Pages

Sunday, September 9, 2012

අවසර

බ්ලොග් ලෝකයට මං අළුත් බ්ලොග් එකක් ගේනවා.මං ඉස්සෙල්ලාම බ්ලොග් ලියන්න ගත්තේ මේ අවුරුද්දේ(2012) ජනවාරි මාසයේ.ඒ බ්ලොග් එක හදිසියේම remove වෙලා.නැවත ලබා ගන්න උත්සාහ කලත් හරි ගියේ නෑ.මං හිතන්නේ blogger කාරයාම අයින් කරාද දන්නේ නෑ.ඒත් ස්පෑම් වෙලා තිබුනෙත් නෑ.මං හිතුවේ මගේ අතින් delete උනා කියලා.එහෙනම් ආපහු ගන්න පුළුවන්නේ.නමුත් ඒක ගන්න බෑ.මේ ගැන හොයද්දි මට හිත හදා ගන්න පුළුවන් ක්‍රමයක් හම්බ වුනේ නෑ.මට එපා වුනා, ආපහු මුල ඉදලා එකක් ලියන්න.


ඒත් පස්සේ මට හිතුනා ගිය දේ ගියාවේ කියලා තව එකක් ලියන්න.ඉතින් ඒකට මාව දිරිමත් කලේ chamara sumanapala සහෝදරයා.තෝමස් කාර්ලයිල්ගේ "ප්‍රංශ විප්ලවයේ ඉතිහාසය" පොතට උන දේ දන්නවාද? ඒ අත්පිටපත නොවැදගත් කියල හිතලා සේවිකාවක් කුණු ගොඩට දාල පිච්චුවා. කාර්ලයිල්, ඒ අත් පිටපත ආයේ ලිව්වා. පලවෙනි එකට වැඩිය ඉක්මනට සහ වඩා හොඳට එයා එක ආයේ ලිව්වා....
කියලා කියද්දි මට ඉතින් පොඩි කික් එකක් ඇවිත් අළුත් එකක් ලියනවා.
මගේ කලින් බ්ලොග් එකේ තිබ්බ අඩුපාවු පවා පෙන්වලා දුන්නේ එයා තමා.ඔහුට මං බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.


ඒ බ්ලොග් එකේ යම් යම් දෝශ තිබ්බ නිසා එක්කෝ ඕන නෑ කියලත් හිතෙනවා.කොහොම උනත් මේක මං ලියන්නේ පරණ එකට වඩා වෙනස් විදිහකට.බොහෝම සරලව ලියනවා. කලින් එකේ තිබ්බ සියළු දෝෂ මෙහිදි ඉවත් කරලා ලියන්න හිතාගෙන ඉන්නේ.ඒත් ඒ පෝස්ට් ආපහු ලියන්න නම් මට බෑ.කම්මැලියි. අනික ෆේස්බුක් පේජ් එකත් අනිත් පැත්ත ගහලා ගත්තා.ඒක හදන්නත් කම්මැලියි වගේ.

මං කරුණාවෙන් ඉල්ලනවා මට කලින් වගේ ඔබේ සහයෝගය දෙන්න කියලා.මං බලාපොරොත්තු වෙනවා ඒක ඔබෙන්.

ඇත්තටම මට බ්ලොග් ලෝකය ගැන තියෙන්නේ බොහෝම කළකිරීමක්.මොකද දකින හුගක් බ්ලොග් වල තියෙන්නෙම ලව් කතා,බුට් තියපුවා වගේ ඒවා.ඉතින් මේවා මොකටද? අනේ මන්දා.ඒවට මොකුත් කියන්නත් බෑ.මොකද ඒක එයාලගේ අයිතියනේ.හැබැයි ඒවට තමා වැඩියෙන්ම කට්ටිය කමෙන්ට්ස් කරන්නෙත්.තව එකක්, මේ මෙලෝ රහක් නැති බ්ලොග්  අතර ගුණාත්මක බ්ලොග් දෙක තුනකුත් දැක්කා.

කොහොම උනත් හොද බ්ලොග් ලිය වේවා ! කියලා අපි පතමු.පරණ බ්ලොග් එකේ ලිපි දෙකක් තිබ්බා note pad එකේ save වෙලා.ඒවත් දාලා වෙනස්ම විදිහට ලියන්නයි ඉන්නේ.ලස්සන බ්ලොග් තීම් ඕන නෑ කියලා හිතුනා.පෝස්ට් ටික හොදයි නම් එච්චරයිනේ.

ලියන්න ඉන්නේ දේශපාලනික දේවල් අපේ රටේ හා විදේශ වල.ඒ වගේම වෙනත් වෙනත් මට හිතෙන හා යමෙකුට දැනුමක් ලබා ගත හැකි දේවල්. අනික දවසකට එකක් හෝ සතියකට එකක් ගානේ ලිපයක් ලියලා පල කරන්න බෑ.මොකද  ආදර කතාවක්වත්,බූට් තියපු එකක්වත් නෙමෙයි ලියන්න ඉන්නේ.ඉතින් කරුණු හොයලා විශ්වාසවන්තව ලියන්න ඕනිනේ.කලින් එක වගේ හිතුමතයට ලියන්නත් බෑ.කොහොම උනත් මං නිතරම internet ඉන්න නිසා හැකි හැම වෙලාවකම ලිපි ලියන්න උත්සාහ ගන්නවා.ඉතින් මට ඒකට ඕනි ඔබ් ආශිර්වාදය, ඔබේ සහයෝගය !

ජය !



25 comments:

  1. හරි මල්ලි අලුතින් පටන්ගනිමු. මම ඉන්නවා ඔයත් එක්ක.ජයවේවා

    ReplyDelete
  2. නියමයි!වර්ඩ් වෙරිෆිකේෂන් ඉවත් කරන්න.
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ආ.. මං අයින් කරන්නම්.අමතක උනා.
      ස්තූතියි !

      Delete
  3. කලින් වගේමයි මේ සඳහාත් මගේ පූර්ණ සහයෝගය....

    හොඳින් කටයුතු කරගන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා :)

    ReplyDelete
  4. ඔහොම යමු සහෝදරයා... ලංකාවෙත් තෝමස් කාර්ලයිල්ලා ඉන්න බව පෙන්නමු... ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. එල එල..ස්තූතියි.මාව දිරිමත් කලාට විශේෂ ස්තූතියක් ඔබට..

      Delete
  5. නියමයි සහෝදරයා දිගටම ලියමු! ජය!

    ReplyDelete
  6. ජය. දිගටම ලියමු. අත අරින්න එපා. ඕවා ඔය බ්ලොග් ලියන එක නතර කරන්න කරන විජාතික බලවේග. මොකද අපි බ්ලොග් ලියන්නේ සුද්ද සිංහලෙන්නේ. ඒකට කඩ්ඩ දන්න සුද්දෝ කැමති නෑ. උන්ට කියවන්න බෑනේ. අනික කොටි හස්ත ඕක පිටි පස්සෙ ඉන්නත් පුලුවන් මොකද උන්ටත් සිංහල බෑනේ. ඒක නිසා ඔය විජාතීය අධිරාජ්‍යවාධී කුමන්ත්‍රන පරාජය කරන්නත් එක්ක අපි දිගටම ලියමු.... ජය. ඕකම දවසක් චන්දනටත් වෙලා තිබුනා. එයාගෙන් අහන්න සමහර විට එයා දන්නව එති ඔය කුමන්ත්‍රනේ පරද්දලා පරන බ්ලොග් එක ආපහු ගන්න හැටි.

    ReplyDelete
    Replies
    1. මං එයාගෙන් අහන්නම්.

      මටත් හිතුනා මේකත් අධිරාජ්‍යවාදි කුමණ්ත්‍රණයක් කියලා.හි හි..

      Delete
  7. අලුත් පෙනුම හොඳයි. තීම් ඒකත් සරලයි පැහැදිලියි. ලියන්න අපි අනිවා එනවා කියවන්න.

    මගේ බ්ලොග් එකටත් උනේ ඔය ටිකම තමයි. ඔය බැකප් තියා ගත්තේ නැද්ද.design> setting>other setting> export යන්න. එතනින් අපේ බ්ලොග් එකේ බැකප් එකක් අපිට අරන් තියා ගන්න පුළුවන්. මම නම් දැන් මේක දවස් 3 කට වගේ සැරයක් කරනවා. කලින් එකෙ එහෙම ගත්ත නම් ඔය උඩ කියපු තැන තියන එක්ස්පෝර්ට් කියන එක දීල ආපහු ලිපි ටික ගන්න පුළුවන්.

    මේකත් හරියන්නේ ඉතිං dashboard යන්න දෙනවා නම් විතරයි. නැත්නම් පරණ බ්ලොග් dashboard ගියාම ඔයා අතින් ඩිලීට් උනා නම් තියනවා deleted blog කියල ඔප්ෂන් එකක්. ඒක ක්ලික් කලාම එන undelete දීලා ආයේ බ්ලොග් ඒක ගන්නත් පුළුවන්.

    මගේ නම් එහෙම පෙන්නුවේ නෑ. පස්සේ මම පරණ address එකටම ආයේ අලුත් එකක් හදන්න ට්‍රයි කලා. ඒක හදන්න දුන්නෙත් නෑ.
    ඉතිං ඒක අකුරක් වෙනස් කරලා අලුත් බ්ලොග් එකක් හදලා මගේ බැකප් ටික එකට අප්ලෝඩ් කලා. එහෙම කරලා ආයේ dashboard ගිහින් බලපුවම පරණ බ්ලොග් ඒකත් වැඩ. තව එකක් බ්ලොගර් වලින් අයින් කලොත් නම් සමහර විට හෙයින් කරන්න හේතුව දන්වලා ඊ මේල් එකක් එවනවා ලු. මට නම් ආවේ නෑ.
    http://%20www.google.com/webmasters/tools/home?hl=en

    මේ ලින්ක් එකෙන් සපෝට් එකක් ගන්න පුලුවන්ද බලන්න. http://geek.lk/

    මෙතනිනුත් තාක්ෂණික ගැටළු වලට උදව්වක් ගන්න පුළුවන්.

    කොහොම උනත් යාළුවා අලුත් බ්ලොග් එකේ බැකප් තියා ගන්න නිතරම.තව මොනවා හරි හොයා ගත්තොත් මේ ගැන මම කමෙන්ටුවක් දාන්නම් මෙතනට.

    ජයවේවා!!!!

    ReplyDelete
    Replies
    1. ඔයාට වෙච්චි දේම තමා මටත් වෙලා තියෙන්නේ.මං ට්‍රයි එකක් දෙන්නම්.ස්තූතියි !

      Delete
  8. පළමුව සුභ පතනවා. දිගටම ලියන්න...

    ජය වේවා !!!

    ReplyDelete
  9. මමත් සුබ පතනවා...දේශපාලනය නම් ටිකක් අකමැති මාතෘකාවක් :) බලමුකෝ...

    ReplyDelete
  10. සැලෙන්න එපා. ලියමු දිගටම...!

    ReplyDelete
  11. අනිවා මම දිගටම එනවා. මගේ වසමේ තියෙන බ්ලොගයක් මම මගහරින්නේ නෑ. දිගටම ලියන්න

    ReplyDelete
  12. අයියෝ..මම මේක අදනේ දැක්කේ.. ඔයා අලුත් බ්ලොග් එකක් පටන් අරන් නේ..
    කමක් නැ සහෝ.. අපි වැටෙන්න වැටෙන්න නැඟිටින්න ඕනේ..ඒකට තමා ජිවීතේ කියන්නේ..ජිවිතේ බොක්සින් තරඟයකට සමාන කරන්නේ ඒ නිසානේ.. අපි පරදින්නේ වැටුනාම නෙවෙයි..ආයේ නැඟිට්ටේ නැත්නම්.. ඔයාගේ බ්ලොග් එක මම ආශාවෙන් බලන එකක්. ගොඩාක් ලිපි වැදගත් කරුණු රාශියක් කියාදෙන බ්ලොග් පිටුවක්.. දිගටම ලියන්න..
    ජය වේවා...

    ReplyDelete
  13. ඔන්න මමත් ආවා මේ පැත්තට... බොහෝ සාරවත් ලිපි ලියන්නට ධෛර්යය ලැබේවායි පතනවා :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ස්තූතියි !දිගටම එන්න එහෙනම්

      Delete