Pages

Wednesday, October 24, 2012

චාවේස් හා වැනිසියුලානු විප්ලවය-1

චිලි දේශය ගැන ලිවීමෙන් පසු ලතින් ඇමෙරිකානු කලාපයේම තවත් රාජ්‍යක් වන වැනිසියුලාව ගැනත් ලියන්න සිත් විය.වැනිසියුලාව තුල මේ වන විට සිදු වූ හා සිදු වෙමින් පවත්නා විප්ලවීය ක්‍රියාදාමය ගැන දළ අවබෝධයක් ලබා දීම මේ ලිපි පෙලේ අරමුණ වේ.

චාවේස් හමුදා නිළධාරියෙකි.තනතුර ලෙෆ්ටින්ට් කර්නල්වරයෙකි.ඔහු හමුදා ඇකඩමියට ඇතුලත් වන්නේ වයස අවුරුදු 17 දීය.ඒ වන විට ඔහු දේශපාලනය පිලිබද අල්පමාත්‍ර වූ දෙයක් දැන නොසිටියේය.වැනිසියුලාවේ තිබූ හමුදා පාසල වෙනුවට හමුදා විශ්ව විද්‍යාලයක් ඉදි උනේ මේ කාලයේදීය.එහිදි විෂය නිර්දේශයද වෙනස් විය.ඒ අතරට දේශපාලන විද්‍යාවද ඇතුලත්ව තිබුණි.එයට පේම් බැන්ද චාවේස් ලොව පුරා සිටී විප්ලවවාදීන් වූ මාවෝ, ලෙනින්,කාල් මාක්ස් වැන්නවුන්ගේ ලිපි කියෙව්වේය.බොලිවර්,නැපෝලියන්,ක්ලවුස්විට්ස් වැනි අයගේ යුධෝපායන් පිලිබදවද ඇති කෘතිද කියෙව්වේය.


චාවේස් තුල මා දකින විශේෂම ලක්ෂණය වන්නේ ඕනෑම විෂයක අන්තයට නොයෑමයි.ඔහු කිසිවිටෙකත් සමාජවාදියෙකු හෝ මාක්ස්වාදියෙකු හෝ සමාජවාදී හා මාක්ස් විරෝධියෙකු හෝ ධනවාදියෙකුද නොවීය.ඔහු කිසිවිටෙකත් තමන් මාක්ස්වාදියෙකු ලෙස හෝ ධනවාදි නායකයෙකු ලෙස හදුන්වා ගෙන නොමැත.

අධ්‍යන කටයුතු නිමාවී එම හමුදා ඇකඩමියේම උපදේශක තනතුරකට පත්වෙයි.ඒ 1980දිය.ලතින් අමෙරිකානු කලාපයේ මේ වන විට දැඩි නොසන්සුන් තාවයක් හට ගෙන තිබුණි.විශේෂයෙන්ම චිලි දේශයේ පිනෝචේ,පැනමාවේ ඕමාර් ටෝරිජෝස්ට සිදු වූ ඇමෙරිකානු කුමණ්ත්‍රණය,පිරු රටේ සිදු වූ සිදු වීම් ඔහු තුල දැඩි කම්පනයක් ඇති කළේය.හමුදා නායකයන් රටේ පාලන බලයට පත් වීම නිසා සිදුවූ මිනිස් සංහාරයන් පිලිබද ඔහු අධ්‍යනය කළේය.එහිදි ඔහුගේ හිතට නැගුනු ප්‍රශ්න කිහිපයකි.ඇත්තටම හමුදාව කියන්නේ මොකක්ද?හමුදාවක් තිබීමේ අරමුණ කුමක්ද? හමුදාව සේවයක් කල යුත්තේ මිනිස් ඝාතන කරන ලේ පිපාසයෙන් වියරු වැටී සිටින පිනෝචේ,ඉඩි අමීන් වැනි පාලකයන්ටද? නැත්නම් ඇලෙන්ඩේ,ටෝරිජෝස් වැනි ජනහිතකාමි පාලකයන්ටද? ඔහුට නැගුන ප්‍රශ්න ඒවායි.එසේම එම හමුදා නායකයින් පවත්වාගෙන ගිය පාලන තන්ත්‍රය පිලිබදවත් ඔහු වැඩි දුරටත් අධ්‍යනය කලේය.විශේෂයෙන්ම ලිබියාවේ ඉන්ද්‍රිස් නම් රජු පලවා හැර මුවම්මර් ගඩාෆි බලයට පත් වූ සැටිත්,සාමාන්‍යෙයන් වෙනත් ඒකාධිපතීන්ට වඩා ඔහු අනුගනමය කල පාලන තන්ත්‍රය පිලිබදවත් හැදෑරීය.එහෙත් ගාඩාෆි පාලන තන්ත්‍රය ඔහුගේ හිතට ප්‍රිය නොවූයේ මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වන නිසයි.


1982දි චාවේස් විසින් "වැනිසියුලා ජනතා විමුක්ති හමුදාව" නම් සංවිධානයක් පිහිටුවාගත්තේය.පසු කාලීනව එයට විවිධ හමුදා නිළධාරීන් සම්බන්ධ වූ නිසා "බොලිවර්වාදී හමුදාව-200" ලෙස නම් කලේය.පසුව 1989 දි සිදුවු කැරකසෝ කැරැල්ල නිසා බොලිවර්වාදී හමුදා -200 ව්‍යාපාරයට මහජනතාව හා හමුදා කොටස් වැඩි වශයෙන් එකතුවිය.ඒ නිසා මේ ව්‍යාපාරය "විප්ලවීය බොලිවර්වාදී ව්‍යාපාරය-200" (MBR-200) ලෙස නම් කලේය.

කැරකසෝ කැරැල්ල යනු එකල ජනාධිපතිව සිටි කාලෝස් අන්ද්‍රිස් පෙරෙස් ගේ නව ලිබරල්වාදී ප්‍රතිපත්ති ඇති කිරීම නිසා අසරණ වූ ජනයාගේ නැගීමයි.එම මහජන නැගීටීම කැරකස් වලින් වෙනත් ප්‍රාන්ත කරාද ව්‍යාප්ත විය.මේ මහජන නැගිටීම මර්ධනය කිරීම සදහා අන්ද්‍රියස් සන්නද්ධ හමුදා යොදවා ජනතාව ඝාතනය කිරීමට සැලැස්වීය.චාවේස්ට මෙය මහත් වේදනාකාරී අත්දැකීමක් විය.කෙසේ හෝ මේ දුෂ්ට රජය එලවා දමිය යුතු බව චාවේස් ප්‍රමුඛ MBR-200 හි සමාජිකයෝ තීරණය කළෝය.ඒ සදහා වැඩ කටයුතුද ආරම්භ කළේය.

1989 දෙසැම්බරයේදී හියුගෝ චවේස් යුධ හමුදාව තුල කුමණ්ත්‍රණයක් දියත් කිරීමට සැලැසුම් කළායැයිද, ජනපති කාලෝස් ඝාතනය කිරීමට සැලැසුම් කලායැයිද පවසමින් සිරභාරයට ගත්තේය.

එයින් නිදහස්ව පැමිණි චාවේස් වහ වහා කලේ තම හමුදා කැරැල්ලට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමයි.ආයුධ ඇති පදමට තිබුණි.හමුදාවේන් තමාට පක්ෂපාති පිරිස් සිටියි.එහෙත් ජනතාව නොමැත.මහජනයා සමගින් දැඩි මිත්‍රශීලි සබධතා ගොඩනගාගැනීම,අධිපතිවාදීන්ගේ ආරක්ෂා වීම,දූෂණය පිටුදැකීම,ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය බිද දමා සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් රට තුල ස්ථාපනය කිරීම වැනි කරුණු ගැන ඔහු ගැඹුරින් සෙව්වේය.වෙනත් රටවල පාලකයින්ගේ මේ සම්බන්ධයෙන් වූ ක්‍රියාකලාපය ගැනත් සෙවීය.

චාවේස්ගේ මූලිකම අරමුණ වූයේ රටට ගැළපෙන ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ස්ථාපිත කරවා ගැනීමයි.එහදී රටේ බුද්ධිමත් පිරිස් එකතු වී වෙනත් රටවල ව්‍යවස්ථා සභා ගැනත්,තම රටට ගැළපෙන ව්‍යවස්ථා සභා ගැනත්  විවිධ පර්යේෂණ ලිපි ලිවීය.එවාද උපයෝගි කරගනිමින් නව වැඩ පිලිවෙලක් සකස් කලේය.මීළගට වැනිසියුලාවේ පැවති විවිධ වාමාංශික පක්ෂ එකතුකොට ගැනීමේ කර්තව්‍යයේ ද ඔහු නිරත විය.ඒ අතර ප්‍රධාන තැනක් උසුලන පක්ෂය වන්නේ කෝසා ආර් පක්ෂයයි.

චාවේස්, ජනතාව හා තමා හමුදා සේනාංක සමගින් කැරැලලට සූදානම් විය.ආයුධ ගෙනාවේය.MBR-200 හි නායකයින්ට ජනතාව රොක් කරවාගැනීමේ කටයුත්ත භාර කළේය.දිනයත් වේලාවත් දැනුම් දී චාවෙස් ඇතුළු පිරිස කැරැල්ල පටන් ගැනීම සදහා ජනයාගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටියි.ඒත් ටික වෙලාවකට පසු මිනිසුන් කිහිප දෙනෙකුගෙන් යුත් කුඩා කණ්ඩායමක් පැමිණියේය.චාවේස් ගෙනා ආයුධ භාරගන්නට ජනතාව නොසිටියේය.සැලසුම් කල පරිදි ජනතාව අවදි කර තම කැරැල්ල දෙසට ඔවුන් යොමු කරවාගැනීමට චාවේස් අසමත් විය.කෙසේ නමුත් 6000ක් වූ හමුදා සේනංකයත්,යුධ ටැංකි,හෙලිකොප්ටර්,කාල තුවක්කුත් සමගින් ඔහු කැරැල්ලට පිවිසුනේය.1992 පෙබරවාරි 04 දින වන විට කැසෝනා මන්දිරයට පහර දුන් අතර වැලෙන්ෂියා,මැරකේ,මැරකයිබෝ  යන නගර අල්ලා ගැනීමට චාවේස් ප්‍රමුඛ කැරලි කරුවන් සමත් විය.එසේම කාලෝස් අන්ද්‍රිස් සිටි මිරැෆ්ලෝරස් මාලිගයටද ප්‍රහාර එල්ල විය.එහෙත් එය යටත් කරගැනීමට නොහැකි විය.ජනාධිපති කාලෝස් අන්ද්‍රිස් පලාගියේය.
කාලෝස් අන්ද්‍රිස් පෙරෙස්

කැරැල්ලට ජනතා සහභාතීත්වයක් තිබුනේ නැත.ඒ නිසා මෙය සාර්ථක එකක් නොවන බව ඔහු එදිනම වටහා ගත්තේය.ඒ පමණක් නොව තමා කැරැල්ල දියත් කල ප්‍රදේශයේ අවට සමාන්‍ය ජනයා වෙසෙන බවත් මේ සටන් නිසා ඔවුන් මහත් පීඩාවට පත්වන බවත් ඔහුට තේරුම් ගියේය.ඒ නිසා එදිනම උදය වරුවේ චාවේස් ආරක්ෂක අමාත්‍යාංශයේදී සියළු ආයුධ භාරදී යටත් වීමට තීරණය කළේය.රූපවාහිනියේ පෙනී සිටීමෙන් තම සගයන්ටත් ආයුධ බිම තබා යටත් වෙන ලෙසත් දැනට වගකීම මා සතුයි කීවේය.චාවේස් සමග 300ක පිරිසක් අත්අඩංගුවට ගත්හ.

1992 නොවැම්බර් 27 දින නැවතත් හමුදා කැරැල්ලක් හටගත්තේය.එය සිදුවූයේ චාවේස්ගේ අනුදැනුමකින් තොරවයි.ගුවන් හමුදාව විසින් ක්‍රියාත්මක කල ඒ කැරැල්ලද අසාර්ථක විය.

පසුව 1993 දෙසැම්බර් 05 වැනිදා ජනාධිපතිවරණයක් පැවැත්වීය.එහිදි කාලෝස් අන්ද්‍රීස් පරදා රෆායල් කල්දේරා ජනපති තනතරුරට පත්විය.මේ මැතිවරණයේදි ජනතාව  ජන්දය දීම වැලැක්වීම සදහා විශාල ව්‍යාපරයක් අනුගමනය කළේය.කල්දේරාගේ ජයත් සමග චාවේස් ඇතුළු විප්ලවවාදීන් නිදහස ලැබුවේ වසර දෙකකට අධික කාලයකින් පසුවයි.
කල්දේරා

හමුදාව තුල සිටම නැවතත් තම සුපුරුදු වැඩසටහන ක්‍රියාත්මක කිරීමට චාවේස් පියවර ගත්තේය.ඔහු රට පුරා සංචාරය කරමින් නව ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලයක්  ගැන මහජනයා දැනුවත් කරමින් සිවිල්- හමුදා ඒකාබද්ධතාවයක් ගොඩනැගුවේය.මේ වන විට චාවේස් සන්නද්ධ හමුදා කුමණ්ත්‍රණයක් ගැන තිබු අදහස ඉවත් කරගෙන තිබුණි.පවතින තත්වය අනූව එය කල නොහැක්කක් විය.එසේනම් හියුගෝ චාවේස්ගේ මීළග පියවර වූයේ කුමක්ද?
 

40 comments:

  1. අනර්ඝයි... චාවේස් හමුදාවට බඳුනේ බේස්බෝල් ගහන්න තිබිච්ච ආසාව නිසා. ඒ කාලේ බේස්බෝල් ගහනවා නම් වෙනිසියුලාවේ ලේසිම තැන වුනේ හමුදාව.

    1992 චාවේස් කුමන්ත්‍රණය පැරදුනු වෙලාවේ කරපු කතාව ඉස්තරම්. එකේ එයා කියපු Por Ahora කියන වචන දෙක තමයි එයාගේ සටන් පාටය වුනේ 1998 ජනපතිවරණයේදී. මම ඒ ගැන ලිව්වා කාලයකට කලින්.

    http://speech-analyzer.blogspot.com/2012/03/hugo-chavez-por-ahora.html

    ReplyDelete
    Replies
    1. අයියෝ මට බේස්බෝල් ගැන කියන්න බැරි උනානේ.ෂික්...මං එයාගේ කතව නම් දාන්න බලාපොරොත්තු උනේ නෑ.

      Delete
    2. ආ.. මං ඔය කතාව සංහලට පරිවර්ථනය කරලා දාන්නද?

      Delete
    3. ඒ කතාව මේකට දැම්ම නම් මේක දිග වැඩි වෙනවා.

      අනිවා. සිංහලට පරිවර්තනය කරන්න. අහන්න දෙයක් නෑ. එතකොට සිංහලෙන් කියවන අයටත් ඒ ගැන දැනගන්න පුළුවන් නේ..

      Delete
    4. හොදයි.බොහොම ස්තූතියි !

      Delete
  2. ගොඩක් වටින ලිපියක්... චාවේස් කියන්නේ මමත් පුද්හලිකව කැමති චරිතයක්.. මීලග කොටසත් ඉක්මනින්ම පලකරන්න ජය ධමිමික
    ස්තුතියි

    ReplyDelete
  3. එල පෝස්ටුවක්! චාවේස් ඇමරිකන් විරෝධියෙක් නේද..
    ධම්මික, උඩම තියන පින්තුරේ ලෝඩ් වෙන්නේ බාගය යි නේද.. බලන්න පොඩ්ඩක්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.චාවේස් දැඩි ඇමෙරිකන් විරෝධියෙක්.

      උඩම තියෙන පින්තූරේ ලෝඩ් වෙනවනේ.මගේ බ්‍රව්සර් එකට නම් හොදට පේනවා.ඇයි මොකක්ද අවුල ?

      Delete
    2. දැන් හරි. මුලින් දෙතුන් පාරක් බැලුවා ආවේ නෑ. දැන් ඔය තියන්නේ බැබලි බැබලි :)

      Delete
    3. හි.. හි.. සමහර වෙලාවලට එහෙම වෙනවා.ස්තූතියි ආවට මේ පැත්තට !

      Delete
  4. මම දේශපාලන මතයක් දරණ පුද්ගලයෙක් නෙමේ ඒත් මම චාවේස්ට කැමතියි ඔහු නිර්භීත කොන්ද කෙලින් තියන් වැඩ කරන පුද්ගලයෙක්.

    ReplyDelete
    Replies
    1. අනිවා.ස්තූතියි ඔබේ අදහසට

      Delete
  5. සෑහෙන්න මහන්සි වෙලා ලිව්වත් අපතේ යන්නෙ නැහැ මේ වගේ සටහන්!

    ReplyDelete
    Replies
    1. ටිකක් මහන්සිනම් උනා.ස්තූතියි ලහිරු !

      Delete
  6. මමත් පෞද්ගලිකවම කැමති පුද්ගලයෙක් චාවේස්. නිර්භීත නායකයෙක්.
    ලිපියත් එළ ඈ...

    ReplyDelete
  7. සුපිරියි ධම්මික. තවත් වැදගත් ලිපියක් ඉතිරි කොටසත් ඉක්මනින්ම දාන්න. ඊයේ භාගයක් බැලුවත් දන්නෙම නැතිව නින්ද ගියා අද ඔක්කොම බැලුව

    ReplyDelete
    Replies
    1. හ්ම්.. කොහොම හරි බැලුවනේ

      Delete
  8. සුපිරි ලිපියක්..

    ReplyDelete
  9. චාවෙස්‌ ගැන කෙටි හැඳින්වීමක් වගේ. හොඳ ලිපියක්.

    ReplyDelete
    Replies
    1. නෑ.ඔහුගේ විප්ලවය ගැනයි කියන්න යන්නේ.ස්තූතියි !

      Delete
  10. එපිට ගැන ඔබ කරන සටහන් මම අගය කරමි.

    ReplyDelete
  11. එපිට ගැන ඔබ කරන සටහන් මම අගය කරමි.

    ReplyDelete
  12. මේ ගැන කිසිවක් දැන හිටියේ නෑ.. බොහොම ස්තුතියි!

    ReplyDelete
  13. ලෙනින් ගැන ලිපියක් දාන්න කෝ

    ReplyDelete
    Replies
    1. දාන්නම්.එ්ත් දැම්මම බෑ.ෙමාකද ෙම් දවස් වල වැඩ ෙගාඩයි.අද තමා ටිකක් හරි බ්ෙලාග් එකට එන්න පුළුවන් උෙන්.ලබන සතිෙය් සදුදා ඉදලා වැඩ පටන් ගන්නවා.ස්තූතියි ඉල්ලීමක් කරාට.ෙලනින් ගැන දාන්නම් චාෙව්ස් ගැන ලියලා.මැෙමා්ම දන්න ෙද් නැතුව සැගවුණු එ්වා ඉදිරිපත් කරන්න බලන්නම්.ස්තූතියි !

      Delete
  14. මේ විප්ලවවාදියන් සමහරකගේ නම් දැනන් හිටියට එයාල ගැන වැඩි විස්තරයක් නම් මම දැනන් හිටියේ නෑ... ඒවත් ඉතිං ටිකක් හරි දැන ගන්නත් එපැයි.නේද?... මේ ලිපියෙන් නොදන්න කරුණු ගොඩාක් දැන ගත්තා.

    ReplyDelete
  15. දම්මික ඔයාගෙ බ්ලොග් එකේ ඉගෙන ගන්න දේවල් ගොඩයි! මේවගෙ දේවල් ගැනනම් මම දන්නෙ නැති තරම්. බොහොම ස්තූතියි අපිත් එක්ක මේ දැනුම බෙදාගන්නවට.!

    ReplyDelete
  16. චේ ගැන දාන්න බැරිද ධම්මික අයියේ...?

    ReplyDelete
    Replies
    1. එයාගේ ජීවිත කතාවනම් කෙටි කරලා දාලා තිබුණා.
      http://chayawasa.blogspot.com/2012/09/blog-post_11.html

      තවත් ටිකක් දාන්නයි ඉන්නේ.

      Delete
  17. ධම්මික, ඔබටත් පවුලේ හැමෝටමත් ප්‍රීතිමත් සුබ නව වසරක් වේවා..!!

    ReplyDelete
  18. ඩොන්ගලයේ බයිට් සීමා වීම හේතුකරගෙන පසුගිය කාල වකවානුවේ බ්ලොග් සැරිසැරීම සීමා සහිත කිරීය.
    ඔබගේ ලිපිය වැදගත් කරුණු කිහිපයක් ම අනාවරණය කරනු ලබනවා. මීලඟ කොටසත් බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
    Replies
    1. ඊළග ලිපිය ලගදීම ලියනවා.

      Delete