Pages

Monday, September 24, 2012

අහමදිනේජාඩ්


මේ වනවිට ලෝකයේ වඩාත්ම අවදානයට යොමු වී ඇත්තේ මැද පෙරදිග යුධ උණුසුමයි.ඉරානය හා සිරියාව මේ තත්වයට හේතු වී ඇත.ඉරානය මැද පෙරදිග වැදගත් රටකි.විශේෂයෙන්ම බොර තෙල් නිෂ්පාදනය අතින් ලෝකයේ සුවිශේෂි තැනක් ඉරානයට හිමි වේ.වර්ථමාන ඉරාන ජනපති වන්නේ මහමුද් අහමදිනේජාඩ් මහතාය.මේ ඔහු ගැනයි.


මහමුද් අහමදිනේජාඩ් උපත ලද්දේ වර්ෂ 1956 ඔක්තෝම්බර් 28 දිනයි.ඉරානයේ පිටිසර ගමක වු garmsar හි උපන් ඔහු ඉගෙනීමට දක්ෂයෙකි.පියා කම්හල් කරුවෙකි.නමින් අහමඩ් ය.පසුව සිය පවුල ටෙහෙරානයට පැමිණීයහ.කෙසේ හෝ අගහිගකම් මධ්‍යයේ ඔහු ඉගෙන ගත්තේය.වර්ෂ 1976 දි විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා සුදුසුකම් ලැබීය.පසුව සිවිල් ඉංජිනේරු උපාධිය ලබාගත්තේය. පසුව ඉංජිනේරු ආචාර්ය වරයෙකු ලෙස කටයුතු කලේය.


ඒ අතර තුර 1979න් පසු පලාත් ආණුඩුකාරයෙක් ලෙස තේරීපත් විය.වර්ෂ 1997 ආචාර්ය උපාධියක් ලබා ගත් අතර  ටෙහෙරානයේ නගරාධිපති ලෙසත් අර්දාබිල් ප්‍රාන්තයේ ආණ්ඩුකාරයා ලෙසත් කටයුතු කලහ.ඔහු ජනතාවගේ ජන්දයෙන් නගරාධිපති තනතුරට පත් වූයේ 2003 දීය.ඔහුගේ කාර්යාලය ඔහුට ලැබුනි.ඒ දෙස බැලු අහමදිනේජාඩ් ඒ සුවිසල් වූත් අලංකෘත වූත් කාර්යාලය අතහැර එම කාර්යාලය ඉදිරිපිට වූ මුර කුටියේ තම කාර්යාලය තනා ගත්තේය.ජනතා ප්‍රශ්න පිළිබද ඔහු නිදිවරා පිළිතුරු සෙවූවේය.මහජනයා සමග ඉතා සුහදව කටයුතු කල අහමදිනේජාඩ්, මහජනයා අතර වීරයෙකු වන්නට පටන් ගත්තේය.


මේ බව මුලු ඉරාන වැසියන්ම හොදින් දනිති.අහමදිනේජාඩ් නාමයට ඔවුහු ආදරය කලහ.ඒ නිසාම වර්ෂ 2005 දි පැවැත්වූ ජනාධිපතිවරණයේදි 62%ක විහාල ජනවරමක් ලබා මුලු මහත් ඉරානයේම නායකයා බවට පත්විය.ඔහුගේ දිනුම ඉරාන වැසියන්ගේ පැවති හිස රුදාවන් සමනය කල අතර බටහිර රටවලට හිසේ රුදාවන් වැඩි  වීමට හේතු විය.
2009දීද විශාල ජනවරමක් ඔහු දිනා ගයි.ඒය 24,527,516 ජන්ද සංඛ්‍යාවකි.

එයට හේතුව ඔහු දැඩි ලෙස ඇමෙරිකානු විරෝධියෙකු වු නිසාය.ඉරාන තෙල් සම්පතින් ලාබ ලබා ගැනීමට බටහිර තෙල් සමාගම්වලට ඉඩ දුන්නේ නැත.ඔහු තෙල් අපනයනය සම්බන්ධයෙන් ගිවිසුම් ඇති කිරීමෙදි තම රටට වඩාත් හිතකර වන අයුරින් ඒවා අති කලේය.ඇමෙරිකාව ඇතුලු බටහිර නව යටත්විජිතවාදි රටවල්වලට අවශ්‍ය පරිදි ඉරානය තුල සෙල්ලම් දැමීමට අහමදිනේජාඩ් ඉඩ තැබුවේ නැත.ඒ නිසාම බටහිර රටවල් ඔහුගේ සතුරන් විය.එන්න එන්නම බටහිර සතුරන් වැඩිවූවා මිස අඩුවූයේ නැත.අහමදිනේජාඩ් ගේ හා ඉරානයේ ප්‍රධානම දේශපාලන සතුරන් වන්නේ ඇමෙරිකාව හා ඊශ්රයාලයයි.

ඔහු විසින් න්‍යෂ්ටික බලශක්තිය පිළිබද පර්යේෂණ කරමින් පැවති ව්‍යාපෘතිය ඉදිරියටත්  ක්‍රියාත්මක කරගෙන යයි.ඉරානය වැටලීමට මාන බලමින් සිටී බටහිර රටවල් ඉරානය න්‍යෂ්ටික අවි නිපදවන බවත් ඔවුන් ලෝක සාමයට තර්ජනයක් බවත් කියයි.ඒ නිසා ඉරානය මෙල්ල කිරීමට ලෝක ප්‍රජාවේ සහාය ඇමෙරිකාව අපේක්ෂා කරන නමුත් ඔවුන්ට එය සාර්ථකව කරගැනීමට නොහැකිව ඇත.


ඉරානයට ප්‍රහාර දියත් කිරීමට බටහිර බලවතුන් මැලි වෙති.එයට ප්‍රධානම හේතුව ඉරානය තුල ඇති න්‍යෂ්ටික අවි ඇතැයි යන්න බිය නිසාය.ඊටත් වඩා බටහිර බලවතුන් බිය වී ඇත්තේ චීනය,රුසියාව,සමහර ලතින් ඇමෙරිකානු රටවල් ඉරානයේ සමීපතම මිතුරන් නිසාය.යම් ආකාරයකින් ඉරානයට ඇමෙරිකාව හෝ ඇමෙරිකානු හිතවත් රටක් පහර දුනහොත් ඉරානයට යුධමය සහායක් ලබාදීමට තමා දෙවරක් නොසිතන බවත් එය තුන්වන ලෝක යුද්ධය වනු ඇති බවත් චීනය පවසා සීටීමද බටහිරයන් බිය වැද්දීමට හේතුවක් විය හැක.

ජනාධිපතිවරයෙකු වුවත් ඔහු ගතකලේ සමාන්‍ය දිවිපෙවතකි.රටක නායකයෙකුට ලැබෙන බොහෝ සැප පහසුකම් ඔහු අත් හල අතර ජනාධිපති මැදුරේ ඉතා කුඩා පහසුකම් මැද සීම්‍ත බිම් කොටසක තම ජීවිකාව ගෙවයි.තම සුපුරුදු ජීවිතය නිසා ඔහු මුලු මහත් ඉරාන වැසියන්ගේම ගෞරවාදරයට පත් විය.


ඔහුගේ ඇති තවත් ලක්ෂණයක් ලෙස දැක්විය හැක්කේ ස්වෛරි රටක නායකයෙකු හැසිරිය යුතු ආකාරයයි.බටහිර බලවතුන් ඉදිරියේ දණ නැමීමට කිසිසේත්ම ඔහු සූදානම් නැත.මේ වන විට දැඩි සම්බාධක අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් හා බටහිර හිතැති රටවල් ඉරානය සම්බන්ධයෙන් පනවා ඇත.එහෙත් ඒ සම්බාදක පුස්සක් බවට පත් කරමින් ඔහු තවමත් ඉරානය ස්ථායි මට්ටමක පවත්වාගෙන යයි.තවමත් ඉරානය තුල භාණ්ඩ හිගයක් දක්නට නැත.එහෙත් බටහිර බලවතුන් ඇද වැටෙමින් ඇත.

අධිරාජ්‍යවාදීන් දැඩි ලෙස පිළිකුල් කල අහමදිනේජාඩ් නව යටත් විජිතවාදීන්ගේ යුගය අවසන් යැයි අමෙරිකාව දැන්වත් තේරුම් ගතයුතු බව ප්‍රකාශ කරයි.අහමදිනේජාඩ් විසින් සිදුකරනු ලබන ජාත්‍යන්තර දේශන වලිදි  ඇමෙරිකාව ප්‍රමුඛ බටහිරයන්ට නින්දිත ලෙස බැන වැදීමට අමතක නොකරයි.ඔහුට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම සදහා බටහිර නායකයින් අසුනෙන් නැගිට ගිය අවස්ථාද ඇත.එවැනි කතාවක් පහළින් නරඹන්න.අහමදිනේජාඩ්ගේ කතාව ප්‍රතික්ෂේප කරමින් මෙරිකානු බලධාරීන් නැගිට යනු දැක ගත හැක.


අහමදිනේජාඩ් විවාහ වන්නේ 1981 දී Azam Sadat Farahi සමගයි.ඔවුන් දෙදෙනාට එක් ගැහැණු දරුවෙක් හා පිරිම් දරුවන් දෙදෙනෙකු සිටියි.

මහමුද් අහමදිනේජාඩ් මා පෞද්ගලිකව ඇලුම් කරන රාජ්‍ය නායකයෙකි.ශ්‍රී  ලංකාවේද අති ජාත මිත්‍රයෙකි.



ඔහු වරක් මෙසේ ප්‍රකාශ කර ඇත.

   මම කම්හල් කාරයෙක්ගේ පුතෙක්.මගේ තාත්තා යකඩයක් තලලා තලලා මුවහත් කරනවා වගේ මාත්    තැලිලා තැලිලා හොදින් මුවහත් වෙලයි ඉන්නේ.හොදින් මුවහත් වූ ආයුදයකට අත ගෑවුනොත් කැපෙනවා. මේ පණිවිඩය දුන්නේ බටහිර රටවල් වලටයි.


මෙය මගේ පරණ බ්ලොග් එකේ ලිපියක්.එකේ ලිපි දෙකක් මං ගාව තිබ්බා.එයින් එකක් මේ සයිට් එකේ දාලා ඉවරයි.මේ අනිත් එක.බොහෝ තොරතුරු ලබාගත්තේ http://en.wikipedia.org/wiki/Mahmoud_Ahmadinejad#Early_life වලින් හා තව තවත් වෙබ් සයිට් වලින්.අන්වර් මනතුංග ගේ සයිට් එකෙත් මං දැක්කා මොහු ලිපයක්.දැන් මට ඒ ලිපිය හොයාගන්න බෑ.හොයාගන්න පුළුවන් උනොත් ඒ ලිපියේ ලින්ක් එකත් දාන්නම්.

41 comments:

  1. හොඳ ලිපියක්. ඒ වගේ අය බටහිර රටවලට නම් ලොකු හිසරදයක්. හැබැයි තව එකක් ඔය රටවල් වඩාත් බලවත් වෙනවා කියන්නේ තවත් ප්‍රශ්නයකට මුලක්. මේ අපි වගේ පොඩි රට වලට.
    ජය වේවා ඔබට!! :b

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්ත තමයි.පොඩි රටවල් තමයි තැලෙන්නේ.

      Delete
  2. නියමයි වැදගත් පොස්ට් එකක්. ලංකාවේ වෙන්නේ ඕකේ සම්පූරණ අනෙක් පැත්තනේ. එකනේ දුක.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ඉතින් සැප විදින්න නේ දේශපාලනේ කරන්නේ

      Delete
  3. බලං යද්දී මෙයත් හොඳ වැඩකාරයෙක් නේ....

    ReplyDelete
    Replies
    1. කවුද මමද?නැත්නම් අහමදිනේජාඩ්ද?

      Delete
  4. නියමයි හොඳ ලිපියක්

    සුභ පතනවා

    ReplyDelete
  5. මමත් ගොඩක් කැමති පුද්ගලයෙක් නෙජාඩ්

    ReplyDelete
  6. රැඩිකල් නායකයෙක්.........
    නායකයො වගේම වටෙ ඉන්න ඇයොත් හොද වුනානමි තමයි වැඩිය හොද

    ReplyDelete
  7. හොඳ ලිපියක්.. අහමදිනජාද්ගේ සරල දිවි පෙවෙත ගැන ඉරාන තානාපති නිලධාරියෙකුත් එක සැරයක් කියුවා මට මතකයි. මම ඒ ගැන ඒ දවස්වල මගේ බ්ලොග් එකේ ලිව්වා. ඒක බොහොම පුංචි සටහනක්. ලිව්වේ මම බ්ලොග් ලියන්න පටන් ගත්තු කාලේ.

    http://lankanworldview.blogspot.com/2011/02/new-look-at-iran.html

    පොඩි පොඩි ව්යාකරනමය දෝෂ තියෙනවා. එක පොඩ්ඩක් බලන්න. අනික ලතින් ඇමරිකාව රටක් විදියට කියන්න බෑ නේ. ලතින් ඇමරිකාවේ සමහර රටවල් කියලා එක වෙනස් කරමු නේද?

    කොහොමත් ලතින් ඇමරිකාවේ රටවල් ඉරානයේ යාලුවෝ වීම නම් බටහිරට ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් චීනය සහ රුසියාව නම් මිත්‍රයන් වීම ප්‍රශ්නයක් තමයි. මොකද කලාපයේ යම් ගැටලුවකට බලපෑම් කරන්න පුළුවන් තත්ත්වයක ඒ රටවල් දෙකම ඉන්නවා නේ.

    ReplyDelete
    Replies
    1. ලතින් ඇමෙරිකාවේ තියෙන හැම රටක්ම ඉරානයේ යාළුවෝ නෙමෙයිනේ.මං වෙනස් කරන්නම් ලතින් ඇමෙරිකානු රටවල් කියලා.

      Delete
    2. ඒක තමයි. ලතින් ඇමරිකාවේ හැම රටක්ම ඉරානයේ යාලුවෝ නෙවෙයි නේ..

      Delete
    3. මටත් ඒක ඔයා කිවුවම තමා මතක් උනේ.ස්තූතියි වැරදි පෙන්නුවට !

      Delete
  8. අහමඩ් නෙජාඩ් ගේ මාද්‍ය ඒකකය ලෝකයට පෙන්වන කතාවනේ ඔබ කියන්නේ.කිම් ජොං ඉල් ගැන ගඩාෆි ගැනත් එයාලගේ ප්‍රචාරක මාද්‍ය වලින් ඔය වගේ දේවල් කියනවනේ.අපේ රට ගැන වුනත් *******

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම.එයාලා දෙන වාර්ථායි එයාලට විරුද්ද අය දෙන වාර්තායි වෙනස් වෙන්න බොහෝ ඉඩ කඩ තියෙනවා.

      Delete
  9. තෙල් නිසා තමයි මෙතුමා මේ විදියට ඉන්නෙ. හරියට චාවේස් වගේ. හොඳ උගතෙක් හැබැ‍යි. යුද්ධයක් ඇතිවුණොත් ඔය කවුරුත් ඉරානේ උදව්වට එන එකකුත් නෑ, මෙතෙක් සිද්ධ වෙල තියෙන දේවල් වල හැටියට!

    ReplyDelete
    Replies
    1. අනිවා.ඔය කෑ ගැහුවට එකෙක් එන්නේ නැතිවෙයි.හැබැයි ඉතින් චීනයටයි රුසියාවටයි ඉරානය නැති වෙනවා කියන්නේ ලොකු පාඩුවක්.මොකද එයාලගේ පැත්තට ඉන්න ප්‍රධානම රටක් නේ.

      Delete
  10. අන්න කොන්ද පණ තියෙන මිනිහෙක්..
    අදත් වැදගත් යමක් කියෙව්වා ඡායාවට ඇවිත්

    ReplyDelete
  11. වටින කියන ලිපියක්.....

    ReplyDelete
  12. මමත් පෞද්ගලිකව බොහොම ගරු කරන පුද්ගලයෙක්..

    ReplyDelete
  13. නියමයි මල්ලී සමහර මේ වගේ ලිපි කියවන්න කම්මැලියි. ඒත් ඔයාගේ ලිපිය කම්මලි කමක් නැතුවම කියෙව්වා.

    මමත් ගොඩාක් දේවල් ඔයාගේ බ්ලොග් එකෙන් ඉගෙන ගන්නවා. කමන්ට් කරන්න බැරි උණත් ඔයාගේ බිලොග් කියවන්න ඕනි. මොකද එකෙන් ගොඩාක් දේවල් ඉගන ගන්න පුලුවන්. පුලුවන් හැම මෙලාවෙම කමන්ට් එකක් දාන්නම්. මේ දවස් වල මට වැඩිය බ්ලොග් පැත්තේ එන්න බැරි උණා.

    ඔයාට සුබ පතනවා :) :) :) :) :)

    ReplyDelete
  14. මිනිහ සුපිරිම වැඩ්ඩෙක් තමයි.

    ReplyDelete
  15. නියම නායකයෙක්....

    ReplyDelete
  16. මම කැමතිම නායකයෙක්... අපේ ගොඩක් දේශපාලකයිනට...... නැහැ අපේ ඔක්කොම දේශපාලුවන්ට මෙයා හොද ආදර්ශයක්.!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.ඒත ආදර්ශයට ගන්නේ නෑනේ.

      ස්තූතියි ආවට!

      Delete
  17. //යම් ආකාරයකින් ඉරානයට ඇමෙරිකාව හෝ ඇමෙරිකානු හිතවත් රටක් පහර දුනහොත් ඉරානයට යුධමය සහායක් ලබාදීමට තමා දෙවරක් නොසිතන බවත් එය තුන්වන ලෝක යුද්ධය වනු ඇති බවත් චීනය පවසා සීටීමද //

    මෙහෙම කිව්ව තැනකට මුලාශ්‍ර දෙන්න පුලුවන්ද ?

    අහමෙදිනෙජාඩ් අහිංසක මනුස්සයෙක් කියල පෙන්වන මිනිහගෙ හොඳ ගති ලක්ෂන ගැන අපේ කට්ටිය සැහෙන කථාවෙනවා , හැබැයි මොන හොඳ කම තිබුනත් අති පණ්ඩිත කම නිසා ලඟදීම ඉල්ලගෙන කනවා , යුධමය ක්‍රියාමාර්ගම අව්ශ්‍ය නැ රටක් වට්ටන්න , දැවැන්ත තෙල් නිශ්පාදකයෙක් නොවේ නම් මෙහෙලහටත් ඉරානය හාන්සි !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ආවට !
      http://www.foxnews.com/opinion/2011/12/14/china-is-helping-to-arm-iran-and-sidestep-sanctions-thanks-to-assist-from-north/
      උඩ තියෙන ලින්ක් ඒකට යන්න.
      තවත් එකකින් මං තොරතුරු ගත්තා.හැබැයි එකේ ලින්ක් එක නම් දැන් හොයාගන්න නෑ.මං හොයාගෙන පස්සේ දාන්නම්කො.

      ඊලග කාරණයට මාත් එකගයි.මාළුවා නහින්නෙත් කට නිසා කියනවනේ.කොහොමත් දැන් නම් වැටීගෙන එන පාටයි.බඩුවල මිල 60% කටත් වඩා මාසිකව ඉහල යනවලු.

      Delete
  18. මමත් බොහෝ ප්‍රිය කරන සහ ගරු කරන නායකයෙක් තමා මෙතුමා. සැබැවින්ම ආදර්ශමත් නායකයෙක්..

    ReplyDelete
  19. Nice article! Good work!

    Visit - http://magemixedbag.blogspot.com/

    ReplyDelete