Pages

Friday, October 5, 2012

චිලි දේශයේ කුමණ්ත්‍රණය-2

පළමු ලිපිය


1973 සැප්තැම්බර් 11 දින අයියෙන්ඩේ වෙනදාටත් කලින් තම ආරක්ෂකයින් සමග ලා මොනෙඩා මාලිගයට ගමන් කරමින් සිටි අතර ඒ අතර තුර ද සන්නද්ද හමුදා ඔහුට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම සදහා ඔහුගේ ගමනට බාධා කලහ.මාලිගයට පැමිණි අයියෙන්ඩේ සන්සුන්ව ප්‍රහාර දියත් කිරීම සම්බන්ධයෙන් තම හමුදා නිලිධාරීන්ට අණ දුන්නේය.ඒ වන විට අයියෙන්ඩේගේ දූවරු දෙදෙනෙක්ද මාලිගයේ සිටියාය.වැඩිමල් දියණිය බියට්‍රිස් අයියෙන්ඩේය.අනිත් දියණිය ඉසබෙලා අයියෙන්ඩේය.බියට්‍රිස් අයියෙන්ඩේ ඒ වන විට ගැබිණි කාන්තාවකි.ඇය   චිලි කුමණ්ත්‍රණයෙන් පසුව කියුබාවට පලා ගොස් එහි ජන රැලියකට සහභාගි විය.එහිදි චිලී කුමණ්ත්‍රණ දිනයේ තමන් ලද අත්දැකීම් මෙසේ විස්තර කරයි.(ඇයගේ සම්පූර්ණ කතාවෙන් කපා කොටා සාරාංගත කොට සකසා ඇත.)



බියට්‍රිස් අයියෙන්ඩේ

ඉසබෙලා අයියෙන්ඩේ

කුමණ්ත්‍රණය සාර්ථක වූ දිනයේ සිට මාසයකට පෙර සිටම අපිට ඉන්නට වූය් රැකවල් මධ්‍යයේ,අවිදරාගත් ආරක්ෂයින් වට කරගෙන.හමුදා කුමණ්ත්‍රණය කොයි මොහොතක හෝ ක්‍රියාත්මක වේයැයි යන අපේක්ෂාවෙනුයි හිටියේ.

උදා වුනේ සැප්තැම්බර් 11 දින.එදා උදෙන්ම ජනාධිපතිතුමා ලා මොනෙඩා මාළිගයට එන බවට අපිට ආරංචි උනා.අපිත් එහෙ ගියා.ජනාධිපතිතුමා පැමිණෙන අතර තුර සන්නද්ධ හමුදා ඔහුගේ ගමනට අවහිර කරා.ඔවුන් සතුව නවීන යුධ උපකරණ තිබුණා.ඒ සියළු බාධකයන් මගහරවා ඔහු මාලිගයට ආවා.මාලිගය තුලදී ඔහුට හිතැති පාර්ශවකරුවන් ඔහුව අත් නොහැර ඔහුට සහය දීමට බලා සිටියා.ඒ අතර මාධ්‍යෙව්දීන්,අමාත්‍යවරුන් කිහිපදෙනෙක්,ලේඛම්වරුන්,වෛද්‍යවරුන්,හෙද හෙදියන් හා ඔහුගේ සමීපතමයන් 11 ක් හිටියා.

ජනාධිපතිවරයා සන්නද්ධ හමුදාවන්ට දිගින් දිගටම ප්‍රහාර දියත් කරන ලෙස සිය අණ දෙන නිළධාරීන්ට අණ කළා.තමා සතුව ඇති අවි ආයුධ වලින් තව දුරටත් ආරක්ෂාව සලසා ගැනීමට නොහැකි බව ඔහු හොදාකාරවම දැන සිටියා.නමුත් බොහොම සන්සුන්වයි ඔහු හිටියේ.ඔහුගේ අණ කිරීම් බොහොම සුහදවයි සිදු වුනේ.සන්නද්ධ හමුදා වෙඩි ප්‍රහාර මලිගය තුලට එල්ල උනා.අපේ නිලධාරීන්ද ප්‍රතිප්‍රහාර එල්ල කලා.

ඔහුට දුරකථන ඇමතුම් ලැබුණා.ඒවාටද සුහදව කතා කලා.සන්නද්ධ හමුදා ජනාධිපතිවරයාට ඉල්ලා අස්වී පලා යන ලෙස හෝ යටත් වෙන ලෙස බල කර සිටියා.ඒත් ඔහු ඒ සෑම බලපෑමක්ම ප්‍රතික්ෂේප කලා.ඒ අතර තමා විසින්ම පත් කල ජනරාල් වරයෙකු වූ බීසා නැමති ද්‍රෝහියා ජනපතිට දුරකතන ඇමතුමක් ලබා දුන්නා.එහිදි ඔහු කියා සිටියේ වහාම තනතුරෙන් ඉවත්ව තම පවුලද සමග  තමාට කැමති ස්ථානයකට යා යුතු බවත් ඒ සදහා අප විසින් විශේෂ ගුවන් යානාවක්ද සූදානම් කර ඇති බවත්.එහෙත් ඔහුට ජනාධිපතිවරයා ආවේගශීලිව බැන වැදී ඔහුගේ ත්‍යාගය ප්‍රතික්ෂේප කලා.උබ වගේ  රාජ්‍යද්‍රෝහියෙකුට ගෞරවණීය මිනිසෙකුගේ ප්‍රතිපත්ති හදුනාගත නොහැකි යැයි පවසමින් ජනාධිපතිතුමා බීසාට පිළිතුරු දුන්නා.

ඒන්න එන්නම මාලිගයට එල්ල වන ප්‍රහාර හා ජනාධිපතිවරයාට එල්ල වන තර්ජනද වැඩි උනා.දුරකථනයෙන් හා ශබ්ද විකාශන යන්ත්‍ර මගින් දිගින් දිටම එල්ල වන තර්ජන ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කරමින් සන්සුන්ව දීර්ඝ සටනකට පිවිසුණා.

ඔහු තමා ගැන සිතනවාට වඩා තමන් වෙනුවෙන් සටන් වදින අය ගැන සිතුවා.එහෙ මෙහෙ ඇවිදිමින් තුවාල කරුවන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙසත්,සටන් කරුවන්ට අවශ්‍ය ආහාර හා ජලය ලබා දෙන ලෙසත්,ගුවන් ප්‍රහාර පිලිබදවත් අදාල නිලධාරීන් දැනුවත් කලා.අනාගතයේ තම හිතෛෂීන්ට සිදුවිය හැකි අනතුරු ගැනද සිතා මාළිගයේ තුල ඇති සියළු ලිපි හා ලියකියවිලි විනාෂ කරන්නට අණ දුන්නා.

මේ අතරේ මාලිගාවේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටී පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් සන්නද්ධ හමුදාවට  එකුතු වී ඇති බවට දැන ගන්න ලැබුණා.

මේ හදිසි අවස්ථාවේ මා ජනාධිපතිවරයා සමග තනිව කතා කලා.මහජනයා ලබා දුන් ජනවරම ආරක්ෂා කරනවා.මං දිගටම අවසාන අවස්ථාව දක්වාම සටන් කරනවා.වෙන දෙයක් කරන්න ඇතතේ නෑ.කල හැකි හොදම දේ සටන් කිරීමයි යනුවෙන් ඔහු පැවසූවා.එසේම අවි නොදරා සිටින සියළුම අය මාලිගය හැර යා යුතු බව ඔහු කීවා.ඔබත් ඉසබෙලාත් මාලිගයෙන් පිටව ගොස් තම මව රැක බලා ගත යුතු බවත් ඔහු කීවා.

ඔහුගේ අදහස වූයේ කම්කරු සංවිධානයට නායකත්වය ලබා දීමයි.තේරුමක් නැතිව මිය යෑම ඔහු ප්‍රතික්ෂේප කලා.මේ බව දැනුම් දීම සදහා මාලිගයෙහි කාමරයට අමාත්‍යවරුන් හා කාර්ය මණ්ඩලය කැදවා අවි දරා නොසිටින සියළු දෙනා ඇතුළු කාන්තාවන් මාලිගයෙන් පිටත්ව යායුතු බවත් කීවා.මට පැවසූ දේම මෙහිදි ඔහු සිය කාර්ය මණ්ඩලයටද පැවසූවා.

ඔහු නැවත නැවත කියා සිටියේ එකමුතුකම හා තම ජනතාවට දේශපාලන නායක්වය ලබා දීම වඩා වැදගත් බවයි.කාන්තාවන් සමග මාද ඉසබෙලාද මොරැන්ඩෝ වීදියට රැගෙන ආවා.තවමත් වෙඩි ප්‍රහාර එල්ල වෙනවා.ඒ නිසා මොහොතනට වෙඩි තැබීම නතර කරන ලෙස ඉල්ලා සිටී ජනාධිපතිවරයා අපව පිටත් කර හැරියා.ඔහු නැවතත් මාලිගයට පිවිසුණා.

ඔහු ගියේ චිලි දේශයේ ජනතාවගේ ජනවරම ආරක්ෂා කිරීම සදහා වන අතර ඒ සදහා ඔහුගේ ජීවිතය වුවද කැපකිරීමට බලාපොරොත්තුවෙන්.

බියට්‍රිස් අයියෙන්ඩේ මේ බව පැවසූවේ කුමණ්ත්‍රණයෙන් පසු කියබාවේ හවානා නුවර පැවති ජන රැලියක් අමතමිනි.තමා මේ කතාව කලේ කියුබානු ජනතාව තුල සැල්වදෝර් අයියෙන්ඩේගේ නියම ප්‍රතිරූපය පිළිබදව අදහසක් ලබා දීමටයි.එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් උසිගැන්වුණු පිරිසක්  චිලියට හා ජනාධිපතිට විරුද්ධව කුමණ්ත්‍රණයක් දියත් කල බව කියබානු ජනතාව හොදින්ම දන්නවා.තමා මේ කතාව කලේ චිලි ජනයා සමාජවාදය වෙනුවෙන්,නැවුම් විප්ලවයක් වෙනුවෙන් ලබාදුන් ජනවරම අවි දරා අවසන් මොහොත වන තුරුම  ගෞරවණීය මිනිසෙකු ලෙස  සටන් වැද ආරක්ෂා කල බව තවදුරටත් ඔප්පු කරන්නට බව අය පැවසුවාය.

මේ වන විට ජනාධිපතිවරයාට වයස අවු.65කි.අවිදරා නොසිටි කාන්තාවන් මාලිගයෙන් පිටත් කර නැවතත් සටන් බිමට අවතීර්ණ විය.එදින තෙවතාවක් සිය ජනතාව ඇමතූ අයියෙන්ඩේ තමාගේ අවසන් කතාව ලෝකප්‍රකට විය.එහි පරිවර්ථනයක් මේ ලිපයටම ඇතුල් කිරීමට සිතා සිටයත් ලිපිය දීර්ඝ වූ නිසා මීළග ලිපියෙන් එය ලිවීමට බලාපොරොත්තු වෙමි.

20 comments:

  1. හොඳ නායකයෙක්. අද බොහෝ රටවල් වලට අඩුවක් වෙලා තියෙන්නේ ඒක තමයි.

    ReplyDelete
    Replies
    1. වචන වෙනස් නොකරන නායකයෙක්.

      ස්තූතියි ආවට !

      Delete
  2. ගොඩක් වටින ලිපියක් සහෝ...

    ReplyDelete
  3. නියමයි මචො ගොඩක් වටිනා ලිපියක් මම අසාවෙන් කියෙව්වෙ////

    ReplyDelete
  4. අයියෙන්ඩේ කියන නම පමණයි ඔයාගේ මේ ලිපි කියවන කල් දැනගෙන හිටියේ. හොඳ විස්තරයක්! ජය!!

    ReplyDelete
  5. මම දන්නා විදියට අය්යන්දේ ජනපතිතුමාගේ කතාව ඉතා ප්‍රසිද්ධ වුනා. ඔයා ඒක ලියන්න. එතකල් මම බලන් ඉන්නේ. මොකද මගේ ඉංග්‍රීසි බ්ලොග් එකේ ඒ ගැන ලියන්න මම කලක පටන් හිතාගෙන හිටියා. ඒකට අදහස් දෙකක් ගන්නත් පුළුවන් වෙයි නේ. :-D

    ReplyDelete
  6. මගින් කතාව නවත්තලා. මම කැමතිම චරිතයක් තමයි මේ අයියන්ඩේ කියන්නේ.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.තව ලියනවා.ස්තූතියි ආවට !

      Delete
  7. මම මේකට කොමෙන්ටුව දැම්ම වගේ තමයි මතක. හැබැයි දැන් නැහැනේ. කමක් නැහැ. කොහොම උනත් මේ ලියාගෙන යන ලිපි පෙළ දිගටම ලියන යන්නේ හරිම ආසාවෙන් තමයි කියවන්නේ මොකද පොලිටිකල් සයන්ස් කියන්නේ මගේ ආසම විෂය දෙකෙන් එකක් .

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටුවක් ඇල්ල නම් තිබ්බේ නෑ.කමක් නැ.දැන් ආවනේ.
      ස්තූතියි !

      Delete
  8. වැදගත් වාර්ථාමය ලිපියක්.

    ReplyDelete
  9. අයියන්ඩේ කියන්නේ සැබෑ ම මානව හිතකාමී නායකයෙක්. අද කාලේ අයට හැදෙනවා නම් ඉගෙනගන්න චරිත ඔන්න! හොඳ සටහනක්!

    ReplyDelete
    Replies
    1. ලංකාවේ උන් හැදෙනවනම් හැදෙන්න හොද චරිත ලෝකේ තියෙනවා.

      Delete
  10. අඩේ උඹ පොලිටිකල් වලට මෙච්චර කැමති ඇයි බං. මමත් කාලයක් පොලිටිකල් කලා. ඒලෙවල් වලට. ඒත් මෙහෙම උනන්දුවක් තිබුනෙ නෑ. පුළුවන් නම් හිට්ලර්ගේ ජීවිත කතාව ලියල දානවද. හිට්ලර් ගැන කියවන්න මට පුදුම උණක් තියෙන්නෙ. ජය.

    ReplyDelete
    Replies
    1. මගේ එකම බලාපොරොත්තුව ලංකාව සමද්ධිමත් රටක් වෙනවා දකින්න.ඒකට අපේ දේශපාලකයින්ටත්,ජනතාවට කිසිම උනන්දුවක් නෑ.ඒකයි මේවා දාන්නේ හිතේ තියෙන තරහට.

      හිට්ලර් ගැන නම් ලිපි ඕන තරම් තියෙනවා නේද?

      Delete