගේ උපදෙස් මත චාර්ටඩ් පාඨමාලාව හැදෑරීමටයි සූදානම
ඇත්ත.
ReplyDeleteනමුත්, මිනිසා තවම ඔහුනොවුන්ගේ වගකීම් හඳුනාගෙන නැහැ. බොහෝ දෙනෙකු තමාද වගකිවයුත්තෙක් බව තෙරුම් ගනුයේ තමාට ද අන් අයට මෙන් මුහුණ දීමට සිදුවන බරිභාහිට සාධකයන්ට මුහුණ දීමට සිදුවූ විටයි. එතෙක් ඔහුන් තමාගේ ම පුද්ගලික න්‍යාය පත්‍රවල නියැලේ.
නිවැරදියි.ආගමානූ කූලව ජීවත් වන්නේ නම් අමතුවෙන් ඔය බටහිර දාර්ශනිකයන් කියන ආකාරයට වගකීම් ආරක්ෂා කිරීමක් ඕන වෙන්නේ නැහැ.
Deleteස්තූතියි මේ පැත්තට ආවට !
නියමයි මල්ලියා :o නියමෙට විග්‍රහකරලා තියෙනවා
ReplyDeleteස්තූතියි කෝරලේ අයියා මේ පැත්තට ආවට
Deleteබලාගෙන ගියා ම හැමදේම වගේ සත්‍යය කියන දේත් සාපේක්ෂයි නේද ? හිතන්න යමක් ඉතුරු කරන සටහනක්... විභාගෙ ගැන තැවෙන්නෙ නැති ව ඉදිරි වැඩ කරගෙන යන්න මල්ලි. ඒ දේවල් ගැන වැඩිදුර හිතන්නෙපා..
ReplyDeleteඇත්තෙන්ම.බොහොම ස්තූතියි අයියා
Deleteබුද්ධිය ඇති මිනිසා විසින් පරිසරයට කරන අකටයුතුකම් නිසානේ ස්වභාවධර්මයෙන් පෙරලා මිනිසාට පහර දෙන්නේ. ඒ නිසා ඉතිං කොහොමත් වැරදිකරුවා මිනිසාම තමා... හොද ලිපියක් මල්ලි.....
ReplyDeleteඔව්.අපි ඒ ගැන හොදින් දැනගෙන අපිත් ඒවම කරනවනේ.ස්තූතියි අක්කා මේ ලැත්තට ආවට
Deleteමිනිසාට මිනිසත් කම අමතක වෙන යුගයක වගකීම් ගැන කුමන කතාද..
ReplyDeleteවඩාත් හරවත් හොද ලිපියක්
කාලෙකට පස්සෙ ආවෙ ඡායාව ට ..
කොහොමද ධම්මික මල්ලි??
අම්මේ මට නම් හොදයි.. ඒත් ටික දවසකට බ්ලොග් එක ලියන එක නැවැතිලා තියෙන්නේ අක්කේ.. ආයෙත් පටන්ගන්න ඕනි.ස්තූතියි ආවට
Deleteකෝ මේ ධම්මික..? අලුත් අවුරුද්දේ ඔන්න අපි ඇවිත් ගියා..!
ReplyDeleteඉන්නවා ඉන්නවා.. මං ඔයාට සුබ පැතුවා මූණුපොතෙන්..සුබ නව වසරක් !
Delete