Pages

Wednesday, September 19, 2012

කොන්ෆියුසියානු දර්ශනය


කොන්ෆියුසියානු දර්ශනයට මූලිකම අනුග්‍රහය ලබා දෙන්නේ කොන්ෆියුසියස් නැමැති දාර්ශනිකයෙකි.ඔහු උපන්නේ වීනයේ ලූ ප්‍රාන්තයේයය.උපතින්ම අන්ත දිළින්දෙක් විය.හැදීවැඩී ගෙන ආ කොන්ෆියුසියස් දක්ශ ගුරුවරයෙකි.ආයතන කිහිපයකද ඔහු රාජකාරි කර ඇත.ඔහු පිළිබදව වැඩි දුර තොරතුරු මෙතනින්   

කොන්ෆියුසියානු දාර්ශනික ගුරුකුලය චීනයේ පැරණිම ගුරුකුල අතර ප්‍රධාන වේ.කොන්ෆියුසියානු දර්ශනය ටාඕ වාදය,බුදු දහම,නීතිවාදය,යැලං වාදය ආදි දර්ශනයන්ගේ සංකලනයක් ලෙස බිහිවිය.




කොන්ෆියුසියස් ලෝකයේ ප්‍රධානම දාර්ශනිකයන් අතර සිටින අයෙකි.ඔහුගේ දර්ශනය ජපානය,කොරියාව වැනි රටවල් වලට පවා ව්‍යාප්ත විය.

ඔහුගේ දර්ශනයේ මූලිකම හරය වූයේ සමාජ සම්බන්ධතා වර්ධනය කර ගැනීම තුලින් මනා රාජ්‍ය පාලනයක් බිහි කිරීමයි.එම නිසාම  කොන්ෆියුසියස් එකල චීනයේ පැවති සමාජ ක්‍රමය පිළිබදව ගැඹුරින් නිරීක්ෂණය කරන්නට විය.

 ඉපැරණි චීනයේ එකම ගමක සාමාන්‍යෙ‍යෙන් පවුල් 100ක් පමණ වාසය කරති.ඔවුන් එකමුතුව ගොවිතැන් කිරීම,මරණයකදි ,උත්සවයකදී අනෙකුත් සියළුම විශේෂ අවස්තාවලිදීත් කටයුතු කලහ.යමෙකු මිය ගිය විට මිය ගිය අයට නිසි ගරු බුහුමන් දැක්වීම එකල චීනයේ ඉතා ඉහලින්ම සිදු විය.විශේෂයෙන්ම අන්‍යයන්ට ගරු කිරීම ඔහු දැකපු විශේෂම ලක්ෂණයකි.දරුවන් වැඩිහිටයන්ට ගරු කිරීම,ශිෂ්‍යයින් ගුරුවරුන්ට ගරු කිරීම ඔහු දුටුවේය.ඒවා යහපත් මානව සබදතා බව අවබෝධ කරගත්තේය.මෙලෙස ගරු කිරීම මානව සංහතියේ ප්‍රගතියට මෙන්ම මනා රාජ්‍ය පාලනයකටද ඉවහල් වන බවටද කොන්ෆියුසියස් පෙන්වා දුන්හ.

කොන්ෆියුසියස් විසින් සමාජයක් යහපත් මානව සබදතා වර්ධනය කරගැනීමේ මූලිකම අඩි තාලම ලෙස පෙන්වා දුන්නේ පවුල් සබදතා වර්ධනය කරගැනීමයි.මනුෂ්‍ය සමාජයට පදනම සලසන මුල්ම හා ප්‍රධානතම උපකරණය පවුල යි.කුඩා දරුවා මූලික අධ්‍යාපනය ලබනුයේ තම පවුල තුලිනි.දෙමව්පියන්ගෙනි.එය, දරුවා උස් මහත් වී සමාජයට යහපත් ලෙස අනුගත වීඹට ලැබෙන අනුබලයකි.ඒ නිසා සමාජ යහපත පිණිස එය නිසැකවම හේතු වේ.එබැවින් කොන්ෆියුසියස්, "පවුල" හැදින් වූයේ කුඩා ව්‍යවස්ථාවක් යටතේ ක්‍රියා කරන සමාජ ක්‍රමයක් ලෙසයි.එය ආදර්ශයට ගෙන චීනයේ මධ්‍යම ආණ්ඩුව එනම් චීනයේ ප්‍රධාන පාලනාධිකාරිය සකස් විය යුතු බවද කොන්ෆියුසියස් තවරදුරටත් තම දර්ශනයෙන් ප්‍රකාශ කර ඇත.

කොන්ෆියුසියස්  දර්ශනය සමාජ සබදතා වර්ධනයකර ගනිමින් ඒ අනූව මනා රාජ්‍ය පාලනයක් බිහි කරවා ගැනීම පරමාර්ථය විය.ඒ නිසා ඔහු විසින් සමාජ සම්බන්ධතා ආකාර 5 ක් හදුන්වා දුනි.

1 ස්වාමියා හා භාර්යාව අතර
2 දරුවන් හා දෙමව්පියන් අතර
3 වැඩිහිටියන් හා දරුවන් අතර
4 මිත්‍රයන් අතර
5 රාජ්‍ය පාලකයින් හා පුර වැසියන් අතර

මේ ආකාර 5 කෙරෙහිම සමාජයේ සෑම අයෙකුම හොද අවබෝධයක් ලබා කටයුතු කිරීඹ අත්‍යාවශ්‍යය බව කොන්ෆියුසියස් පෙන්වා දුනි.මෙහි වැදගත්ම සබදතාව වන්නේ දෙමවිපියන් හා දරුවන් අතර සම්බන්ධයයි.සමාජයට අවශ්‍ය යහපත් පුරවැසියෙකි.ඔහු බිහි වන්නේ පවුල තුලිනි.ඒ නිසා සමාජයට යහපත් පුරවැසියෙකු දායාද කිරීමේ මූලිකම වගකීම පැවරෙන්නේ දෙමව්පියන්ටයි.

යහපත් පුද්ගලයා යනු සමාජ සම්බන්ධතා නිසි පරදි පවත්වාගෙන යනු ලබන පුද්ගලයාටයි.දරුවා විසින්  දෙමව්පියන්ට,ගුරුවරුන්ට, රාජ්‍ය පාලකයින්ට,තම මිත්‍රයින්ට හා වැඩිහිටයන්ට නිසි පරිදි ගරු කළ යුතුය.ගරු කිරීම යන්න කොන්ෆියුසියස් අර්ථකතනය කරන්නේ දෙමව්පියන්ගේ බහට සපුරාම අවනත වී ඔවුනට තම හැසිරීම් තුලින් කිසිදු දුකක් නොදීම හා එලෙස දෙමව්පියන්ට දුකක් වෙනවානම් එය හුදෙක්ම ඔබ අසනීප වීමෙන් පමණක්ම විය යුතුයි, ලෙසයි.නමුත් දෙමව්පියන් විසින් දරුවන් අනවශ්‍ය ලෙස පීඩනයට පත් කිරීමද කොන්ෆියුසියස් ප්‍රතික්ෂේප කර ඇත.ඔහු ප්‍රකාශ කරන අන්දමට එලෙස දරුවන් අනවශ්‍ය පීඩනයට ලක් කිරීම යහපත් මානව සම්බන්ධතාවයක් නොවන බවයි.යහපත් මානව සම්බන්ධතා එවැනි මානව සම්බන්ධතා වලින් තොර විය යුතුය.

කිසි විටෙකත් අනුන්ට හිරි හැර නොකකල යුතුය.යමෙක් තමන්ට හිරි හැර කරනවානම් එය තමා අකමැති වනවා මෙන්ම තවත් අයෙකුද අකමැතිය.ඒ නිසා එය තමා විසින් තවත් අයෙකුට නොකල යුතුය.අන් අය ගැන සිතිය යුතුය.ඔවුන්ට ආදරය කල යුතුය.අන් අය සමග එකමුතුව ඒකාවන්ව කටයුතු කල යුතුය.එවැන්නෝ යහපත් පුදුගලයෝ වෙති.

කොන්ෆියුසියස් ප්‍රකාශ කලේ මිනිසුන් කාර්ෂ්‍යක්මව වැඩ කල යුතු බවයි.නිවැරදි දේ නිවැරදි ලෙස කල යුතුය.හොදින් සිතීමේ ශක්තිය වර්ධනය කරගත යුතුය.දෙවියන් පිළිබද සටහනක් නොතබන ඔහු දිව්‍ය ලෝකය ගැන කෙටි සටහනක් තබයි.සියළු දෙනාම දිව්‍ය ලෝකයට යා යුතුය.එලෙස යාමට අවශ්‍ය මාර්ගය පාදා ගත යුත්තේ තමා විසින්මය.ඒ සදහා සෑම පුද්ගලයෙක්ම කාර්යෂක්මව ක්‍රියා කිරීම,යහපත් සිතීම් පවත්වාගෙන යාම,අනුන්ට ගරු කිරීම, උපකාර කිරීම කල යුතුය.එකදු කාල මාත්‍රයක් වත් අපතේ නොයවා දිව්‍ය ලෝකයේ සැනසුම ලැබීමට අවශ්‍ය මාර්ගය සකසාගෙන ඒ හරහා ගමන් කල යුතු බවත් කොන්ෆියුසියස් පෙන්වා දී ඇත.

පසු කාලීනව කොන්ෆියුසියානුවාදයට විවිධ මත ඇතුල් විය.ඒවාද චීනයේ ඉදිරි ගමනට ඉවහල් විය.විශේෂයෙන්ම නව කොන්ෆියුසියානුවාදීන් ලෙස සැලකෙන මෙන්සියස් හා සුන්සු ගේ නව දර්ශනයන්ද එකතු වීම තුල කොන්ෆියුසියානුවාදය තවත් පොහොසත් විය.


මෙන්සියස්

අපි සිතන තරම් ඕනෑම දෙයක් සංකීර්ණ නැත.එහෙත් නිසියාකාරව යමක් අවබෝධ කර නොගන්නාට එය සැබවින්ම සංකීර්ණය.බුදුදහමත් එසේමය.කොන්ෆියුසියානුවාදයත් එලෙසමය.මේ දෙකෙන්ම කියවෙන්නේ මනුෂ්‍ය ජීවිතය නිසියාකාරව හැඩ ගස්වා ගැනීමයි.

මං උත්සහා ගත්තේ මේ දර්ශනයේ සාරය විතරක් පොඩිවට කියන්නයි.

22 comments:

  1. මට මේක කියෙව්වාම මතක් වුණුඒ බුදු හාමුදුරුවෝ දේශනා කරපු සිඟාලෝවාද සූත්‍රය

    ReplyDelete
    Replies
    1. ඔව්.මේ ඉතින් බුදුදහමේ පෝෂණය තමා.අද ඔය මහා ඉහලින් කෑ ගහන අර දර්ශනයක් බිහි වුනා මේ දර්ශනය බිහිවුනා කියලා.ඒවා හදාරද්දි,අනේ ඉතින් අපේ බුදු හාමුදුරුවොත් ඕවමනේ මීට අවුරුදු දාස් ගානකට ඉස්සෙල්ලා කිව්වේ කියලා තිතෙනවා.

      Delete
  2. කොන්ෆියුසියස් ගැන අහල තිබුනට මේ විස්තරය දන ගත්තේ අද නේ. බොහොම වැදගත්.. බුදු දහමේ ඉගැන්වීම් වලටත් සමානයි වගේ ටිකක්..

    ReplyDelete
    Replies
    1. බුදු දහමට ටිකක් සමීපය නම් තමා

      Delete
  3. හොඳ ලිපියක් මිත්‍රයා
    ජය

    ReplyDelete
  4. අලුත් දෙයක් ඉගෙන ගත්තා. විශිෂ්ට මින්ස්සු බුදු දහමේ අගය දන්නවා.
    ඒ වගේම ගොඩක් දාර්ශනිකයෝ ඉපදිලා තියෙන්නේ ආසියා මහද්වීපෙමයි නේද?

    නොදන්න දේවල් ගැන දැනුවත් තළාට ස්තූතියි මල්ලි :) :) :) :) :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් බුද්ධිමතුන් කිව්වට ලොව ශේෂ්ටතම බුද්ධිමතුන් බිහි වුනේ ආසි‍යාවේ.යුරෝපා රටවල බුද්ධුමතුන් බිහි වුනාට ඒ අයගේ සොයාගැනීම් බොහෝමයක් ලෝකය විනාශ මුඛයට ඇද දැම්මා.

      අක්කට මාව මතක් වෙච්චි එක ලොකු දෙයක්.ස්තූතියි ආවට !

      Delete
  5. "දිව්‍ය ලෝකයට යාමට මාර්ගය සාදා ගත යුත්තේ තමා විසින්මය". කොන්ෆියුසිස් තුමා මෙහෙම කියන්නේ බුදු දහමෙන් ආභාසය ලැබුවත් බුදු දහමේ සඳහන් නිවන පිලිබඳ අවබෝධයක් නැති නිසා වෙන්න ඕනේ. බුදුන් වහන්සේ දේශනා කල "අත්තාහි අත්තනෝ නාථෝ!" යන පාඨයේ ඊට වැඩිය හොඳට ඒ සංකල්පය තියෙනවා නේ. කිතුනු දහමට පවා බුදුන් වහන්සේ වදාළ දේශනා බලපාල තියෙනවා. එකනේ යේසුස් වහන්සේත් කියන්නේ "The Kingdom of God is within you" කියලා.

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම.බොහෝ දර්ශන වලට බුදුදහමේ ආභාශය ලැබිලා තියෙනවනේ.ඒ.් කොන්ෆියුසියස් තුමා අදහස් කලේ බෞද්ධ සාහිත්‍යය තුල කතා කරන දිව්‍ය ලෝකය ගැන නොවෙන්න පුළුවන්.බුදුන් වහන්සේ නාථකරණ සුත්‍රෙයන් කියලා තියෙනවා තමාගේ දැඩි කැපවීම මත තමාට විමුක්තිය ලගා කරගැනීමට හැකි බව.ඒකම අනිත් පැත්තට මෙතුමා කියලා

      Delete
  6. නොදන්න බොහෝ දේ දැන ගත්තා..
    වටින ලිපියක් හරිම අගෙයි :)

    ReplyDelete
  7. මමත් කොන්ෆියුසියස් දර්ශනය ගැන ටිකක් දැනගෙන හිටියා..අපට දාර්ශනිකයෝ ගැන කියල දෙද්දී මෙතුමා ගැන කිවුව මතකයි.. ස්තුතියි අපටත් බලන්න සැලස්සුවට ..!

    ReplyDelete
  8. කොන්ෆුසියස් දහම බුදු දහමට මදක් සමාන බව ඉගන ගත්තා මතකයි. වැදගත් කරුණු රාශියක් අඩංගු ලිපියක්.

    ReplyDelete
  9. කොන්ෆියුසියස් ගැන යන්තමට වගේ අහලා තිබුනා... එයාගේ දර්ශණය ගැන මෙච්චරටම තොරතුරු දැනගත්තේ අද... වැදගත් ලිපියක්...

    ReplyDelete
  10. ධම්මික කොලුවෝ.... උඹේ ලිපිය ඉස්තරම්!
    දිගටම ලියන්න..

    ReplyDelete
  11. කාලෙකට පස්සේ ගොඩ වුනේ.. මේක ගොඩාක් හොඳ ලිපියක් සඳරුවන්. කොන්ෆියුස් දහමට සම්බන්ධ පොඩි පොඩි කතා තිබුන පොතක් මන් ලඟ තිබුනා මන් පොඩි කාලේ. ඒකේ තිබුන කතා හරිම ආදර්ශමත් දේවල්.
    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ස්තූතියි !

      ජය වේවා ඔබටත් !

      Delete
  12. ඔන්න මෙ ලිපියට සබැදියක් සිංහල විකියට දුන්නා.
    යොමුව: https://si.wikipedia.org/w/index.php?title=දර්ශනය
    හැකිනම් විකියට ලිපියක් යොමුකරන්න.
    ජය!

    ReplyDelete
  13. අනර්ග ලිපියක් ඉතාම වටිනවා ඔබට ස්තුතියි

    ReplyDelete