Pages

Friday, September 14, 2012

කොමියුනිස්ට් ජාත්‍යන්තරවාදය

ලෝකයේ රාජ්‍යන් යම් ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් එකමුතුව ක්‍රියා කිරීම සරලව ජාත්‍යන්තරවාදය ලෙස හැදින්විය හැකිය.ජාත්‍යන්තරවාදේ විවිධ ස්වරූප පවති.වෙළද ගිවිසුම් ඇති කර ගැනීම වුවද අයත් වන්මෙයටයි.

නමුත් නිර්ධන පාංතිකයන් වෙනුවෙන් සමාජවාදි රාජ්‍ය වල කම්කරු පංතියේ ජාතික කොටස් හා වාමාංශික පක්ෂ අතර සහයෝගය හා එක්සත් බැවින් කටයුතු කිරීම නිර්ධන පාංතික ජාත්‍යන්තරවාදයයි.මෙහිදි අවධනය යොමු වන්නේද  නිර්ධන පාංතික ජාත්‍යන්තරවාදය කෙරෙහිය.කෙටියෙන්ම කියනවානම් වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමට හා සූරාකන්නන්ට විරුද්ධව නැගීසිටීම සදහා ජාත්‍යන්තර වශයෙන් සියළු රාජ්‍යයන්ගේ කම්කරු පක්ෂ එකතුව කටයුතු කිරීමයි.


නිර්ධන පාංතික ජාත්‍යන්තරවාදය බිහිවීමට පොදු වූ හේතුව වන්නේ ලෝකයේ වැඩ කරන ජනතාවගේ ප්‍රධාන හා මූලිකම අවශ්‍යතාවන්ගේ නැතිනම් කැමැත්තේ පවතින සමානතා හා අසමානතාය.වත්මන් ජනතාවගේ ප්‍රධානතම බලවේගය බවට පත්ව ඇත්තේ මේ ජාත්‍යන්තරවාදයයි.

ජාත්‍යන්තර සහයෝගය ප්‍රකාශ වන අන්දම

1.ජාතික වෘත්තීය සමිති පිහිටු වීම තුලින්
2 විවිධ ක්ෂේත්‍ර වල නියැලී වෘතිකයින් ජාත්‍යන්තරව ඒකාබද්ධ කිරීම තුලින්
3 විවධ රටවල පවතින කම්කරු පක්ෂ හා කොමියුනිස්ට් පක්ෂ අතර සමිති සම්මේලන පැවැත්වීම තුලින්
4 කම්කරු හා කොමියුනිසට් පක්ෂ වල ජාත්‍යන්තර අත්දැකීම් ඔවුන් අතර හුවමාරු කරගැනීම තුලින්

කම්කරු පංතියේ මූලික අරමුණ ප්‍රකාශ කිරීමත්, පංති අරගලයේ අත්දැකීම් පොදුබවට පත් කිරීමත් නිසා ජාත්‍යන්තරවාදය පටන් ගැනින.

නමුත් ජාත්‍යන්තරවාදය ප්‍රායෝගික සංකල්පයක් ලෙස ලොවට හෙළි කලේ මාක්ස් හා එංගල්ස්ය.ඔවුන් දෙපල විසින් මෙහි ඇති වැගත්කම පෙන්වා දුන්හ.විශේෂයෙන්ම ධනවාදය පරාජය කොට සමාජවාදය ස්ථාපිත කිරීම සදහා ගෙන ගිය කම්කරු අරගලයේදි එහි වැදගත්කම පෙන්වා දුන්හ.ඒ නිසා නිර්ධන පාංතික ජාත්‍යන්තරවාදය රැකගැනීමට ලොව පුරා කම්කරු පංති දැනුවත් කිරීමේ යෙදුණහ.නිර්ධන පාංතික ජාත්‍යන්තරවාදය ක්‍රමක් ක්‍රමයෙන් කම්කරු පංති අරගලයේදි ප්‍රධාන ප්‍රතිපත්තිය බවට පත්විය.ඒ සදහා හොද ප්‍රතිචාරයක්ද එකල ඔවුනට නිර්ධන පාංතිකයන්ගෙන් ලැබුණි.

ලෙනින්ද ජාත්‍යන්තරවාදය පිළිගත් අයෙකි.ඒ බව

අපි ජාතික විරෝධයට හා අසමගියටත්,ජාතික හුදකලාබවටත්,විරුද්ධ වන්නෙමු.අපි ජාත්‍යන්තරවාදිහු වන්නෙමු.
(සමාජාවාදය නම් සගරාවෙන්)

එසේම ජයග්‍රාහි නිර්ධන පාංතිකයන් සෙසු රටවල නිර්ධන පාංතිකයන්ගේ අරගල වලට උපරීම සහය දැක්විය යුතු බවත් එසේම සෙසු රටවල බලයට පැමිණි කම්කරු හා කොමියුනිස්ට් පක්ෂ වලට නිර්ධන පාංතිකයන් විසින් සහායෝගය දැක්විය යුතුබවත් ප්‍රකාශ කර ඇත.

ජාත්‍යන්තරවාදය තුලදී ඕනෑම ආකාරයක ධනවාදයක් ප්‍රතික්ෂේප කරයි.එසේම ඕනෑම ආකාරයක ආදිපත්‍යයක් වුවත් පිළිගන්නේ නැත.එනම් රටක හෝ රටවල් කිහිපයක එකුවකින්,ලක්ෂයක හෝ පක්ෂ කිහිපයක එකතුවෙන් ඇතිවන ආදිපත්‍යයන් පිළිනොගනි.ජාත්‍යන්තරවාදය තුලදී ජාත්‍යන්තර හුදකලා බවට විරුද්ධව කටයුතු කිරීම ප්‍රධානම ලක්ෂණය වේ.


නිර්ධන පාංතික ජාත්‍යන්තරවාදය ජයග්‍රහණය කරගැනීම බොහෝ සෙයින් දුශ්කර වූ කාර්යකි.ඒ සදහා මාක්ස්-ලෙනින් වාදි පක්ෂ නිරතුරුව නොකැඩී කටයුතු කල යුතුය.සමාජවාදි රටවලද ධනවාදයට හෝ වර්ගබේදවාදයට පක්ෂ පිරිස් සිටිය හැක.ඒ නිසා ජාත්‍යන්තරවාදි අධ්‍යාපනයක් ලබා දීම ඉතා වැදගත් වන අතර එය සමාජවාදි ශික්ෂණයට බෙහෙවින් බලපායි.

කෙසේවෙතත් ජාත්‍යන්තරවාදය පැවතිය යුතුය.එහෙත් මාක්සගේ අන්ත සමාජවාදයට මා විරුද්ධ වන්නේය.එසේම අන්ත ධනවාදයට වරුද්ධ වන්නේය.මේවා කිසි එකක සදාකාලික පැවැත්මක් නැත.20 වන සියවසේ සමාජවාදීව පැවති රටවල් ධනවාදයට නැඹුරු වීමත්,අන්ත ධනවාදි රටවල පවතින ආර්ථික හා දේශපාලනමය අර්බුද නිසා ඒවාද කඩා වැටෙන බවත් නොරහසකි.

මෙහි යම් තැන් වල ජාත්‍යන්තරවාදය යනුවෙන් ලියවී ඇතත් ඒවා නිර්ධන පාංතික ජාත්‍යන්තරවාදය ලෙස අවෝධකරගත යුතුය.

22 comments:

  1. දැනුමට යමක් එකතු කරගත්තා කියවලා..:b

    ReplyDelete
  2. හ්ම්ම්ම්... වටින් ගොඩින් නොකියා කෙලින්ම කොමියුනිස්ට් ජාත්‍යන්තරය හරි ඒ වගේ මොකක් හරි මාතෘකාවක් දැම්මනම් කොහොමද? ජාත්‍යන්තර එකමුතුව කිව්වම මට එක සැරේට මතක් වුනේ එක්සත් ජාතීන්ගේ සංවිධානය. මේකේ තියෙන පින්තූරවලිනුත් එහෙම දෙයක් හිතෙනවා නේද?

    දැනට කොමියුනිස්ට් පාලනය පවතින රටවල් අතලොස්සයිනේ තියෙන්නේ. අනික අර පරණ ජාත්‍යන්තර 3ක්ම අද නෑ. හතරවන ජාත්‍යන්තරය නම් තවම තියෙනවා. ඊට අමතරව වෙනත් ජාත්‍යන්තර තියෙනවා. නමුත් ඒක බොහොම ලොකු මාතෘකාවක්.

    මට හිතෙනවා එක්දහස් අටසිය ගණන්වල ඉඳන් ජාත්‍යන්තරවල විකාශය ගැන ලියුවොත් ඒක ලස්සන ලිපියක් වෙයි. ඒක ලිපියකට නම් දිග වැඩි වෙයි මම හිතන්නේ... දිගටම ලියන්න. අපි බලන් ඉන්නවා කියවන්න.

    ReplyDelete
    Replies
    1. මම හිතාගෙන හිටියේ නම් එහෙම ලියන්න තමයි.බලාගෙන යද්දි ඒක ගොඩක් දිග වැඩියි වගේ හිතුනා.ඒකයි කෙටියෙන්ම ලිව්වේ.

      දැනට ඉතින් කියුබාවයි,උතුරු කොරියාවයි විතරනේ දරුණු විදිහටම කොමියුනිස්ට් පාලනයක් තියෙන්නේ.චීනයත් එකෙන් ඈත් වෙමින්නේ ඉන්නේ.මාතෘකාව වෙනස් කරන්නම්කො.

      ස්තූතියි !

      Delete
    2. චීනය කියන්නේ අද තියෙන හොඳම ධනවාදී රට කියලයි සමහරු කියන්නේ. මොකද, ඇමරිකාවේ හරි වෙනත් රටවල හරි වගේ ආණ්ඩු මාරු වීමක් නෑ නේ. චීනය කොමියුනිස්ට් ආර්ථික ක්‍රමයට ආයුබෝවන් කියල දැන් අවරුදු තිහක් පමණ වෙනවා. චීනයේ අත් හදා බැලීම කොපි කරපු සාර්ථකම රට තමයි වියට්නාමය. උතුරු කොරියාව ඒ දේ කරන්න බයයි. තමන්ගේ තනි පක්ෂ පාලන ක්‍රමය බිඳ වැටෙයි කියලා. චීනයට, වියට්නාමයට තමන්ගේ කොමියුනිස්ට් පක්ෂ පාලනය ආරක්ෂා කරගෙන ධනවාදී වෙන්න පුළුවන් වුනාට තමන්ට එහෙම බැරි වෙයි කියලා එයාල හිතන්නේ. එයාලත් චීනය වගේම විශේෂ ආර්ථික කලාප හදන්න ගියා. නමුත් ඒ එකක්වත් සාර්ථක වුනේ නෑ.


      ජාත්‍යන්තරවාදය කියන්නේ ලොකු මාතෘකාවක්. එහි සමහර අංග අල් කයිඩා සංවිධානය වගේ අයත් කොපි කළා. තුන්වන ජාත්‍යන්තරය, ඒ කියන්නේ සෝවියට් දේශයේ නායකත්වයෙන් තිබ්බ ජාත්‍යන්තරය සෝවියට් අතකොලුවක් විදියටයි තිබුනේ. හතරවෙනි ජාත්‍යන්තරය දුර්වලයි. එයාලට කොහෙන්වත් රාජ්‍ය අනුග්‍රහයක් නෑ. තුන්වෙනි ජාත්‍යන්තරය නම් විනාශ උනේ එකට තිබ්බ රාජ්‍ය අනුග්‍රහය විසින් ඒක ගිල ගැනීම නිසා.

      Delete
    3. හ්ම්...මේකේ ඉතින් දිගට දිගට ඇදි ඇදී යනවනේ.ඒකයි මෙච්චර ලිපිය කොට උනේ.

      කොහොමත් උතුරු කොරියාව කියුබාව තරම් දියුණුවක් අත් කරගෙනත් නෑ.උ.කොරියාවේ මිනිස්සු බඩගින්නේ තියලා උන් න්‍යෂ්ටික අත්හදා බැලීම් කරනවා.ඒකත් මිනිස්සු අනවශ්‍ය ලෙස පීඩාවට පත් කිරීමක්නෙ.ඒත් ඉතින් රට රැක ගන්න, තමන්ගේ රට වෙනුවෙන් එහෙම ඉන්නත් ඕනි.

      කොහොමත් චීනයේ තනි පක්ෂ ක්‍රමයට විරුද්ධව මිනිස්සු උද්ඝෝෂණලු.අරාබිකරයේ අරාබි වසන්තය වෙනුවට චීනයේ පිච්ච මල් වසන්තය.

      Delete
    4. Paul French ගේ "North Korea, The Paranoid Peninsula: A Modern History" පොතේ එක තැනක (මට දැන් හොයාගන්න බෑ හරියටම) මෙන්න මෙහෙම කතාවක් තිබුනා. එක සැරයක් කිම් ඉල්-ජොන්ග් ඇහුවලු "න්‍යෂ්ටික වැඩපිළිවෙල නැත්නම් කව්රුත් අපිව ගණන් ගනීද?" වගේ කතාවක්. න්‍යෂ්ටික වැඩසටහන පිටිපස්සේ තියෙන්නේ ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්නය. සෝවියට් කාලයේ පවා උතුරු කොරියාව චීනයටවත්, සෝවියට් දේශයටවත් වැඩිපුර සමීප නොවී වෙනමම මාවතක් අනුගමනය කළා. ඒ තමන්ට උදව් කරන අය නැති උනොත් තනියම නැගිටින්න පුළුවන් වෙන්න. 1960 ගණන් වෙනකල් දකුණු කොරියාවට වැඩිය හොඳ ආර්ථිකයක් උතුරු කොරියාවේ තිබුනා.. ඒ රටේ ආර්ථික ප්‍රතිපත්ති නිසා තමයි එක කඩන වැටුනේ. උතුරු කොරියාව වටේ පිටේ රටවලට තර්ජනයක් වෙනකල් ඒ රට shape එකේ තියාගන්න අනිත් රටවල් කැමතියි. චීනයට ළඟ නිසාත්, ලොකු හමුදාවක් තියෙන නිසාත්, න්‍යෂ්ටික අවි තියෙන්න පුළුවන් නිසාත් බටහිර රටවල් උතුරු කොරියාවට අත පොවන්න යන්නේ නෑ. කී සැරයක් න්‍යෂ්ටික වැඩසටහන නවත්වන පොරොන්දුව පිට උතුරු කොරියාව බටහිරින් ආධාර ගත්තද?

      Delete
    5. පැහැදිලිවම.මේ ලගදී අමෙරිකාවත් එකක් තිබ්බ ගිවිසුමක් කඩලා උ.කොරියාව ආයෙත් න්‍යෂ්ටික වැඩසටහන පටන් අරන්.බටහිර රටවල් සෘජුවම උ.කොරියාවත් එක්ක සටනකට එන්න බයයි.එහෙම නැත්නම් මේ වෙනකොටත් ගහලා.

      උ.කොරියානු ආර්ථිකය බිදවැටුනේ අදූර දර්ශි ආර්ථික පිළිවෙත් නිසා.දැන් උ.කොරියාවේ ආර්ථික වර්ධනය 4%ක් වගේ තියෙන්නේ.2000 වසරේදී -3% ක් තිබිලත් තියෙනවා.අපනයන ආදාම් ආනයන වියදම් ඇත්තෙම නෑ.gdp වලින් 30%ක වගේ ප්‍රමාණයක් වියදම් කරන්නේ තම හමුදා බලය වැඩි කරගන්න.

      Delete
    6. අනිවාර්යයෙන්ම.. ඔයා දාල තියෙන දත්තවලට බොහොම ස්තූතියි! මම එව්වා දැකලා තිබුනේ නෑ. ආරක්ෂක වියදම නම් එකෙන් හරි එකෙබ් හරි 30% කියලා අහලා තිබුනා. නමුත් මගේ මතකය හරි නම්, උ. කොරියාවේ ආර්ථිකය දුර්වල නිසා, සංඛ්‍යාත්මකව මේ මුදල ජපානය සහ ද. කොරියාව දෙකටම වැඩිය අඩුයි...

      Delete
    7. ජපානයේ gdp වලින් 1% යිලු වියදම් කරන්නේ.ද.කොරියාවේ නම් 3% ක් ගේලු වියදම් කරන්නේ.මුදල් වටිනාකම ගත්තොත් සමහර විට අඩු ෙවන්නත් පුළුවන් ෙන්?

      Delete
  3. කොහෙන්ද අප්පේ මේවා හොයා ගත්තේ...මරු මරු...ගොඩාක් නොදන්නා දේවල් දැනගත්තා....ස්තුතියි මිතුරාණනි....:t

    ReplyDelete
    Replies
    1. මේ දාලා තියෙන කමෙන්ට්ස් පවා කියවනවානම් තවත් ගොඩක් දේවල් දැන ගන්න පුළුවන්.

      ස්තූතියි යාළු !

      Delete
  4. මට එක සැරයක් එක ප්‍රසිද්ධ පුද්ගලයෙක් අතින් ලියපු කොළ කෑල්ලක් අහම්බෙන් හම්බ උනා. එයා ඒ වෙනකොටත් ජීවතුන් අතර හිටියේ නෑ. මම දන්නේ නෑ එක කවදා ලියපු එකක්ද? එයා ඒක ප්‍රසිද්ධියේ කොහේදී හරි කියල හෝ ලියල හෝ තියෙනවද? කියලා. එකේ මෙන්න මෙහෙම කතාවක් තිබුන. දැන් මගේ ළඟ ඒ කොලේ නැති නිසා හරි වචන නම් මතක නෑ.

    "The problem with the CP is that it is directed from Russia. When it rains in Moscow, they raise umbrellas in Colombo." මෙතන CP කිව්වේ කොමියුනිස්ට් පක්ෂයට. මේ සෝවියට් දේශය බිඳ වැටෙන්න කලින් තිබුන තත්ත්වය...

    ReplyDelete
    Replies
    1. සෝවියට් දේශය බිද වැටුනට පස්සේ දැන් තනි රුසියාව කෙමෙන් කෙමෙන් ඉස්සරහට එනවා.

      Delete
  5. දැනුමට යමක් ලබාදුන්නට ස්තූතියි

    ReplyDelete
  6. මේ මොකක්ද කොල්ලො මේ... වෙන බ්ලොග් එකක් නේද තිබුනේ?? පෝස්ටුවේ තියෙන දේවල් තේරෙන්ට තරම් මොලයක් නම් මට නෑ මචෝ... මට තියෙන්නේ විජ්ජා මොලයක් නේ... යන්තම් තේරෙන්නේ තාක්ෂණේ විතරයි.. මොනා වුණත් කොහේ ගියත් කොමෙන්ටුවක් නං කොටලා යනවා... ආයෙත් එන්නම් එහෙනම්...

    ReplyDelete
    Replies
    1. ඔව් තිබ්බේ වෙන එකක්.ඒක මොකදෝ උනා.අළුත් එකක් ලියනවා.දිගටම එන්න.ස්තූතියි !

      Delete
  7. mama adamayi me paththata awe watin lipi thiyenawa

    ReplyDelete
    Replies
    1. මගේ කලින් බ්ලොග් එකට නම් ඔයා ඇවිත් තියෙනවා.ස්තූතියි මේකටත් ආවට !

      Delete