Pages

Tuesday, September 11, 2012

අපි දන්නා චේ ගුවේරා

කලක් තිස්සේ  මේ  ලිපිය ලිවීමට සිතා සිටියත් එය විවිධ හේතු නිසා මග හැරුණි.නමුත් ඒ මග හැරීම නැවත ලබා ගත්තේ මේ ආකාරයෙනි.

අපි හොදින් දන්නා ලොව සොදුරුතම මිනිසා, තරුණයින්ගේ අසහාය වීරයා, අසරණයින්ට සරණ වූ අති ශ්‍රේෂ්ට උතුම් මානව හිතවාදියා, සුපිරිතම විප්ලව වාදියා වූ ඔහු ඒ(ර්)නෙස්ටෝ චේ ගුවේරාය.මොහු ගැන අන්තර්ජාල ලිපි ඕනෑ තරම් ඇත.සමහර ලිපි සත්‍ය කරුණු හෙළි කලත් ඇතැම් ලිපි ඔහු පිළිබද යම් ද්වේශයක් ඇති කිරීමේ අරමුණින් පල කර ඇත.ඒවා සිංහල භාශාවෙන් ලියවුණු ලිපි වීමද කණගාටු දායකය.චේ ට පෞද්ගලිකව ඇලුම් කරන්නන් අතර මාද සිටී.දීර්ග වුවත් මේ ලිපිය ලියන්නේ ඒ නිසාය.


චේ උපන්නේ ලතින් ඇමරිකානු රටක් වන ආජන්ටිනාවේ රෝසිරෝ වල වර්ෂ 1928 ජූනි 14 වනදායි.චේ ගේ පියා වන්නේ ඒනෙස්ටෝ ගුවේරා ලින්ච්ය.මව සිලියා දී ලා සෙර්නා විය.

චේ දරුණු ලෙසම ඇදුම රෝගයෙන් කුඩා කල සිටම පීඩා වින්දේය.නමුත් චේ සතුව ඇති ආත්ම විශ්වාසයත් නොපසු බට උත්සාහයත් නිසා ඔහු ජීවිතය ජය ගත්හ.මුල් වසර නවය තුලම පාසැල් අධ්‍යාපනය නොලද නමුත් තමාගේ උත්සහය හා කැපවීම නිසා උසස් අධ්‍යාපනය ලබා ගැනීමට වරම් ලැබීය.


ඔහු ඒ සදහා ගියේ බුවර්නොස් අයර්ස් වෛද්‍ය විද්‍යාලයටයි.මේ කාලය වන විට චේ ඉතා ආකර්ශණිය චරිතයකි.තරුණ වයසේ පසු වූ ඔහුට අපූරු මිත්‍රයෙක්ද මුණ ගැසෙයි.නමින් ඔහු ගරැනාඩෝය.ඔහුත් සමග මාස 9ක් පුරාවටම ලතින් ඇමෙරිකාවේ සංචාරය කළේය.

මේ අතර තුර ඔහුගේ සිත වික්ෂ්පතව ගියහ.ඒ එකල මිනිසුන් පත්ව ඇති අසරණ භාවය නිසාය.අධිරාජ්‍යවාදීන්ගේ පයට පෑගී තිබූ ලතින් අමෙරිකාවේ ශ්‍රෙෂ්ට ඉතිහාසය විනාශ වෙමින් පැවතීමත් ලතින් අමෙරිකානු රටවල සම්පත් අධිරාජ්‍යවාදීන් විසින් කොල්ල කනු ආකාරයත් චේ මැනවින් දුටුවේය.

චේ ගේ මානුශීය හැගීම් එලියට ආවේය.සිත සසල වී ගියේය.කෙසේ හෝ මෙය වෙනස් කල යුතු යැයි ඔහුගේ ඒකායන අරමුණ විය.ඒ බව ඔහු විසින් ලියා ඇති තම සංචාරය පිළිබද සටහන් වල දක්නට ඇති බව වාර්තා වේ.

මෙවැනි තත්වයක් තුල ලතින් ඇමෙරිකාවේ පාලන තන්ත්‍රයන් වෙනස් කිරීම කෙරෙහි චේ ගේ අවදානය යොමු විය.පසු කාලීනව ඔහුගේ එක් පැතුමක් ඉටු වුනේ ෆිදෙල් කස්ත්‍රෝ සමග කියුබාවේ බැටිස්ටා පාලනය පෙරළිමට හැකි වීමයි.ඒ තුලින් අධිරාජ්‍ය විරෝධි රාජ්‍යක් බිහි කිරීමටත් රට වැසියන්ට සතුටින් හා සහජීවනයෙන් කල් ගෙවීමටත්  හැකි කියුබාවක් ගොඩනැගීමට කස්ත්‍රෝ සහෝදරයින් ඇතුලු චේ ගුවේරා සමත් විය.

කියුබාව බැටිස්ටා පාලනයෙන් මුදවා ගැනීමට චේ දුන් අපරිමේය සහයට ඔහුට කියුබානු නව රජයේ විවිධ අමාත්‍ය දූර හිමි විය.මුදල් අමාත්‍ය දූරය ,කර්මාන්ත සංවර්ධන අමාත්‍ය දූරය, වැනි දූර ඔහු දැරුවේය.එසේම කියුබානු පුරවැසි බාවයද ලැබුනේය.

ඔහු තුල වූ සැබෑ විප්ලවීය අදහස් නිසාම ගොඩනැගිලි මංමාවත් ආදිය තැනීමට කායික ශ්‍රමය පවා යෙදවීය.දහස් ගණන් කියුබානු ජනයා ඔහුට ආදරය කරන්නේ එබැවිනි.

1965දී චේ හදිස්සියේම අතුරුදහන් විය.ඔහු ගැන කිසි තොරතුරක් සොයාගත නොහැකිවිය.ෆිදෙල්ගේ නව රජය අත හැර තම බිරිදත් දරුවනුත් අත හැර සැගිවීය.කොහේද ඔහු ගියේ?

මේ කාලයේදී බොලෙවියාවේද විප්ලවයක් ඇති වෙමින් පවතුණි.අති දක්ශ ගරිල්ලා සටන් ශිල්පියෙක් වූ චේ සැගවී යන්නේ බොලෙවියානු විප්ලවයට සහාය දැක්වීමටයි.බොලෙවියාවට චේ ඇතුල් වන්නේ රමොන් නමින් වෛද්‍යවරයෙනු ලෙසයි.ඔහු බොලෙවියානු විප්ලවයට සම්බන්ධ වී ගරිල්ලා සටන් ආරම්භ කළහ.

වර්ෂ 1967 ඔක්තෝම්බර් 8දින මුලු ලෝකයාගේම අවධාන යොමු වූ දිනක් බවට පත් වූයේ චේ ගේ මූලිකත්වයෙන් ගෙන ගිය ගරිල්ලා සටන් අසාර්ථක වීම නිසාය.ඒ පමණක් නොව එදින චේ ටත් අවාසනාවන්තම, අවසන් දිනයම විය.

එදින යුරෝ දුර්ගයෙදි චේ ගේ ගරිල්ලා කණ්ඩායම හා බොලෙවියානු හමුදා අතර දරුණු සටන් පැවතුණි.එහිදි අවාසනාවන්ත ලෙස  වෙඩි පහරකට ලක් වන චේ ගුවෙරා බොලෙවියානු හමුදා විසින් යටත් කරගත්හ.පසුදින එනම් 1967 ඔක්තෝම්බර් 9දින බොලෙවියාවේ ලා හිගුවෙරා වේ අබලන් වූ පාසැල් ගොඩනැගිල්ලක් තුලට චේ රැගෙන ආවේ වෙඩි තබා මරා දැමීමටයි.

 එවිට ඔහුගේ මුවින් පිට වූ වදන් කිහිපයක් ද මෙහි පළ කරමි.

නුදුරු අනාගතයේම ජයග්‍රාහි විප්ලවයක් අමෙරිකාවෙන් පැන නගින බව ෆිදෙල්ට කියන්න.

මගේ බිරිදටත් දරුවන්ටත් සතුටින් ජීවත් වන්න කියන්න.බිරිදට නැවත විවාහයක් කරගන්න කියන්න.

මං කැමති නෑ මෙහෙම මැරෙන්න.හොදට බඩ පිරිලා තියෙද්දි මැරෙන්නයි මං කැමතියි.

ඔහේලා මට වෙඩි තියන්න යන බවත් මං දන්නවා.මගේ අතින් වූ එකම වැරැද්ද පණ පිටින් උබලගේ අතට අහු වුන එක.
දැන ගනිල්ලා උබලා මේ යන්නේ මිනිහෙක් මරන්න කියලා.

පසුව ඒ උතුම් මානව හිතවාදීයාගේ ජීවිකාව නිමා කරන්නට ඇමෙරිකානු හමුදාවන් ගේ සහාය ඇතිව කටයුතු කළහ.ඒ වන විට චේට වයස අවුරුදු 39කි.


චේ ගුවෙරා සංවේදිය.මිනිසුන්ගේ අසරණකම වෙනුවෙන් කැප කරන්නට හැකි සියලු දේ කැප කරයි.අවසන තම ජීවිතයද කැප කලේ ඒ උතුම් මානව හිතවාදීත්වය නිසාය.

ක්ෂේත්‍ර ගණනාවකින් ඔහු දස්කම් පෑහ.විටෙක ඔහු වෛද්‍යවරයෙකි.විටෙක දේශගවේශකයෙකි.තවත් විටෙක රාජ්‍ය තාන්ත්‍රිකයෙකි.තව විටෙක ලේඛකයෙකි.තවත් විටෙක ගරිල්ලා සටන් ශිල්පියෙකි.තවත් විටෙක උතුම් මානව ගුණධර්ම රැදී අපූර්වතම චරිතයකි.

වරෙක ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත.

"යටත්විජිතවාදීන්ට විරුද්ධව අපි තියනු ලබන සියලු අඩිතාලම් ඔවුන්ට විරුද්ධව මතුවන සටනේ රණ බෙර හඩ වෙනවා.මේ සටන මුලු මහත් මිනිසාගේ විශාලතම සතුරාට එරෙහිව හටගන්නා එකගතාවයට ගෞරව කරීමට ගායනා කරන යුධ ගීතය.මෙයින් අපි මරණය නිසා පරාජය වුවහොත් අපෙන් ගිලිහෙන අවි නැවත අත් කර ගැනීමට තවත් පිරිසක් අනාගතයේ බිහි වේවි. "

පරණ බ්ොග් එෝස්ට් එකක්

31 comments:

  1. මේ පෝස්ට් එකයි අනිත් ඒවායි අතර මට ලොකු වෙනසක් නෑ. තව විස්තර තිබ්බනම් ගොඩක් අගෙයි. මෙතන සාරාංශගත කරුණු විස්තර කරන්න.

    ReplyDelete
    Replies
    1. මං ඉතින් අවශ්‍යම යැයි හගෙන කරුණු ටිකක් තමයි දැම්මේ.ඕන තරම් කරුණු තිබ්බට මට දැණුන විදිහට ඒවා එතරම් වැදගත් නෑ වගේ.ඊලග පෝස්ට් වල ඉදන් සාරාංශගත කරුණු දාන්නම්.

      ස්තූතියි කමෙන්ට් එකට !

      Delete
    2. නමුත් ඔබේ රචනා විලාශය එක්ක ගොඩක් කරුණු කියවන්න තිබ්බා අමාරු නැතුවම. ඒ හින්දයි මම එහෙම කිව්වේ. බොහොම ස්තුතියි.

      Delete
    3. ක්සැන්ඩර් අයියා කියන්නා වගේ වැඩිය ප්‍රසිද්ධ නැති කරුණු ටික දෙන්න පුලුවන් නම් ගොඩාක් වටිනවා..

      Delete
    4. මේක මං ලොඩක් කල් වෙනවා ලියලා.පරණ බ්ලොග් තිබ්බ එක් එහෙම්ම දැම්මේ.පුළුවන් උනොත් දීර්ග ලිපියක් වඩාත් විස්තර ඇතිව දාන්නම්.

      Delete
  2. හොඳ පෝස්ටුවක්...

    චේ ව මරපු සොල්දාදුවෝ ඒ චේ යැයි දැනහිටියේ නෑ කියලයි මම අහලා තියෙන්නෙ.. අනික ඒ කරපු මෙහෙයුමත් චේව අල්ලන්න කරපු එකක් නෙමේලු... අහම්බෙන්ලු චේ ඇතුලු පිරිස හමුදාවට කොටු වෙන්නෙ..

    ලංකාවෙ විජේවීරත් ආදර්ශයට ගත්තෙ චේ ව නේද? හැබැයි මම නම් විජේවීර වීරයෙක් හැටියට දකින්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ සොල්දාදුවෝ දන්නේ නැතිවමලු චේ මැරුවේ.ඒහෙම තමයි කියන්නේ නම්.
      මටත් විජේවීර වීරයෙක් විදිහට පේන්නේ නෑ.

      ස්තූතියි කමෙන්ට් එකට!

      Delete
    2. මේ පෝස්ට් එක දැකපු දවසේ මට මේකට රිප්ලයි කරන්න අමතක වුනා. චේ අල්ලගත්තු වෙලාවේ සොල්දාදුවෝ ඔහුව මැරුවේ ඔහු කව්ද කියල නොදැනගෙන නෙවෙයි. එහෙම කියන්නට හේතුව මොකක්ද? මූලාශ්‍රය මොකක්ද? පැහැදිලි කරනවාද? මොකද මම කියවලා තියෙන විදියට නම් ඔවුන් අල්ලාගත්තේ චේ බව එතන උන්න අය දැනගෙන හිටියා. ඔහුව පන පිටින් තියාගැනීම ප්‍රශ්නයක් නිසා තමයි මරල දැම්මේ.......

      Delete
    3. ඕකට මූලාශ්‍රයක් දෙන්න මට බෑ.මොකද මටත් කිව්වේ අපේ තාත්තා.නමුත් ඇත්ත තමා ඔයා කිව්ව එක.ඒකනේ මං පෝස්ට් එකේ දැම්මේ ඔවුන් දැනුවත්වම චේ අල්ල ගත්තා කියලා.උඩ කමෙන්ට් එකේ කියල තියෙන්නේ මටත් ඇහිච්ච දෙයක්.පොස්ට් එකට දාලා නෑ මං.

      Delete
    4. එහෙනම් කාරියක් නෑ :-)

      Delete
  3. මම කලින් බ්ලොග් එකේ මේ ලිපිය කියෙව්වා. හොඳ සාරාංශයක් තියෙනවා.

    "පිදෙල් කස්ත්‍රෝ" ලිපියට තිබුන ලින්ක් එක එහෙමම තියෙනවා. ඒක අයින් කරන්න...... අලුත්ම ලිපියක් එනකල් අපි බලාගෙන ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. ආ...හොදයි මතක් කරපු එක.ස්තූතිය අයියා...

      Delete
  4. ඔන්න මලේ මාත් ආවා.... ඉතින් මේ ගැන නම් වැඩි යමක් දන්නේ නෑ... අන්තිමට කියපු වැකි ටික නම් හරි අගෙයි... පින්තුර ටිකත් ලස්සනයි... වැඩේ කියන්නේ දැන් මට නිදි මතයි (සොලී ඈ...)

    ReplyDelete
    Replies
    1. හොදයි හොදයි එහෙනම් බයිය ගන්න.ස්තූතියි ආවට අක්කා !

      Delete
  5. වැදගත් විස්තරයක්.. මේවගේ හොඳ ලිපි ඉදිරියටත් ලියන්න ශක්තිය පතනවා ඔබට!!! ජයවේවා!!!!

    ReplyDelete
  6. චේ ගැන හොඳ සටහනක් වගේ ම පින්තූරත් දැක්ක නැති ඒවා තියෙනවා. ජීවත්වෙලා හිටිය චේ ට වඩා මියගියා ම ඉතා බලවත් වගෙයි, බොහෝදෙනෙකුට විකුණාගන්න රසවත් ආහාරයක් වෙලා තියෙනවා.

    …මගේ අදහස නම් // අපි හොදින් දන්නා ලොව සොදුරුතම මිනිසා, තරුණයින්ගේ අසහාය වීරයා, අසරණයින්ට සරණ වූ අති ශ්‍රේෂ්ට උතුම් මානව හිතවාදියා, සුපිරිතම විප්ලව වාදියා බුදුරජාණන් වහන්සේ කියලයි...

    ReplyDelete
    Replies
    1. ඔව් චේ ඇත්තටම විකුණන් කන වෙළෙද භාණ්ඩයක් තමා.

      මගේ අදහසත් ඔබේ අදහසම තමා.බුදුන් වහන්සෙයි චේ අතරයි ලොකු වෙනසක් තියෙනවාන වනේ.ලොව ශ්‍රේෂ්ටතම විද්‍යාඥයාත් බුදුන් වහන්සේ තමා.

      ස්තූතියි කමෙන්ට් කලාට !

      Delete
  7. දන්නා කෙනෙක් ගැන නොදන්නා බොහෝ දේ දැන ගන්න ලැබුනා..

    ජය!!!

    ReplyDelete
  8. චේ මාත් ආස චරිතයක් අයියා!!

    ReplyDelete
  9. ඔයාගේ බ්ලොග් එක නියමයි

    ReplyDelete
  10. චේ ගුවේරා... මන් ඒ වගේ චරිත ගැන කියවන්න ආසයි.. ඒ චරිත වලින් ඉගෙන ගන්න පුළුවන් පාඩම් තියෙනවා මහ හුඟක්.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. හ්ම්... මගේ කලින් එකේ නම් ගොඩක් තිබ්බා.ඒවා ආයෙත් ලියන් බෑ.ස්තූතියි ආවට !

      Delete
  11. මතකද මම ඔයාට කිව්වා (කලින් බ්ලොග් ඒක තියෙන කාලේ) චේ ගැන මම අලුත් ලිපියක් ලියන්න ඉන්නවා කියලා. එයාගේ මරණෙ 45 වන සංවත්සරයට කලින් ඒක ඉවර කරන්න ඉන්නේ. මම ඉඳ හිට මේ ලිපිය ඇවිත් බලනවා ඒක ලියන්න මූඩ් එකට එන්න ඕන වුනාම. :-)

    ReplyDelete
  12. නියම පෝස්ට් එක මචෝ...
    එලම එල
    මචං පුළුවන්නම් චේගෙයි,විජේවීරගෙයි සම්බන්දෙ මොකක්ද කියනවද

    ReplyDelete
    Replies
    1. මං දන්න විදිහට නම් ඒ දෙන්නා අතර කිසිම සම්බන්ධයක් නෑ.විජේවීර වීරයෙක් වෙන්න හැදුවා චේ වගේ.මිනිස්සුත් ඉතින් චේ ගුවේරා කාරයෝ කියලා විජේවීරගේ පාර්ශවයට නම් පැටබැන්දා.ඇත්තටම මිනිස්සු දැනගෙන හිටියේ නෑ චේ කියන්නේ කවුද,මොනවද කලේ කියලවත්.

      විජේවීරගේ සමාජවාදය හෝ කොමියුනිස්ට්වාදය මහා බොරුවක් වගේ මට පේන්නේ.

      Delete
  13. niyama post eka machan.elama ela
    macho puluwannam kiyanawada chegei'vijeyweeragei thiyena sambnde''

    ReplyDelete
  14. චේ ගරිල්ලා සටන් මෙහෙයවපු නායකයෙක් විදියට, එල් ටී ටී ඊ නායක පිරපාහරන් වගේ යුද ආචාර දර්ම වලට පටහනි විදිහට මිනිසුන් හා දේපල විනාශවෙන්න මෙහෙයුම් නොකරා වෙන්න බෑ නේද?? මට හිතුන දෙයක්

    ReplyDelete
    Replies
    1. ow.onama satanakadi e wage hani wwnawa.yudha achara dharma wenama thiyenwa.sitha mathama ewa violate karanwa

      Delete